ගැඹුරු ජාලය[1], අදිසි ජාලය[2] හෝ සැඟවුණු ජාලය[3] (ඉංග්‍රීසි: Deep Web, Invisible Web, Hidden Web) යනු වෙබ් සෙවුම් යන්ත්‍ර‍ මගින් සුචිගත කර නොමැති අන්තර්ගතයන් සහිත විශ්ව විසිරි වියමනෙහි කොටස් ය. ඕනෑම අන්තර්ජාල පරිශීලකයෙකුට පහසුවෙන් පිවිසිය හැකි මතුපිට ජාලය මෙන් නොව[4], ගැඹුරු ජාලයට පහසුවෙන් පිවිසිය නොහැක. ගැඹුරු ජාලය යන වචනය හඳුන්වා දෙනු ලැබුවේ පරිගණක විද්‍යාඥ මයිකල් කේ. බර්ග්මන් විසින් 2001 දී ය.[5]

වෙබ් තැපැල් සේවා, අන්තර්ජාල බැංකු සේවා, පුද්ගලික හෝ සීමිත-ප්‍රවේශ සහිත සමාජ මාධ්‍ය ගිනුම්, නැරඹීම සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන වෙබ් පිටු, පරිශීලකයා විසින් ගෙවීම් සිදුකළ යුතු සේවා ආදිය ගැඹුරු ජාලය තුල ක්‍රියාත්මක වේ. නිවැරදි URL ලිපිනය හෝ IP ලිපිනය ඇතුලත් කිරීම මගින් ගැඹුරු ජාලයට සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයකින් වුවද පිවිසිය හැකි නමුත්, බොහෝවිට ඒවා මුරපද වැනි ආරක්ෂක පියවර වලින් සමන්විත වේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. Hamilton, Nigel (2003). "ද මෙකනික්ස් ඔෆ් අ ඩීප් නෙට් මෙටාසර්ච් එන්ජින්". In Isaías, Pedro; Palma dos Reis, António (eds.). Proceedings of the IADIS International Conference on e-Society. pp. 1034–6. CiteSeerX 10.1.1.90.5847. ISBN 972-98947-0-1.
  2. Devine, Jane; Egger-Sider, Francine (July 2004). "බියන්ඩ් ගූගල්: ද ඉන්විසිබල් වෙබ් ඉන් ද ඇකඩමික් ලයිබ්‍රි". The Journal of Academic Librarianship. 30 (4): 265–269. doi:10.1016/j.acalib.2004.04.010.
  3. Raghavan, Sriram; Garcia-Molina, Hector (September 11–14, 2001). "ක්‍රෝලින් ද හිඩ්න් වෙබ්". 27th International Conference on Very Large Data Bases.
  4. "සර්ෆස් වෙබ්". Computer Hope. ලබාගත්තේ 2018 ජුනි 20.
  5. Wright, Alex (February 22, 2009). "එක්ස්ප්ලෝරින්ග් අ ඩීප් වෙබ් දැට් ගූගල් කාන්ට් ග්‍රැස්ප්". The New York Times. ලබාගත්තේ 2019 සැප්තැම්බර් 2. [...] Mike Bergman, a computer scientist and consultant who is credited with coining the term Deep Web.
"https://si.wikipedia.org/w/index.php?title=ගැඹුරු_ජාලය&oldid=602319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි