ඝර්ම කලාපිය වනාන්තර භාරය

ඝර්ම කලාපිය වනාන්තර භාරය, එක්සත් රාජධානියේ ලියාපදිංචි වි ඇති අයතනයකි. එය ලාභ ඉපයිම සදහා නොව තිරසාර වනාන්තර කළමණාකරනය සදහා පවතින ක්‍රියාකාරකම් මගින් දැව වෙළදාම සිදු කිරීම සදහා යොමු වී ඇත. ඝර්ම කලාපිය වනාන්තර භාරය, සැපයීමේ දාමයේ සියළු අවධිවල හවුල්කරුවන් සමග වැඩ කටයුතු කරයි. එනම් වනාන්තර සාදන්නන්ගෙන් ආරම්භ කර කර්මාන්ත සහ ලී මෝල් දක්වා, විකුණුම්කරුවන් දක්වා එනම් ඝර්ම කලාපීය දැව නිෂ්පාදන (ගෙවත්තේ තබන ලී බඩු) ගබඩා කර ගනිමින් අලෙවි කරන්නන් දක්වා මෙම භාරය සමිබන්ධ වී කටයුතු කරයි. ඝර්ම කලාපිය වනාන්තර භාරය තිරසාර වන විද්‍යාව දියුණු කරමින් ඝර්ම කලාපීය වනාන්තර වලට වටිනාකමක් දීමට උත්සහ ගනී. එහි දී ඔවුන් ඝර්ම කලාපීය වනාන්තර විවිධාකාර ප්‍රයෝජන සදහා හෙළි කරන ලද ඉඩම් ලෙස නොව සියළුම ක්‍රියා වලින් සිදුවන පරිසර පද්ධතියක් ලෙස වටිනාකමක් දීමට අවස්ථාවක් සොයයි.

ඝර්ම කලාපිය වනාන්තර භාරයට එක්සත් ජනපදය,ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය සහ ගාබෝන් යන රටවල් වල කාර්යාල පවති. ඝර්ම කලාපිය වනාන්තර භාරය පාලනය කරනු ලබන්නේ සාමාජිකයන්ගේ නියෝජිතයන් හා නිදහස් විශේෂඥයන්ගෙන් සංයුක්ත වූ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. ඝර්ම කලාපිය වනාන්තර භාරය විසින් වන භාරකාර මණ්ඩලය වනාන්තර නිසි පරිදි කළමණාකරනය කර ඇති බවට ඉහළ මට්ටමේ නිදහස් සහතික කිරීමක් ලබා දෙන මුල් පෙලේ ජාත්‍යන්තර වනාන්තර සහතික කිරීමේ යෝජනා ක්‍රමය සපයන ආයතනයක් ලෙස හදුනාගෙන ඇත. ඝර්ම කලාපිය වනාන්තර භාරය විසින් තම සාමාජිකයන්ට ඔවුන්ගේ සැපයීමේ දාමයන් කළමණාකරනයට හා පරීක්ෂා කිරීමට උදව් ලබා දෙන අතර සැපයීමේ දාමයන්ට ආධාර කරන වනාන්තර වලට වන භාරකාර මණ්ඩලය සහතිකය ලබා ගැනීමටද උදව් වේ. ඝර්ම කලාපිය වනාන්තර භාරය එහි සාමාජික ආයතන වලට ඔවුන්ගේ දැව ඔවුන්ට වර්තමානයේ කුමන ස්ථානවලින් ලබා දෙන්නේ දැයි දැන ගැනීමට මග පෙන්වයි. ඝර්ම කලාපිය වනාන්තර භාරය විසින් එහි සාමාජිකයන්ට අනාගතයේ ඔවුන්ට ලැඛෙන දැව ලැබිය යුත්තේ කුමන ස්ථාන වලින් දැයි තීරණය කරන නීති සෑදීමට සාමාජිකයන්ට උපකාර වේ. තව ද ඝර්ම කලාපිය වනාන්තර භාරය එහි සාමාජිකයන්ට හොද දැව සම්පත් හදුනා ගැනීමට උදවි ලබා දේ. එනම් ඔවුන්ගේ නිෂ්පාදන සදහා හෝ නිෂ්පාදනවලට හිගව පවතින දැව ලබා ගැනීමට අවශ්‍ය වන භාරකාර මණ්ඩලය සහතික ලද වනාන්තර හදුනා ගැනීමට, අස්ථීර තත්ත්වයේ පවතින දැව සම්පත් එනම් වන භාරකාර මණ්ඩලය සහතිකය ලබා ගැනීම සදහා ඝර්ම කලාපිය වනාන්තර භාරය සමග එක්ව දැඩි ලෙස පාලනය කරන ලද සහතික කිරීමේ ක්‍රියාකාරී යෝජනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින හෝ ක්‍රියාත්මක කිරීමට සූදානම් කරන ලද වනාන්තර හදුනා ගැනීමට ඝර්ම කලාපිය වනාන්තර භාරය උදව් වේ.