ගවුසීය බැහැරීම

(ගෞසීය බැහැරීම වෙතින් යළි-යොමු කරන ලදි)

රේඛීය වීජ ගණිතයේදී, ගවුසීය බැහැරීම යනු රේඛීය සමීකරණ පද්ධතියක විසඳුම් සෙවීම, න්‍යාසයක තත්වය සෙවීම හා ප්‍රතිලෝමය ගණනය කිරිම වැනි කාර්ය කිරීමට භාවිතා කළ හැකි ඇල්ගොරිතමයකි. ගවුසීය බැහැරීම, ජර්මානු විද්‍යාඥ හා ගණිතඥ කාර්ල් ෆෙඩ්රික් ගවුස් වෙනුවෙන් නම් තබා ඇත.

ඇල්ගොරිතම පුර‍ාවට ප්‍රාථමික පේළි ක්‍රියාවලිය භාවිතා වේ. ඇල්ගොරිතමය කොටස් 2 කින් යුක්ත වේ. ඒ එක එකක් පිළියෙල කර ඇති න්‍යාසයක පේළි සලකා බලනු ලැබේ. පළමු වැන්න න්‍යාසය පේලි එවලුම් ආකාරයට අඩු කරනු ලැබේ. දෙවැන්න න්‍යාසය තව දුරටත්, අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයට අඩු කරනු ලැබේ. බොහෝමයක් යෙදීම් සඳහා පළමු කොටස පමණක් ප්‍රමාණවත් වේ.

මේ හා සම්බන්ධ නමුත් අඩු කාර්යක්ෂම ඇල්ගොරිතමයක් වන ගවුස් ජෝර්ඩන් ඉවත් කිරීම න්‍යාසය අවකරණය කරන ලද පේළි එවලුම් ආකාරයට එක් පියවරකින්ම පත් කරනු ලැබේ.


ඇල්ගොරිතමය පිළිබඳ සමාලෝචනය සංස්කරණය

ගවුසීය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ කොටස් දෙකකි. ප්‍රථම කොටස (ඉදිරි ඉවත් කිරීම්) දී ඇති පද්ධතියක් ත්‍රිකෝණාකාර හෝ එවලුම් ස්වභාවයකට අඩුකිරීම හෝ පිළිතුරු නැති පිරිහුණු සමීකරණයක් බවට හරවා පද්ධතියට විසදුම් නොමැති බව පෙන්වීම හෝ සිදු කරයි. මෙය මූලික පෙළ ක්‍රියාවලියක භාවිතයෙන් ඉටු කර ගනී. දෙවන පියවර ඉහත පද්ධතියේ විසදුම් සෙවීමට ප්‍රති ආදේශ කිරීම යොදා ගනු ලැබේ.

න්‍යාස සදහා ද ඒ හා සමානවම ප්‍රකාශයට පත් කර ඇත. පළමු කොටස න්‍යාසය සුගම පේළි ක්‍රියාවලියක් යොදා ගෙන පේළි එවලුම් ආකාරයන් දක්වා අඩු කරන අතර දෙවන කොටස එය අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයක් හෝ පේළි භෞත්‍රිකා ආකාරයන් දක්වා අඩු කරන අතර දෙවන කොටස එය අවකරණය කරන ලද පේලි එවලුම් ආකාරයක් හෝ පේලි සෞත්‍රිකා ආකාරයක් දක්වා අඩු කරයි.

ඇල්ගොරිතම විශ්ලේෂණයට ඉතා වැදගත් වන තවත් කරුණක් වන්නේ ගවුසීය ඉවත් කිරීම, න්‍යාස වියෝජනය ගණනය කිරීමයි. ගවුසීය ඉවත් කිරීමේදී භාවිත වන සුගම පේළි ක්‍රියාවලි තුන (ගුණන පේලි, හුවමාරු පේළි හා පේළි වල ගුණිත අනෙක් පේලි වලට එකතු කිරීම) වමෙහි ඇති ප්‍රතිවර්ථ කළ හැකි න්‍යාස සමග මුල් න්‍යාසය ගුණ කිරිම සිදු කරයි. ඇල්ගෝරිතමයේ ප්‍රථම කොටස LU වියෝජනය ගණනය කරන අතර දෙවන කොටස, ස්වාධීනව තීරණය කරන ලද යටිකුරු කළ හැකි න්‍යාසයක හා ස්වාධීනවතීරණය කරන ලද අවකරණය කරන ලද පේලි එවලුම් න්‍යාසයක ප්‍රතිඵලයක් ලෙස මුල් (Original) න්‍යාසය ලියනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගවුසීය_බැහැරීම&oldid=469972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි