ගුවර්නිකා සිතුවම

(ගුවර්නිකා (Guernica) සිතුවම වෙතින් යළි-යොමු කරන ලදි)

ගුවනිකා යනු පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද චිත්‍රයක් වන අතර එමගින් ස්පාඤ්ඤ සිවිල් යුධ සමය තුළදී 1937 වසරේ අප්‍රේල් මස 26 වන දින බෝම්බ ප්‍රහාරක යානා 28 ක් යොදා ගෙන නාසි ජර්මන් හමුදාව ගුවර්නිකා ප්‍රදේශයට බෝම්බ හෙලීම නිරූපණය වෙයි. මෙම ප්‍රහාරය හේතුවෙන් 250 ත් 1600 ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වු අතර විශාල පිරිසක් තුවාල ලැබීය.

Guernica
ශිල්පියාපැබ්ලෝ පිකාසෝ
වර්ෂය1937
වර්ගයකැන්වසය මත තෙල්සායම්
මාන349 cm × 776 cm (137.4 in × 305.5 in)

ස්පාඤ්ඤ රජය 1937 වසරේදී පැවැත්වුණු අන්තර් ජාතික පැරිස් ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම සදහා විශාල සිතුවමක් නිර්මාණය කිරීම සදහා පිකාසෝ වෙත බාරදෙන ලදී. මෙම චිත්‍රය නිර්මාණය සදහා ගුවනිකා බෝම්බ හෙලීම ඉතා හොද මාතෘකාවක් විය. බෝම්බ ප්‍රහාරයෙන් දින 15 ක් ගතවත්ම පැබ්ලෝ පිකාසෝ මෙම සිතුවම නිර්මාණය කිරීම ආරම්භ කළේය. සිතුවම නිර්මාණය කොට අවසන් වීමත් සමග එය කෙටි ලෝක සවාරියක ගෙනයන ලද අතර ඒ ඔස්සේ එය ඉතා ප්‍රසිද්ධියට පත් විය. මේත් සමගම ස්පාඤ්ඤ සිවිල් යුද්ධය වෙත ‍ලෝක අවධානය යොමු විය. මෙම චිත්‍රය මගින් යුද්ධයේ ඛේදජනක ස්වභාවයත් පුද්ගලයන් වෙත යුද්ධය මගින් ලබාදෙන වේදනාකාරී අත්දැකීම් ද නිරූපනය වෙයි. මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණය තනි ස්ථානයක තනි සිද්ධියකට සීමා වු නිර්මාණයක් නොව සියලු සීමා බිඳහෙලමින් සාමය වෙනුවෙන් ආයාචනා කරන විශ්වීය නිර්මාණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගුවර්නිකා_සිතුවම&oldid=490515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි