ගිවිසුම් කඩකිරීම් සඳහා පිළියම්

ගිවිසුම් කඩකිරීම් සඳහා පිළියම්

ගිවිසුම් කඩකිරීමක් යනු එය ගිවිසුමේ සඳහන් වූ පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමකි. ගිවිසුමක් කඩ වූ පසු එය අත්හැර නොදැමූ බව සලකා පිපිළියම් කළ හැකි ක්‍රම රැසක් පවතී. දූර්ශීය වශයෙන් ගිවිසුම් කඩ වීමකට පිළියම නම් මුදල්මය අලාභහානි ප්‍රදානය කිරීමයි. නමුත් යම් අණන්‍ය විශයානුබද්ධ අවස්තාවක් සමග ගනුදෙනු කිරීමේදී විශේශ කාර්‍යසධනයක් නියෝග කළ හැක.

බොහෝ රාජ්‍යන්ට අනුව එක්සත් රාජදනියේ කිරුළ දරන්න හට 1948 ට පෙර ගිවිසුම් කඩ කිරීම් සඳා දඩුවම් කිරීම කළ නොහැකි විය. නමුත් ගිවිසුම්කරුවන් එවන් අවස්තාවලදී ගිවිසුම් වලට එළඹීමට අදිමදි කිරීමක් කළහැක, එසේම එයිතිවාසිකම් පෙත්සම් යටතේ වූ වන්දි ගෙවීම්ද ස්වදේශකටයුතු භාර ලෙඛම් හෝ ඇටෝනි ජෙනරාල් විසින් පිටසන් කළයුතු විය.ක්‍රව්න් ප්‍රොසීඩිං ඇක්ට් 1947 කිරුළ දරඅන්නාද අනෙක් ඕනෑම අයෙකු මෙන් උසාවිය ඉදිරියේ ගිවිසුම් කඩවීම් සඳා වන්දි ගෙවීමට මග විවර කරන ලදී.

අලාභහානි ප්‍රධාන වශයෙන් අලාඹ්හහානි ආකාර හතරකි.

  • ගිවිසුම කඩවීම සිදු ඌ පාර්ශවයට වන්දි ගෙවිය යුතු අලාභහානි. මෙම අලාබහානි ප්‍රධාන වශයෙන් දෙකොට්සකි, එනම් අලාබහානි සහ ඍජු අලාභහානි වේ.
  • අවම මූල්‍යමය වටිනාකමක් සහිත නාමමාත්‍රික අලාභහානි
  • වරද සිදු කළ පාර්ශවයට දඬුවම් අත් කළ හකි දණ්ඩණීය අලාභහානි. මේව බොහෝ විට වන්චාකරීව හසිරුනු අවස්තා වලදී භාවිතා වේ.
  • අනාගතයේදී එම වරදම සිදු කරන්නන් හට එය සිදු කිරීම අධෛර්‍ය කිරීම සඳහා යොදා ගන්නා නිදර්ශනීය අලාභහානි.


වන්දි ගෙවිය යුතු අලාභහානි ප්‍රධානය කෙරෙනුයේ පාර්ශවයක් ගිවිසුම නිසිලෙස ක්‍රියාත්මක ඌවා නම්සිටිය යුතු ඌ හොඳ තත්වයට ඒ ආකාරයෙන්ම පත් කිරීම සඳහාය. මේ සඳහා ඔවුන් ගිවිසුම ක්‍රියාත්මක ඌවේ නම් ලබීමට තිබූ ප්‍රතිලාභය පිළිබඳ නිස්චිත ඇඟයීමක සිටිය යුතු වීම අණිවාර්‍ය වේ. තවද ගිවිසුම් කඩවීමක් පැමිණි විට එම කඩකිරීම සිදු නොකළ පාර්ශවයට අලාභහානිය අවම කිරීමට හෝ එය ආවරනය කිරීමට වගකීමක් ඇත්තේය. එසේ දූරදර්ශිතව හඳුනාගෙන අමතර අවදානමක් හෝ වියදමක් හෝ අමානුශිකත්වයක් නොමැතිව වලක්වාගත හැකිව තිබූ කඩකිරීම් සඳහා වන්දි අය කිරීමක් සිදු කළ නොහැක.

හාර්ඩ්ලි එදිරිව බැක්සන්ඩේල් තීන්දුවෙන් පොදු සහ ආනුභාවිත අලාභහානි සංස්තාපිත කරන ලදී. පොදු අලාභහානි යනු ගිවිසුමක් කඩවීමකදී ස්වභාවිකව උප්දින අලාභහානි වේ. ආණුභාවිත අලාභහානි යනු එසේ ගිවිසුම් කඩ වීමකදී සාමාන්‍යයෙන් අති නොවන නමුත් ගිවිසුමට එළඹෙන අවස්තාවේදී දෙපාර්ශවය විසින්ම එකඟ ඌ අලාභහානි වේ. උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකු ව්‍යාපාරික හමුවක් සඳහා යාමට කාරයක් කුලිය්ට ගෙන එම හමුව සඳහා යාමට පැමිණි විට කාරය නොමති වුවහොත්, පොදු අලාභහානිය වනුයේ වෙනත් කාරයක් කුලියට ගැනීම සඳහා යන වියදමයි. නමුත් දෙපාර්ශවයම කාර්ය කුළියට ගැනීමේ සැබෑ හේතුව දන සිටි නිසා ආනුභාවිත අලාභහානිය වනුයේ එම ව්‍යාපාරික අවස්තාව මගහැරීමෙන් වන පාඩුවඉ. කෙසේනමුත් මෙම පාඩුව වලක්වාගත හැකිව තිබූ පාඩුවකි. මක්නිසාදයත් කාරය එම ස්ථානයේ නොතිබීම එම පුද්ගලයාට වෙනත් කාරයක් කුළියට නොගැනීමට එඓතියක් නොදෙන බැවිනි.

ඔබ ගිවිසුමකින් බැඳී ඇති ඕනෑම අවස්ථාවක එය යමක් සම්පූර්ණ කිරීමට ඉල්ලා සිටී, සහ යමෙකු ඔබට එය ඔබගේ ව්‍යාපෘතිය ආරම්බ වීමට පෙර සම්පූර්ණ කිරීමට දන්වා සිටී නම්, මෙය පූර්වාපේක්ශිත ගිවිසුම් කඩ කිරීමක් ලෙස හැඬින් වේ. එසේම එය අනපේක්ශිත හෝ ගෙවිය යුතු වන්දි මුදල නිශ්චිතව ගණනය කළ නොහැකි අවස්ථා වලදී අධිකරණය විසින් හානි ඌ පාර්ශවය ගිවිසුමට එළඹීමට පෙර සිටි තත්වයට පත් කිරීමට උවමනා තරම් ඌ වන්දි මුදලක් ගෙවීමට නියෝග කළ හැක.

නිශ්චිත කාර්ය සාධනය.

එක්සත් ජනපදයේදී ගිවිසුමක් කඩවීම නිසා වන්දි ලැබීමට හෝ නිශ්චිත කාර්ය සාධනය ලබා ගැනීමට හානි ඌ පාර්ශවය විසින් සිවිල් නඩුවක් පැවරිය යුතු වේ. යම්හෙයකින් ගිවිසුමෙහි සමථකරණ වගන්තියක්/ ඡේදයක් ඇතුලත්ව තිබේ නම් පීඩාවට පත් වූ පාර්ශවය ගිවිසුමේ එකඟ ඌ වගන්තිප්‍රාකරව සමතකරන වන්දියක් ඉදිරිපත් කළයුතු වේ.

බොහෝ ගිවිසුම් මගින් ඊටපසුව ඇතිවන ආරවුල් අධිකරණයට යම වෙනුවට සමතකරණයෙන් විසඳිය යුතු බවට දක්වා ඇත. සුරකුම්පත් තැරව්කරුවන් සහ වෙළෙඬන්ට එරෙහිව ගනුදෙනුකරුවන්ගෙන් එල්ලවන වන්දි අය කරගැනීම් බොහෝවිට හෝ සම්පූර්ණයෙන්ම පාහේ සමතකරණයෙන් විසඬෙනු ලැබේ. මක්නිසාදයත් ඔවුන්ගේ NASD හෝ NYSE වැනි ස්ව-යාමක ආයතන සමග ඇති සාමාජිකත්ව වගන්ති හා කොන්දේසි වලට අනුව එම තැර්ව්කාරගිවිසුම් වල සමතකරණ වගන්ති තිබීම අණිවාර්‍ය වේ. එසේම සමහර වන්දි අය කිරීම් ඒවායේ සාමන්‍ය පොදු පිළිගැනීම ඉක්මවා යන විට (උදාහරන ලෙස එක් පාර්ශවයක් නීති විරොදී ක්‍රියාවක යෙදීම හේතුවෙන් ඇති වන අලාඹහානි වලදී) සමතකරණ වගන්ති ඇතුලත් කළ නොහැක. සමතකරණ තීන්දු සාමන්‍ය අදිකරණ තීන්දුවක් ආකරයෙන්ම බලපවත්වනු ලබන බවඉ. කෙසේ නමුදු සමතකරණ තීන්දු සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේදී එව වන්චාවකට අදාල නොමැතිනම් නිදහස් කරනු ලැබේ.

එන්ගලන්තයේ සහ වේල්සයේ, ගිවිසුමක් කඩකිරීම වැලැක්වීමට වන්දියක් භාවිතයෙන් බලපැවැත්විය හැක, හෝ හදිස්සි අවස්තාවකදී අතුරු තහනම් නියෝගයක් මගින් බලපැවැත්විය හැක. පීඩාවට පත් වූ පාර්ශවය පාර්ශවය ගිවිසුම කඩවීම සහ එහි අණිෂ්ඨ ඵලවිපාක එවැනි කඩවීමකදී මූල්‍යමය වශයෙන් මිළ කළ නොහැකි නම් එය වැලක්වීම සඳහා තහනම් නියෝගයකට අයදුම් කළ හැක.