ප්‍රධාන මෙනුව විවෘත කරන්න
දෙවන ලෝක යුධ සමයේ උතුරු ඇමෙරිකානූ පී-51 මස්ටැන්ග් වර්ගයේ ගුවන් යානයක්
ලේ බ්රිස් සහ ඔහුගේ ගුවන් යානය. ජායාරූපගත කර ඇත්තේ 1868 දී නදාර් විසිනි.

ගුවන්යානයක් යනු ජෙට් එංජිමක් හෝ අවර පෙත්තක් මගින් ඉදිරියට ඇති කරනු ලබන තෙරපුමක් මගින් ගමන් කරන යානයකි. ගුවන්යානා විවිධ ප්‍රමාණ, හැඩ හා තටු ආකෘති වලින් නිර්මාණය කර ඇත. ක්‍රිඩා කටයුතු, භාණ්ඩ හා මින්සුන් ප්‍රවහනය, යුද කටයුතු හා පර්යෙෂණ කටයුතු සඳහා ගුවන්යනා බහුලවම භාවිතා කරයි. වාණිජමය වශයෙන් ගුවන් සේවය විශාල කර්මාණ්තයක් බවට පත්ව ඇති අතර දිනපතා දහස් ගනනින් මගීන් විවිධ ගුවන් සේවා මගින් ප්‍රවාහනය කරයි. බොහෝ ගුවන්යානා ගුවන් නියමුවෙක් හා කර්යමණ්ඩලයක් මගින් පාලනය වන අතර සමහරක් ගුවන්යනා දුරස්ථ පාලකයක් මගින් හෝ පරිගනකයක් මගින් පාලනය කරයි.

රයිට් සොහොයුරන් විසින් 1903 දී ප්‍රථම ගුවන්යානය නිර්මාණය කරන ලදී.මෙය ඉන්ධන මගින් ගමන් කරන පාලනය කල හැකි ප්‍රථම ගුවන් යානය ලෙසද සැළකේ.මෙම ගුවන් යානය සඳහා 1799 දී ජෝජ් කේලී විසින් නූතන ගුවන් යානා පිළ්බඳ ඉදිරිපත් කරන ලද සංකල්පය රයිට් හොහොයුරන් විසින් යොදාගෙන ඇත.(පසු කාලීනව මඟීන් ගෙන යාහැකි එංජිමක් රහිත ගුවන් යානා නිපදවා ඇත) 1867 ත් 1896 අතර කාලය තුල ගුවන් යානා තාක්ෂණය පිළිබඳ පුරෝගාමීයෙකු වූ ජර්මන් ජාතික ඔටෝ ලිලියන්තල් විසින් පරීක්ෂණ පවත්වා ඇත.පළවන ලෝක යුද්ධයේදී ගුවන් යානා වල භාවිතය සීමා සහිත වුවද ඉන් පසුව ගුවන් යානා තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වන්නට විය. දෙවන ලෝක යුද්ධයේදී සියලුම ප්‍රධාන සටන් වලදී ගුවන් යානා භාවිතා විය.ප්‍රථම ජෙට් ගුවන්යානය නම් ජර්මනියේ 1939 නිෂ්පාදිත හෙයින්කල් හේ නම් ගුවන්යානයයි.ප්‍රථම ජෙට් මඟී ගුවන්යානය දී හාවිල්ලන්ඩ් කොමෙට් නම් වූ අතර එය 1952 දී හඳුන්වා දුන්නේය. 1958 සිට 2013 දක්වා වසර 50 පමණ කාලයක් ක්‍රියාතමක වූ බොයින් 707 ගුවන්යානය වාණිජ වශයෙන් සාර්ථක වූ ප්‍රථම ජෙට් මඟී ගුවන්යානය වේ.

ඉතිහාසයසංස්කරණය

පුරාවෘත්තසංස්කරණය

බොහෝ ඉතිහාස කතා මගින් ගුවන්යානා පිළිබද සංකල්පයේ පැරණි බව පෙන්වයි. ග්‍රීක පුරවෘත වල එන ඉරාකස් සහ ඩේඩලස් ගේ අහසින් ගමන් කළ හැකි යානා හා ඉන්දියානු හා ශ්‍රී ලාංකීය පුරවෘත වල එන රාවණා රජුගේ ගේ දඬුමොණරය හෙවත් පුෂ්පක යානය ඒ සඳහා උදාහරණයන්ය. ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත. සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්‍රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය. ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු Codex on the Flight of Birds (1502) හී දක්වා ඇත.

 
ප්‍රථම ගුවන්ගත වීම. රයිට් ෆ්ලයර් නම් ගුවන් යානය 1903 දෙසැම්බර් 17
 
ඔටෝ ලිලියන්තල් ගුවනේ

1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි. 1856 දී ප්‍රංශ ජාතික ජින්-මාරී ලේ බ්‍රිස් විසින් "L'Albatros artificiel" නැමැති පළමු බලගන්වන ලද එන්ජිමක් රහිත ගුවන්යානය නිපදවු අතර එහි බල ප්‍රභවය වූයේ වෙරළ් යානය ඇඳගෙන ගිය අශ්වයෙකි. ඇලෙක්සැන්ඩර් මෝසැසිකි විසින් පසුව ආකර්ශණීය ගුවන්යානා සැළැසුම් නිර්මාණය කර ඇති අතර 1883 දී ඇමෙරිකානූ ජාතික ජෝන් මොන්ට්ගොමෙරි පළමු එන්ජිමක් රහිත පාලනය කළ හැකි ගුවන්යානය නිපදවීමට සමත් විය. එහෙම සමකාළීන ගුවන් තාක්ෂණවේදීන් වූ ඔටෝ ලිලියන්තල්, පර්සි පිල්චර් හා ඔක්ටේව් චානුටේ ද සමාන තාක්ෂණයන් ගෙන් යූත් ගුවන්යානා නිපදවීමට සමත් වීය.

ශ්‍රීමත් හීරාම් මැක්සිම් බර ටොන් 3.5 හා තටු සමග පළල අඩි 110 (මීටර් 34) වූ අශ්ව බල 360 (කිලෝ වොට් 270) ක එන්ජින් දෙකක් මගින් හා ඒ දෙක මගින් බල ගැන්වෙන අවර පෙති දෙකක් සහිත ගුවන්යනයක් නිපදවීය. 1894 දී මෙය පළමු වරට රේල් පීලී මත තබා අත්හදා බලා ඇත. ඒ යානය ඉහළට එසවීම වැළැක්වීමටයී.මෙම පර්යෙෂණය මගින් ගුවන්යානයට ගුවන් ගත වීමට අවශ්‍ය බලය ඇති බව තහවුරු විය. නමුත් මෙම යානය පාලනය කල නොහැකි බව තේරුම් ගත් මැක්සිම් මේ පිළිබඳ ඔහුගේ පර්යෙෂණ අත්හැර දැමුවේය.

1890 දශකයේ දී ලෝරන්ස් හාග්‍රෙව් තටු ආකෘති පිළිබඳ අධ්‍යනය කර පෙට්ටියක හැඩය ගත් සරුන්ගලයක් නිර්මාණය කලේය. මෙයට මිනිසෙකු එසවීමට හැකිවිය.ඔහුගේ මෙම ආකෘතිය බොහෝ දෙනෙක් භාවිතා කර ඇත.මොහු භ්‍රමණ ගුවන් යානා එන්ජිමක් නිපදවා ඇති වුවත් තටු සහ එන්ජිමක් සහිත ගුවන්යානා නිපදවා නැත.

1867 ත් 1896 අතර ගුවන් තාක්ශණයේ පුරෝගාමීයෙකු වූ ජර්මන් ජාතික ඔටෝ ලිලියන්තල් එන්ජිමක් රහිත ගුවන්යානා දියුණු කර ඇති අතර සාර්ථකම එන්ජිමක් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම් හා වාර්තා කිරීම් කර ඇත්තේ මොහු විසිනි.

මුල් කාලීන ගුවන්යානාසංස්කරණය

ක්ලෙමන්ට් ඒඩර් ඔහුගේ ගුවන්යානා ත්‍රිත්වයෙන් පළමු යානය වන The Éole 1886 දී අත්හදා බැලුවේය. එය වවුලෙකුගේ හැඩය ගත් අතර ඒඩර් විසින්ම නිර්මිත වාශ්ප එන්ජිමක් මඟින් බලගන්වන ලදී. මෙම එන්ජිම සිලින්ඩර් 4ක් මඟින් අශ්වබල 20ක් (15kW) ජනනය කරන අතර අවරපෙති 4කින් සමන්විත විය. මෙම එන්ජිම 4kg/kW කට (7 අශ්වබල රාත්තලකට) වඩා වැඩි නොවීය. මෙහි පියාපත් මීටර් 14ක(අඩි 46) පරාසයක විහිඳුන අතර ස්කන්ධය කිලෝග්‍රෑම් 300 (රාත්තල් 650) ක් විය.1890 ඔක්තෝම්බර් 9 වන දින ඒඩර් මෙය පියාසර කිරිමට තැත් කරන ලදී. ගුවන්යානා තාක්ශණවේදී ඉතිහාසඥයන් මෙම උත්සහය අගය කර ඇති අතර මෙහිදී මෙම යානය මීටර් 50 (අඩි 164) ක පාලනයකින් තොර ඉපීලීමක් සිදුවී ඇත. තවද සෙන්ටිමීටර් 50ක (අඟල් 8) දළ උන්නතාංශයක් පවත්වාගැනීමට සමත් වී ඇත. ඒඩර් ගේ අනෙක් ගුවන්යානා දෙක සාර්ථක වී නැත.

ගුවන්යානා පිළිබද සම්මතයන් හා ප්‍රමීතින් පවත්වා ගෙන් යන අන්තර්ජාතික ගුවන්තාක්ශණ සම්මේලනයට (Fédération Aéronautique Internationale,FAI) අනුව රයිට් සහෝදරයන් 1903 දී ඉදිරිපත් කරන ලද රයිට් ෆ්ලයර් යානය පළමූ තිරසර පාලනය කරන ලද ගුවන්යානය ලෙස ඉතිහාසගත වෙයි. 1905 වන විට යානයට ස්ථාවර සම්පූර්නයෙන්ම පාලනයක් සහිත ගුවන් වාර කිහිපයක් යෑමේ හැකියාව පැවතුනි. රයිට් සහෝදරයින් තමන්ට මිනිසෙකු රැගෙන යා හැකි ගුවන්යානයක් නිර්මාණයට අවශ්‍ය දිරිමත් වීම ලැබුනේ ඔටෝ ලිලියන්තල් ගේ නිර්මාණ හරහා බව පසුව ප්‍රකාශ කලෝය.

"https://si.wikipedia.org/w/index.php?title=ගුවන්යානා&oldid=426968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි