ගොඩමුන්න අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. [1]

ජනප්‍රවාද සංස්කරණය

ගොඩමුන්න අම්බලම හා බැඳි ජනප්‍රවාදයකට අනූව, දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙතට වැඩමවන අවස්ථාවේදී මෙම අම්බලමෙහි මොහොතක් තැන්පත් කොට තිබූ බව පැවසෙයි. එනම් දන්ත ධාතූන් වහන්සේ හඟුරන්කෙතට වැඩමවූ කාලයේදී පවා මෙම අම්බලම ඉදි කොට තිබී ඇත.[1]

තවත් ජනප්‍රවාදයකට අනූව ඉංග්‍රීසින් මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳි අවස්ථාවක ඔවුන් විසින් මෙම අම්බලම මස් මඩුවක් ලෙසට භාවිත කොට තිබේ. ඔවුන් විසින් එහිදී සිදු කල ක්‍රියාකාරකම් නිසා, අම්බලමේ කැටයම් වලට හානි සිද්ධ වූ බවද සඳහන් වෙයි.

ප්‍රතිසංස්කරණය සංස්කරණය

වර්ෂ 1967 සිට වර්ෂ 1968 පමණ දක්වා කාලය තුලදී මෙම අම්බලම පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් තහවුරු කරන ලද අතර, අම්බලමෙහි වූ දිරා ගිය පැරණි දැව වෙනුවට නව දැව යොදා ප්‍රතිසංස්කරණය කොට ඇත.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. "පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු". දිසි. 2011 මාර්තු 11. සම්ප්‍රවේශය 2014 ජුනි 4. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
  2. "ගොඩමුන්න අම්බලම". වටපිට වගතුග. 2010 අගෝස්තු 29. සම්ප්‍රවේශය 2014 ජුනි 4. {{cite web}}: |first= missing |last= (help); Check date values in: |accessdate= and |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ගොඩමුන්න_අම්බලම&oldid=423804" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි