ගිනි-ප්‍රතිරෝධී පැළඳුම්

ගිනි-ප්‍රතිරෝධී පැළඳුම් හෙවත් සරලව තාපරෝධක ආරක්ෂක පැළඳුම් යනුවෙන් හැඳින්වෙන්නේ ගිනි-ප්‍රතිරෝධී හිස්වැස්මකින් සහ ගිනි-ප්‍රතිරෝධී අත් වැසුම්වලින් සමන්විත මූලික පෞද්ගලික ආරක්ෂක ආම්පන්නයකි. මෙය බොහෝවිට නොමෙක්ස්වලින් තනා ඇත.

ෆෝක්ලන්ඩ්ස් යුධ සමයේ ගිනි-ප්‍රතිරෝධී පැළඳුම් හැඳ සිටින රාජකීය නාවික හමුදාවේ නාවිකයින්
අභ්‍යාසයක දී නැවේ පාලන ස්ථානයේ තාපරෝධක ඇඳුම් හැඳසිටින එක්සත් ජනපද නාවික හමුදා සෙබලුන්.

තාපරෝධක පැළඳුම්වල අරමුණ හිස, ගෙල, මුහුණ සහ අත් කෙටිකාලීන ගිනිවලට නිරාවරණයෙන් සහ තාපයෙන් ආරක්ෂා කර ගැනීමයි. ගින්නක් ඇතිවන අවස්ථාවක හෝ එවැනි අවස්ථාවකට මුහුණපෑමට සූදානම් වීමේ දී නැවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මෙම ආම්පන්න පළඳිනු ලබයි.[1]

තාපරෝධක ඇතැම් අවස්ථාවල දී පැළඳුම් ජීවිතාරක්ෂක බඳ පටි, හෙල්මට්, වායු මුහුණු ආවරක වැනි ආරක්ෂක උපාංග සමග පළඳිනු ලැබේ. මෙය පළමු ප්‍රතිචාර ගිනි නිවන පක්ෂ විසින් පැළඳිය ද, සාමාන්‍ය නාවික ගිනි නිවන භටයින් විසින් සිවිල් ගිනි නිවන භටයින්ට සමාන ආකාරයේ පූර්ණ ආරක්ෂක උපාංග පළඳිනු දැකගත හැක.

ඉතිහාසය සංස්කරණය

ගිනි-ප්‍රතිරෝධී පැළඳුම් රාජකීය නාවික හමුදාවට හඳුන්වා දෙන ලද්දේ ජුට්ලන්ඩ්හි සටනේ දී,[2] බ්‍රිතාන්‍ය යුධ නැව් ගණනාවක් කෝඩයිට් ඉන්ධන පිහිටි ස්ථානය වෙත මැගසින් ඔස්සේ එල්ල කළ ප්‍රහාර ගණනාවකින් විනාශ වීමත් සමගයි. බෝරැක්ස් හෝ බෝරික් අම්ලය භාවිතයෙන් ගිනි-ප්‍රතිරෝධී හිස්වැසුම් සහ අත්වැසුම් වඩාත් සාර්ථකව නිපදවිය හැකි බව සොයාගන්නා ලදී.[3]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. NAVEDTRA 14057, Damage Controlman (PDF). Naval Education and Training Professional Development and Training Center. 2001-04-01. 2016-03-04 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-04-01.
  2. Hough, Richard (1983), The Great War at Sea, 1914-1918, Oxford University Press, ISBN 9780192158710 (p. 223)
  3. Australia in the war of 1939-1945 : Ser. 5. Medical, Volume 4 Australian War Memorial, 1961 (p. 122)