චන්ද්‍ර භූ විද්‍යාව

චන්ද්‍ර භූ විද්‍යාව (සෙලිනොජි - චන්ද්‍ර විද්‍යාව) පෘථිවි භූ විද්‍යාවට වඩා හාත්පසින්ම වෙනස්ය. චන්ද්‍රයා තුළ නිශ්චිත වායුගෝලයක් හා ජලයේ ඌනතාවයක් ඇත.

එහි ගුරුත්වාකර්ෂණය අඩුය. ප්‍රමාණයෙන් කුඩා නිසා සීඝ්‍රයෙන් සිසිල්වේ. ඝට්ඨන ආගාධ හා ගිනිකඳුවල සංයෝජනයෙන් සඳමතු පිට සංකිර්ණ භූගර්භයක් නිර්මාණය වී ඇත. කබොල්ලක් ප්‍රාවරණයක්, හරයක් සහිත සඳ විකිරණය වු වස්තුවකි.

චන්ද්‍රයා මත භූගෝලීය අධ්‍යයන පදනම්ව ඇත්තේ පෘථිවි ස්ථාවර දුරේක්ෂ නිරීක්ෂණ කක්ෂගත වු අභ්‍යවකාශයානා මිනුම්, චන්ද්‍ර සාම්පල හා භූ භෞතික විද්‍යාත්මක දත්ත මතය. 1960 දශකයේ අගභාගයේ හා 1970 දශකයේ මුල්භාගයේ ඇපලෝ චාරිකා වලින් මෙන්ම සොවියට් චන්ද්‍ර වැඩ පිළිවෙලින් ස්ථාන කිහිපයක සාම්පල ලබා ගැනුණි. ඇපලෝ මෙහෙයුම් වලදී චන්ද්‍ර පාෂාණ කිලෝ 385 ක් පෘථිවියට ගෙනාවේය. හඳුනන භූගෝලීය සංයුතියක් සහිත සාම්පල ලැබුණු එකම පිටසක් වල වස්තුව චන්ද්‍රයායි. ඉතා කුඩා ප්‍රමාණයක් වු චන්ද්‍ර උල්කාශ්ම , ඒවායේ ප්‍රභව ආවාටය නොදත්තද පෘථිවියේදී හදුනාගෙන අධ්‍යයනය කෙරිණි. සඳමතුපිට සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ගවේෂණය කර නොමැති අතර භූ විද්‍යාත්මක ගැටළු රාශියක් තවමත් නිරාකරණය කරගැනීමට ඉතිරි වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_භූ_විද්‍යාව&oldid=472082" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි