ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව

ඝන ද්‍රව්‍ය පිළිබඳයාන්ත්‍ර විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන්ගේ උපක්ෂත්‍රයක් වන අතර එහිදී බාහිර ක්‍රියා යටතේ ඝන පදාර්ථකය් හැසීරීම අධ්‍යනය කෙරේ. මෙහි සලකා බැලෙන බාහිර ක්‍රියා සඳහා බාහිර බල, උෂ්නත්ව විචලන, සහ සිදුකෙරෙන විස්ථාපන ආදිය උදාහරණවේ. සමම ක්ෂේත්‍රය සන්තත යාන්ත්‍ර විද්‍යාව නම් වඩාත් විශාල ක්ෂේත්‍රයට අයත් කොටසක් වේ.

නිදහසේ පවතින ඝන වස්තුවකට නිෂ්චිත හැඩයක් පවතින අතර ප්‍රත්‍යාබල හේතුවෙන් එහි හැඩය වෙස්වේ. මෙහිදී වස්තුවේ හැඩය එහි මුල් ස්වරූපයෙන් අපගමනය වීම විරූපනය ලෙස හැඳින්වේ. විරූපනය මුල් ප්‍රමාණයට දරණ අනුපාතය වික්‍රියාව නම් වේ. යොදනු ලබන ප්‍රත්‍යබලය ප්‍රමාණවත් තරම් අඩු අගයක් වේ නම් (නැතහොත් යොදනු ලබන වික්‍රියාව ප්‍රමාණවත් තරම් කුඩා වේ නම්) සිළුම ඝන ද්‍රව්‍ය පාහේ වික්‍රියාව යොදනු ලබනප්‍රත්‍යා බලයට සෘජුව සමානුපාතික වන පරිදි හැසිරේ. මෙම අවස්ථාවට අනුරූප සමානුපාතික නියතය ප්‍රත්‍යස්ථතා මාපාංකය හෙවත් යං මාපාංකය නම් වේ. තවද මෙම විරූපණ කලාපය රේඛීය ප්‍රත්‍යස්ථතා කලාපය ලෙස හැඳින්වේ.

ප්‍රධාන මාතෘකා

සංස්කරණය

ඝන ද්‍රව්‍ය ප්‍රත්‍යාබලයන්ට ප්‍රතිචාර දක්වන ආකාර පිළිබඳ සම්මත ආකෘති කිහිපයක් ඇත.

  1. ප්‍රත්‍යස්ථ - රේඛීය ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය රේඛීය ප්‍රත්‍යස්ථතා සමීකරණය මගින් විස්තර කල හැක. හුක් නියමයට අනුකූල වන දුන්නක් සාමාන්‍ය ප්‍රත්‍යස්ථ වස්තුවක ඒකමාන, රේඛීය ආකාරයවේ. අර්ථ දැක්වීම අනුව ප්‍රත්‍යාබලය ඉවත් කල විට වස්තුවේ ප්‍රථ්‍යස්ථ විරූපනය ඉවත්ව එය නැවත මුල් තත්වයට පත්වේ.
  2. දුස්ස්‍රාවී ප්‍රත්‍යාස්ථ - මෙම වර්ගයට අයත් වන්නේ පරිමන්දනයද දක්වන ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යවේ. මේවා මත බල යොදන විට හා බල ඉවත් කරන විට පරිමන්දනයට එරෙහිවද යම් කාර්යයක් කල යුතුය. මෙම කාර්යය ද්‍රව්‍යය තුලදී තාපය බවට පරිවර්තනය වේ. මේ හේතුවෙන් ප්‍රත්‍යා බල- වික්‍රියා වක්‍රයේ මන්දාගත පුඩුවක් හට ගනී.
  3. සුවිකාර්ය (ප්ලාස්ටික්) - ප්‍රත්‍යා බලය කිසියම් අගයක් (අවනති ප්‍රත්‍යා බලය) ඉක්මවූ විට ඊට ප්‍රතිචාර වශයෙන් ස්ථිරවම හැඩය වෙනස් කරගන්නා ද්‍රව්‍යවේ. පොදු ව්‍යවහාරයේ “ප්ලාස්ටික් “ ලෙස හැඳින්වෙන ද්‍රව්‍ය මෙම ගුණ දක්වන හෙයින් ඒවාට එම නම ලැබී ඇත. යෙදූ බලය ඉවත්කලද සුවිකාර්ය විරූපනය ඉවත් නොවේ. කෙසේ නමුත් අවනති අගය දක්වා වන ප්‍රත්‍යස්ථ විරූපනය සාමාන්‍යයෙන් ඉවත් වේ.

ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගිකව වඩාත් බහුලව භාවිතා වන අවස්ථාවක් ලෙස ඉයුලර් - බර්නූලි කදම්භ සමීකරණය හැඳින්විය හැක.

ප්‍රත්‍යාබල, වික්‍රියා සහ ඒවා අතර සම්බන්ධ විස්තර කිරීම සඳහා ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ආතානක බහුලව භාවිතාවේ.

සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ප්‍රත්‍ය බල හා වික්‍රියා අතර සම්බන්ධයන් රේඛීය ආකෘති ඇසුරින් දක්වනු ලැබේ (රේඛීය ප්‍රත්‍යස්ථතාව බලන්න). කෙසේ නමුත් තාත්වික පදාර්ථ/ද්‍රව්‍ය ‍ෙබාහෝ විට රේඛීය නොවන හැසිරීමක් පෙන්වයි.

ප්‍රත්‍යාබල, වික්‍රියා සහ ඒවා අතර සම්බන්ධය පිළිබඳ වඩාත් නිශ්චිත අර්ථ දැක්විම සඳහා “ද්‍රව්‍යවල දෘඩ බව“ නම් ලිපිය බලන්න.