ගුවන් විදුලි නාට්‍ය

ශ්‍රව්‍ය කලා මාධ්‍යක් වන ගුවන් විදුලි නාට්‍ය හඩ මූලික කරගත් කලා මාධ්‍යකි.රේඩියෝ නාට්‍යය ලොව බිහි වූ අටවැනි කලාව ලෙසට නම් කෙරේ. "රේඩියෝ ප්ලේ", "රේඩියෝ ඩ්‍රාමා", "ඕඩියෝ තියටර්", "රේඩියෝ තියටර්", "ඉන්විසිබල් ප්ලේ" යන ඉංග්‍රීසි චචන සඳහා සිංහලෙන් "ගුවන් විදුලි නාට්‍යය", "රෙදෙව් නාටක", "හඬනළුව", "ශාබ්දික රංගය" ආදී වචන අපට හමුවේ.

රේඩියෝ නාට්‍යයේ නූතන යුගය එක් දහස් නවසිය පනහ දශකයේදී සැමුවෙල් බෙකට්, ගයිල්ස් කූපර්, බැරී බර්මෙන්ජ්, මසී කොන්ක්‍රෙට්, රිස් ඇඩ්‍රියන්, ෆෙඩ්‍රික් බර්ඩ්නම්, හැරල්ඩ් පින්ටර්, ජේම්ස් සුන්ඩර්ස්, ජෝ ඕටර්න්, ටොම් ස්ටොපර්ඩ් ආදී රචකයන්ගේ නව භාවිතාමය ආඛ්‍යාන තුළ හමු වේ.

ලාංකීය සමාජය සඳහා රේඩියෝ නාට්‍යය සංස්කෘතිය හිමිවන්නේ එකදහස් නවසිය විසිපහ තරම් ඈතකදීය.ආරම්භක යුගයේ නාට්‍යය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙනි. මෙකල ගුවන් විදුලි නාට්‍යවල රඟපෑම කළේ විනෝදාස්වාදය සඳහා වන අතර මෙම නාට්‍යය බහුතරයක් බී.බී.සී. ආයතනය විසින් නිෂ්පාදනය කළ නාට්‍යයන්හි සිංහල පරිවර්තන හෝ අනුවර්තනයන්ය. උදාහරණ ලෙසට ජෝර්ජ් බර්නාඩ්ෂෝගේ "ද ඩොක්ටර් ඩයිලේමා" නාට්‍යය "වෙදහටන" ලෙසත්, ගීද මෝපසාන්ගේ "නෙක්ලස්" "දියමන්ති මාලය" ලෙසත්, ඇනටොල් ෆ්‍රොන්ස්ගේ "ද මෑන් හූ මැරීඩ් ඩම්බ් වයිෆ්" නාට්‍යය "ගොළු බිරිඳ" ලෙසත් නිෂ්පාදනය වූ ඉතිහාසය දැක්විය හැකිය. එමෙන්ම ආර්.එල්. ස්පිට්ල්, ලෙනාඩ් වුල්ෆ්, පියදාස සිරිසේන, ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ ආදී රචකයින්ගේ කෘති නාට්‍යය ලෙස අනුවර්තනය කොට ප්‍රචාරය වූ සංස්කෘතියක් අනෙක්පසින් හමුවේ.

ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවණ පර්යේෂණ අංශය සිදු කළ "ගුවන් විදුලි නාට්‍යය, ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යය, නාට්‍යය ශිල්පීන් හා නාට්‍යය රචකයින් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණ වාර්තාව" එක් දහස් නවසිය අසූ හත වැනි කාල වකවානුවක නාට්‍යය ශ්‍රාවකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් බව අනාවරණය කර ගැනීමට සාක්ෂි දරයි. එහිදී "සුගන්ධිකා" පළමු තැනටත්, "ගුවන් විදුලි රඟමඬල" දෙවැනි තැනටත්, "ගජමුතු" තෙවැනි තැනටත්, "මුවන්පැලැස්ස" සිව්වැනි තැනටත්, "සේසතයි කුමරියයි" පස්වැනි තැනටත්, "මේධා" හයවැනි තැනටත්, "ළමා රංග පීඨය" හත්වැනි තැනටත්, "රක්ෂණ රංග" අටවැනි තැනටත්, "සඳගලතැන්න" නවවැනි තැනටත් පාඨක රුචිකත්වය ලබා තිබිණ. මෙම සමීක්ෂණයේදී රේඩියෝ නාට්‍යය ප්‍රිය නොකළ අය කිසිවකු නොසිටි අතර රූපවාහිනිය ප්‍රිය නොකළ අය සියයට එකක් විය.

රේඩියෝ කතා රචකයෙකු සෙසු රචකයින්ට වඩා අසීමිත පරිකල්පනීය වපසරියක් භුක්ති විඳියි. එහිදී ශබ්දමය "මොන්ටාජ්කරණය" හෙවත් ප්‍රතිවිරුද්ධ ශබ්ද එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් වෙනත් අර්ථ උත්පාදනය කළ හැකිය. පරිසරයන් හා චරිතයන් නිර්මාණය කිරීමේදී සෙසු රචකයින් අභිභවා රේඩියෝ නාට්‍යය රචකයාට නිරන්තරයෙන් හිමිවේ. එම පරිකල්පනීය කලාත්මක අවකාශ තම දැනුම ඔස්සේ අර්ථ ගන්වමින් විඳගැනීමට රේඩියෝ නාට්‍යය ශ්‍රාවකයාට එක සේ දොරටු විවර වේ.

ගුවන්විදුලි නාට්‍යයේ නිර්මානාත්මක බාෂා බාවිතය සංස්කරණය

ගුවන්විදුලිය හඩ ආත්මය කරගත් මාධ්‍යයකි.මෙහිදි භාෂාව,මිනිස් හඩ,සංගීතය,ස්වභාවික ශබ්ද මෙන්ම මිනිස් හඩ සංකලනය වී ඇත.එසේම ගුවන්විදුලියේ විවිධ වැඩසටහන් නිර්මානය වේ.එම සෑම වැඩසටහනකම නිර්මාණත්මක භාෂා භාවිතා වේ.ඒ අතර පුවත්,දැන්වීම්,නාටය,චරිතාපදාන වැඩසටහන් ,සාකච්චාමය වැඩසටහන් වේ. ගුවන්විදුලියේ පලමු නිර්මාණාත්මක අභියෝග වන්නේ ග්‍රාහකයා තුල පරිකල්පනය ඇති වන සේ සවන කේන්ද්‍රියව වැඩසටහන් නිර්මාණයයි.එහිදී භාෂාව ආකර්ෂණීය විය යුතුය .එසේම මේ නිර්මාණාත්මක භාෂා භාවිතය වැඩසටහනෙන් වැඩසටහනකට වෙනස්වෙ.ආගමික,ළමා,අධයාපනික,වෛද්‍ය,ක්‍රීඩා,කාන්තා ආදී ලෙසයි.මේවාට උචිත පරිදි භාෂාව භාවිතා කල යුතුයි .ගුවන්විදුලි නාට්‍ය මේ අතරින් එකකි. එය මුලුමනින්ම පරිකලපනය මූලික කරගත්තකි.එමනිසා ගුවන්විදුලි පිටපත් රචනය,නිශ්පාදනය උචිත අයුරින් සිදුවිය යුතුය.මෙහිදී රචකයා ඔහුගේ පරිකලපනයෙන් ලෝකයක් මවාගෙන එම ලෝකය දෙවනුව අසන්නාගේ පරිකල්පනය පුබුදු වන කලාවකි. එසේම දිගු සංකීර්ණ වැකි භාවිතා නොකිරීම,සරල බව,පරිකලපනීය බස භාවිතය ,එක්වර තේරුම් ගැනීමට හැකිබව,ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට ආමන්ත්‍රණය ආදී ලෙස නිර්මාණාත්මක විය යුතුය. මෙහිදී නිවේදක නිවේදිකවන් වැදගත්ය.මන්ද ඔවුන් ග්‍රාහකයා ආකර්ෂණය කරගන්නේ ස්වීය හඩ භාවිතයෙනි.එහිදී උචිත ලෙස නිර්මාණාත්මක හඩ භාවිතා කල යුතුය .හික්මුනු,සජීවීව,පරිකල්පනීය බස භාවිතා කල යුතුය.මෙහිදී කටහඩේ ශ්‍රවයගෝචර බව,පැහැදිලි බව ,නිරවුල් බව,ත්‍රිවු බව,උස් පහත් බව,සංයමය,පැහැදිලි උච්චාරනය,හැගීම් භාවයන් ප්‍රකාශය,ලයාන්විත බව,සුහද බව ග්‍රාහක ආකර්ෂණයට හේතුවේ.


"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්_විදුලි_නාට්‍ය&oldid=591939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි