ගුවන් තරණ නීතිය

පියසැරිය ගුවන් සංචාරය සහ ඒ හා සබැඳි ව්‍යාපාරික කාරණාවන් සම්බන්ධයෙන් අදාල වන්නාවූ නීතියේ ශාඛාව ගුවන් තරණ නීතිය ලෙසින් හැඳින්වේ. එයට අයත්වන සමහර කලාපයන් අද්මිරාල්ති නීතිය සමඟ සමපාත වන අතර ගුවන් සංචාරයේ ස්වභාවය අනුව බොහෝ අවස්ථාවන්හිදී ගුවන් තරණ නීතිය ජාත්‍යන්තර නීතියට අදාල වන්නක් ලෙස සලකනු ලැබේ. කෙසේවෙතත් ගුවන් සේවාවන්හි ව්‍යාපාරික පැතිකඩ සහ ඒවායේ නියාමනයද ගුවන් තරණ නීතියට ඇතුලත් වෙයි. එක්සත් ජනපදය තුල පියසැරි පිලිබඳ ව්‍යවහාරික පැතිකඩ පාලනය කරනු ලබන්නේ පෙඩරල් ගුවන් තරණ පාලක මණ්ඩලය විසිනි. ජාත්‍යන්තර විෂය ක්ෂේත‍්‍රයේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් තරණ සංවිධානය පොදු රීති සපයන අතර ගුවන් තරණ නීතිය අදාල වනතාක් දුරකට ජාත්‍යන්තර කාරණාවන් සම්බන්ධයෙන් මැදිහත් වෙයි. එය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතායතනයකි.

එක්සත් ජනපදයේ සහ බොහෝ යුරෝපීය රටවල ගුවන් තරණ නීතිය පෙඩරල් හෝ රාජ්‍ය මට්ටමේ කාරණයක් ලෙස සලකනු ලබන බැවින් එය නියාමනය කිරීමද පෙඩරල් හෝ රජ්‍ය මට්ටමින් සිදුවේ. එක්සත් ජනපදය තුල ගුවන් තරණය සම්බන්ධ කාරණාවන් ජනපදයන්ට පාලනය කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් අදාල වන්නේ පෙඩරල් නීතීන්ය. උදාහරණයක් ලෙෂ මෑතකදී නිව්යෝර්ක් හි මගීන්ගේ අයිතිවාසිකම් පිලිබඳ පනත අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම දැක්විය හැක. එයට හේතුව ලෙස දක්වනු ලැබුයේ ගුවන් තරණය සම්බන්ධ නියාමනයන් පෙඩරල් රජයේ කරුණක් ලෙස සාම්ප‍්‍රදායිකව සලකනු ලැබීමයි. කෙසේ වෙතත් එක්සත් ජනපදය ගුවන් තරණ නීතිය අද්මිරාල්ති නීතිය තරම්ම පෙඩරල් රජයේ කරුණක් ලෙස සලකනු ලබන බව ප‍්‍රකාශ කළ නොහැක්කේ එරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අද්මිරාල්ති කටයුතු පරිපාලනය සම්බන්ධයෙන් විවිධානයන් දක්වා සිටියද ගුවන් තරණ නීතිය සම්බන්ධ ප‍්‍රතිපාදන එයට ඇතුලත්ව නොතිබීම හේතුවෙනි. පෘථිවියේ වායුගෝලයෙන් ඔබ්බෙහි කාරණාවන් සම්බන්ධයෙන් අදාල වන්නාවූ අභ්‍යවකාශ නීතිය සාපේක්‍ෂව නව නීති ක්ෂේත‍්‍රයක් වන අතර අභ්‍යවකාශ විෂයට අදාල සඟරාවන්ගේ සහ ශාස්ත‍්‍රඥයින්ගේ සහය දැනටමත් ඊට ලැබී ඇත. බලාපොරොත්තු වියහැකි පරිද්දෙන්ම අභ්‍යවකාශ නීතියේ වැඩි කොටසක් ගුවන් තරණ නීතිය හා බැඳී පවතී.

එමෙන්ම රාජ්‍ය නිෂ්පාදනයන්හි වගකීම සම්බන්ධයෙන් වන නීතිය බොහෝ අවස්ථාවන්හි පෙඩරල් නීතිය විසින් අතික‍්‍රමණය කරනු ලබන අතර ගුවන් තරණ නිෂ්පාදකයින් සිය නිෂ්පාදනයන්හි දෝෂයන් සම්බන්ධයෙන් ඔවුන් අනිවාර්යයෙන්ම වගකිව යුතු බවට සැලකෙනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්_තරණ_නීතිය&oldid=471952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි