ග්‍රීසියේ අධ්‍යාපනය

ස්පාර්ටාහි ඇනේන මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී (Hellenistic Period) පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා සේවය සදහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක ්සදහා ඉගෙන නොගත් අතර හොද පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරැවන් ද ලියවීම කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහාස්‍රිත කටයුතු සදහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු අධ්‍යාපනය නොලැබුහ.

ග්‍රීසියේ ජාතික පුස්තකාල ගොඩනැගිල්ල.

පිරිමි දරැවන් අවු 7 දී පාසල් වෙන හෝ හමුදා බැරැක්ක වෙත යොමුකෙරැනි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිනි. එනම් ගණිත ශාස්ත්‍රි, සංගීත නැටුම් ක්‍රීඩා වශයෙනි.

ධනවත් පවුල් වල දරැවන් නිවෙසේ සේවකයතු යටතේ පෞද්ගලික පාසල් වෙත යොමු කෙරැනි. පාසල් ගුරැවරැන් නිවෙස් තුළ පැවති අතර ඔවුන්ට ලිවීම, කියවීම ගණිතය, ගායනය, වාදනය ක්‍රිඩාව පුහුණු කෙරැණි. දරැවන්ගේ වයස අවුරැ 12 වන විට මල්ලවපොර, දිවිම යගුලිය විසිකිරිම, හෙල්ලය විසිකිරිම ආදියට යොමු කෙරැණි. වසර දෙකක හමුදා පුහුණුවකින් පසු අවුරැසදු 18 දී අධ්‍යාපනය නිම කෙරුණී.

ස්පානියානු ක්‍රමයට අනුව දරුවන් පුලු පිරිසක් කුඩා අවධියෙන්ද පසු අධ්‍යාපනය කරගෙන ගියහ. තරැණයින් සිය භාරකාරයින් ආශ්‍රයෙන් දේශපාලන අදහස් ලබාගත් අතර ඔවුන්ට සහායවීමත් පොදු ජන කටයුතු වල ආභාෂය ලබාගත්හ. ධනවත් සිසුන් ප්‍රසිද්ධ ගුරැවරැන් යටතේ අධ්‍යාපනය ලැබු අතර ලයිසියම්, ඇකඩමි, යනු එකල ප්‍රකට පාසල් විය. ධනවත් ග්‍රීක්වරුන්ගේ අධ්‍යාපන ක්‍රමය පයිඩියා යනුවෙන් හැදින්විනි.


ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රීසියේ_අධ්‍යාපනය&oldid=395315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි