ගෝඨාභය රජ
ගෝඨාභය රජු මිය යාමෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් වුයේ ඔහුගේ පුත් කාකවණ්ණතිස්ස හෙවත් කාවන්තිස්ස කුමරුය. එලාර රජු අනුරාධපුරය ආක්‍රමණය කරණු ලැබූ බව කියන්නේ කාවන්තිස්ස රජු රාජ්‍යයට පත්වී අවුරුද්දකට පමණ පසුවය. රුහුණු රටට අයත්ව පැවති යොම නුවර, සේරු නුවර, ලෝන නුවර යන ප්‍රදේශ තුන පිළිවලින් අභය, සිව හා මහා නාග යන ප්‍රාදේශීය පාලකයන් තිදෙනෙකු යටතේ පාලනය වූ බව ධාතුවංශයෙන් හෙලි වේ. ගෝඨාභය රජුගේ කාලයේ පටන්ම රුහුණ මුලුමුනින්ම පාහේ එක්සත්ව පැවතියද තම රාජ්‍යයට විරුද්ධව අනුරාධපුර එලාර රජුගෙන් එල්ලවිය හැකිව තිබූ තර්ජන පිළිබඳ කාවස්තිස්ස රජු මුලසිටම අවධානය යොමු කොට සිටි බව එවැනි තර්ජන ඇතිවුවහොත් එයට මුහුනදීම සඳහා රජු විසින් ආරක්ෂක විදිවිධාන සලසනු ලැබූ ආකාරය වංශකතාවල විස්තර කර ඇත. මහා වංශයේ සඳහන් වී ඇති පරිදි රජු මුලින්ම කලේ තමාගේ යුද හමුදාව තර කිරීම හා රුහුනේ දේශ සිමාව යුද හමුදාව ලවා ආරක්ෂා කිරීමයි. රජුගේ බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු බල වාහන සහිතව දිගා වැව ප්‍රදේශයේ ආරක්ෂාව සැපයීම සඳහා යවන ලද බවත් රජුගේ වෙනත් භිසවකගේ පුත්‍රයකු වූ දීඝභය නම් කුමරුකු මාගමේ කසාතොට රැකවලේ යෙදු බවත් වංශකතාවල සඳහන් වේ.
එළාර රජුගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් යුද්ධ කාලයේ දී ආහාර හිගය ඇතිවීම වැලැක්වීම සඳහා රජු ඊලඟට කලේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමයි. තමාගේ මරණයෙන් පසු තම සිංහාසනය සඳහා පුතුන් දෙදෙනා අතර සටන් ඇතිවීම වැලැක් වීම සඳහා සහ එම අවස්ථා මුල් කරගෙන එළාර රජු ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා හා හමුදාව ඉදිරියේ පුතුන් දෙදෙනා පොරොන්දු කරවීය. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු නොවීය. දුටුගැමුණු කුමාරයාට නම් තබන අවස්ථාවේදී රජතුමා විසින් එළාර රජු පලවා හැර රට එක්සත් කිරීමේ කාර්යභාරය තම වැඩිමහල් පුතු විසින් සිදුවේ යැයි ප්‍රාර්ථනාවක් කළ බව මහාවංශයේ සඳහන් වේ.
කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 45ක් පමණ වූ බව මහා වංශයේ සඳහන් වේ. ඔහු මියයන විට අවුරුදු 64ක් විය. මෙම අවධිය වන විට ආර්ථීක වශයෙන් පමණක් නොව ශාසනික වශයෙන් ද දියුණුකොට ඇත. මෙම රජු විසින් ඉදිකරනු ලැබූ වෙහෙර විහාර 64කි. මගම්තිස්ස විහාරය, ජාත පබ්බත විහාරය, රුහුනේ සිතුල්පවු විහාරය, ත්‍රිකුණාමලේ වෙල්ගම් වෙහෙර, සේරුවිල මංගල මහා චෛත්‍ය මින් සමහරකි. මෙම රජු විසින් කැළණි විහාරය පිළිසකර කල බව පූජාවලියේ සඳහන් වේ.