අර්පණය හා ප්‍රතිග්‍රහණය

ගිවිසුමි හැඳින්වීම: ගිවිසුමක් යනු නීතිය පිළිගන්නා හෝ නීති මඟින් ක්‍රියාත්මක කල හැකි බැඳීමි උද්ගත කිරීමට සමත් එකඟත්වයකී.තවද, පාර්ශවකරැවන් අතර ඇතිවන නීත්‍යානුකූලව ක්‍රියාත්මක කල හැකි අන්‍යෝන්‍ය එකඟත්වයකි.ගිවිසුමකට එළබෙන දෙපාර්ශවයක් අතර ඒ සඳහා වන බලවත් චේතනාවක් විය යුතුය. මෙම චේතනාව එක් පාර්ශවකරැවකු ගේ යෝඡනාවත් ,අනෙක් පාර්ශවකරැගේ පිළිගැනීමත් නියෝඡනය කරයි.මෙම යෝඡනාව හා පිළි ගැනීම ගිවිසුමි නීතිය තුල අර්පණය හා ප්‍රතිග්‍රහණය ලෙසින් හඳුනා ගනියි.

අර්පණය සංස්කරණය

යමි කිසි යෝඡනාවක් ලබන්නා හෙවත් අර්පණලාභියා විසින් එසේ කරනු ලබන යෝඡනාවක් පිළිගතහොත් ,තමා විසින් සිදු කරන නියමයන්ගෙන් බැදී සිටින බවට අර්පණකරැ විසින් අර්පණලාභියා වෙත දෙන පොරොන්දුවක් අර්පණයක් නමි වේ. අර්පණයක් සළකා බැලීමට සිදුකරන ආරාධනා නීතිය පිළිගන්නා අර්පණයක් ඇති නොකරයි.මේ අනුව අර්පණයකට කරන ආරාධනාවක නීතිමය ප්‍රතිථිල වන්නේ එය සලකා බලා එය ලැබු තැනැත්තා විසින් අර්පණයක් සිදු කිරීමයි.

එවැනි ආරාධනා;

  • වෙළඳ දැන්වීමි හා වෙන්දේසිකරැ විසින් කරන ආරාධනා ;
  • ටෙන්ඩර් දැන්වීමක් ;
  • පුවත් පත් වෙළඳ දැන්වීමි ,
  • මිල දර්ශන හා චක්‍රලේඛන .
  • වෙළඳාම සඳහා භාණ්ඩ ප්‍රඳර්ශනය කිරීම ,
  • කාල සටහන් හා මගී ප්‍රවේශ පත්‍ර .

අර්පණයක් බලාත්මක වීම ; බලාත්මක වීම ආරමිභ වන්නේ අර්පණලාභියා වෙත එය දැනගන්නට ලැබුණු පසුවයි .තමාගේ යෝඡනාව ඉදිපත් කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා /පුද්ගලයන්ට තම අර්පණය පිළිබඳව අර්පණකරැ දැනුමි දීම අත්‍යවශ්‍ය වේ.

අර්පණයක් අවසානයට පත්වීම:

  • ප්‍රතිග්‍රහණයට පෙර අර්පණකරැ අර්පණය ඉල්ලා අස්කර ගැනීම .
  • අර්පණය ප්‍රතික්ශේප කිරීම.
  • කාලය ඉකුත් වීම.
  • මරණය හෝ අශක්නුතාවය.
  • තත්ත්වය ,ස්වභාවය හෝ අවස්ථාව වෙනස් වීම.
  • අර්පණය ප්‍රතිග්‍රහණය කිරීම.

ප්‍රතිග්‍රහණය සංස්කරණය

අර්පණකරැ විසින් ඉදිරිපත් කරන යෝඡනාවක් අර්පණලාභියා විසින් එලෙසින්ම භාරගැනීම ප්‍රතිග්‍රහණය වේ .මෙය එලෙසින්ම පිලිගැනීම නීතියේ Mirror image rule ලෙස හදුන්වයි. මේ අනුව අර්පණලාභියාගේ කොන්දේසි ගිවිසුමේ නොතිබිය යුතුය.

ප්‍රතිග්‍රහණය කල හැකි විවිධ ක්‍රම සංස්කරණය

වාචිකව,ලිඛිතව,හෝ හැසිරීමෙන් අර්පණයක් ප්‍රතිග්‍රහණය කල හැකි බව නීතිය පිළිගනියි. වාචික හෝ ලිඛිත ප්‍රතිග්‍රහණයක් නීතිමය ගැටළු මතු නොකලද, හැසිරීමෙන් ප්‍රතිග්‍රහණය කිරීම පිළිබඳව නීතිය විශේෂයෙන් සළකා බලයි.හැසිරීමෙන් ප්‍රතිග්‍රහණය කරන විට අර්පණලාභියාගේ හැසිරීම හෝ ක්‍රියාව මඟින් අදාල අර්පණයේ වු නියමයන් එලෙසින්ම පිළිගන්නා බවට තුන්වැනි පාර්ශවයකට හැඟවීමට සමත් වු හැසිරීමක් විය යුතුය. නිහඬව සිටීමෙන් අර්පණයක් ප්‍රතිග්‍රහණය කල නොහැකි බව නීතිය පිළිගනියි.. ප්‍රතිග්‍රහණය කළ යුතු ආකාරය අර්පණයේ නියමයක් ලෙස සඳහන් කර තිබෙන අවස්ථාවලදී ,අර්පණලාභියා එම අර්පණය ප්‍රකාශිත අයුරින්ම ප්‍රතිග්‍රහණය කිරීමට බැඳී සිටියි.

ප්‍රතිග්‍රහණය දැනුමි දීම සංස්කරණය

අර්පණය ප්‍රතිග්‍රහණය කල බව අර්පණලාභියා විසින් අර්පණකරැ වෙත දැනුමි දීම අනිවාර්ය වේ.ප්‍රතිග්‍රහණයක් දැනුමි දීමේදී පාර්ශවකරැවන් එකිනෙකා ඉදිරියේ පෙනී සිටිමින් ඇති කරගන්නා ගිවිසුමි වලදී අර්පණකරැ වාචිකවම එය ඉදිරිපත් කරන අතර ලබන්නා එය වාචිකවම ප්‍රතිග්‍රහණය කරයි. මෙය ප්‍රතිග්‍රහණය පිළිබඳ සාමාන්‍ය රීතිය වුවද මෙයට ව්‍යාතිරේඛී ලෙස තැපැල් රීතිය භාවිත වේ .එනම් තැපැල් රීතියේදී අර්පණලාභියා විසින් ප්‍රතිග්‍රහණයේ ලිපිය තැපෑලට දැමූ විගස ප්‍රතිග්‍රහණය සම්පූර්ණ වන අතර ලිපියක් තැපැල් කල බව අර්පණකරැට දැනුමි දීම අවශ්‍ය නොවේ .

තවද තැපැල් රීතිය හැම විටම යොදා ගන්නේ නැත :

තැපෑලට දැමූ පමණින් ප්‍රතිග්‍රහණය සමිපූර්ණ වීම පිළි නොගන්නා අවස්ථාවක් ලෙස ලිපියක් කිසිම දිනක අර්පණකරැ වෙත ලඟා නොවුයේ නමි ප්‍රතිග්‍රහණය පිළිබඳව දැනගැනීමට ඇති නොහැකියාව නිසා එය වලංගු ලෙස ප්‍රතිග්‍රහණය කිරීමක් නොවේ. ප්‍රතිග්‍රහණය දැනුමි දීම සඳහා ක්ෂණික පණිවිඩ හුවමාරැ ක්‍රම යොදා ගන්නා අවස්ථාවන්හිදී තැපැල් රීතිය අඳාල නොවේ.

පින්තූර ගැලරිය සංස්කරණය

මේ අඩවිත් බලන්න සංස්කරණය

[1] සංරක්ෂණය කළ පිටපත 2008-08-07 at the Wayback Machine|Contract law
[2]|ontract Law 02

"https://si.wikipedia.org/w/index.php?title=ගිවිසුමි_නීතිය&oldid=591925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි