ඝාතනය කෙරුණු කවියන්ගේ රාත්‍රිය

ඝාතනය කෙරුණු කවියන්ගේ රාත්‍රිය යනු, 1952, අගෝස්තු 12 දිනදී, සෝවියට් සංගමයෙහි, මොස්කව්හී, ලුබියන්කා සිර ගෙදරදී සෝවියට් යුදෙව්වන් දහතුන්දෙනෙක් මරා දැමීමයි. [1] අත්අඩංගුවට ගැනීම් මුලින්ම සිදු වූයේ 1948 සැප්තැම්බර් සහ 1949 ජූනි මාස වලදීය. සියළු විත්තිකරුවෝ, චරපුරුෂ කාර්යය සහ රාජ ද්‍රෝහිත්වය මෙන්ම වෙනත් බොහෝ අපරාධ සිදු කළැයි ව්‍යාජ ලෙසින් චෝදනාවන්ට පාත්‍රව සිටියහ. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, වසර තුනක් තිස්සේ, වධහිංසාවට පත් කොට, තලා පෙළා, සහ එකලී කොට ඉන්පසුව විධිමත් ලෙසින් චෝදනා වලට ලක් කරනු ලැබූහ. චූදිතයන් අතර යිඩ්ෂ් ලේඛකයන් පස් දෙනෙක් සිටි අතර, ඔවුන් සියළු දෙන ෆැසිස්ට්-විරෝධි යුදෙව් කාරක සභාවේ සාමාජිකයෝ වූහ.


සටහන් සංස්කරණය

  1. රූබන්ස්ටයින්, ජොෂුවා, "ඉන්ට්‍රඩක්ෂන්," ඉන් ස්ටැලින්ස් සීක්‍රට් ප්‍රෝග්‍රම්, සංස්. ජෝෂුවා රූබන්ස්ටයින් සහ ව්ලැඩ්මිර් නව්මූෆ් (නිව් හේවන්: යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලයය, 2001) 504