චරිත කථා
චරිත කථා ලිවීමේ කලාව ඉතා ඈත අතීතයකට හිමිකම් කියනු ලබයි. පුරාණ බැබිලෝනියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව වැනි ස්ථානයන්හි හමුවු විවිධ චරිත කථා ඊට සාක්‍ෂි වේ. ගලින් සහ මැටියෙන් කරන ලද පුවරු මත එකල මෙම චරිත කථා ලියන ලදී. එහෙත් පුරාණ ගල් ගුහා වල අඳින ලද සිතුවම් ලෝකයේ චරිත කථාවන්හි ආරම්භය ලෙස සැලකේ. මෙම සිතුවම් වල එකල මානවයා ජීවත්වු සමාජයේ සිටි විවිධ ජයග‍්‍රහණයන් ලද (දඩයමින් පවා) පුද්ගලයින් පිළිබඳව ඇඳ ඇත්තේය. මේවා චරිත කථාවන්හි මුලාරම්භය ලෙස සලකනුයේ එබැවිනි.
අද භාවිතා වන චරිත කථා රචනා කිරීමේ සම්ප‍්‍රදාය ආරම්භ වුයේ ග්‍රීක සංස්කෘතියක් සමඟය. බ‍්‍රයෝග‍්‍රෆ නම් චරිත කථා සඳහා යෙදෙන වචනය ප‍්‍රථම වරට දැකගත හැකිවුයේ එවකට ලියවුණු ‘ඩැමකියස් ’ ලයිෆ් ඔෆ් ඉසෝඩොරස් නම් කෘතියේදීය. ඊට පෙරදී චරිත කථා හැඳින්වුයේ ‘ලයිව්ස් ’ යන නාමයෙනි. පර්සියානු රජවරුන්ගේ ජීවිත අලලා ලියන ලද කථාද චරිත කතා රචනා කිරීමේ කලාවේ වැදගත් තැනක් උසුලයි. එමෙන්ම ‘ඇගෙසිලා ඕස් ’ නම් චරිත කතාද ඉතිහාසය තුළ දක්නට ලැබෙන වැදගත් චරිත කථාවන් වේ.
සමහර චරිත කථාවන් හිදී තමා සාකච්ඡවට බඳුන් කරන චරිත අතිශෝක්තියෙන් වර්ණනා කිරීමත් දැකිය හැකි අතර සමහර ඒවායේ ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවී ඇත. ප්ලූටාච් විසින් ලියන ලද ‘ පැරලල් ලයිව්ස් ’ නම් කෘතිය එවැනි ආදර්ශයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ලියවුණු චරිත කතා එකතුවකි.
රචකයා විසින් කතානායකයාගේ චරිතය වඩාත් ඉස්මතු කිරීමේ රචනා කලාවක් චරිත කතා ලිවීමේදී උපයෝගී කොට ගත්තද එම චරිතය පිළිබඳ හැදෑරීම සඳහා පාඨකයාට එය බාධවක් නොවන අතර එම චරිතයට අදාල බොහෝ කරුණු රැසක් එම කතා කියවීමෙන් අනාවරණය කොට ගත හැක.
සටහන්
සංස්කරණය| [1] |}