අභ්‍යාවකාශ ගවේෂණ යුගයවන තෙක් ග්‍රාහක වළල්ලේ වස්තූන් අතිවිශාල දූරේක්ෂවලට පවා හරිහැටි දර්ශනය නොවූ අතර එහි හැඩය හෝ පැතිර පවතින ප්‍රදේශය අභිරහසක්ව පැවතුණි. පොළවේ ස්ථාපනය කරන ලද හොඳම දුරේක්ෂවලට හා පෘථිවි කක්ෂගත හබල් අභ්‍යාවකාශ දූරේක්ෂයට පවා අති විශාල ග්‍රාහකවල වුවද අනාවරණය කරගත හැකිවූයේ මතුපිට පෘෂ්ඨයේ සුළු දත්ත ප්‍රමාණයක් වූ අතර බොහෝ ඒවා අපැහැදිලි ඡායා මාත්‍රයක් පමණක් විය. ඒවායේ වර්ණාවලි දත්තවලින් හා ආලෝක වක්‍රවලින් (භ්‍රමණයත් සමග සිදුවන තීව්‍රතා වෙනස්වීම්) පවා අනුමාන කරගත හැකි වූයේ ඒවායේ හැඩය හා සංයුතිය පිළිබඳව සීමාසහිත කරුණු ප්‍රමාණයක් පමණි. රේඩාර් ඡායාරූපකරණය මගින් ග්‍රාහකවල හැඩය හා කක්ෂීය, භ්‍රමණ පරාමිතීන් පිළිබඳව නිවැරදි දත්ත ලබා ගත හැකි අතර පෘථිවියට වඩාත් සමීප ග්‍රාහකවල මෙය වඩාත් හොඳින් සිදුකළ හැක.

ප්‍රථමයෙන් ග්‍රහක හැඩති වස්තූන්වල සමීප ජායාරූපයක් ගනු ලැබුයේ 1971 දී මැරිනර් 9 අඟහරුගේ කුඩා චන්ද්‍රයින් දෙදෙනාවන ෆෝබෝස් හා ඩීටෝස් ඡායාරූප කිරීමත් සමගවන අතර ඒවා බොහෝ දුරට අඟහරු විසින් ග්‍රහණය කර ගන්නා ලද ග්‍රාහක ලෙස සැලකේ. මෙම ඡායාරූප මගින් බොහෝ ග්‍රාහකවල අවිධිමත් හැඩයන් පෙන්ණුම් කෙරුණු අතර පසුව වොයෝජර් ගවේෂණවලින් ගන්නා ලද වායුගෝලයන්ගේ (gas giants) කුඩා චන්ද්‍රයින්ගේ ගන්නා ලද ඡායාරූප මගින් ද මෙය දැක්වුණි.

ප්‍රථමයෙන් සමීප ඡායාරූපයක් ගන්නා ලද සත්‍ය ග්‍රාහකය වූ 951 ග්‍රැස්පා

ප්‍රථමයෙන් සමීප ඡායාරූපයක් ගන්නා ලද සත්‍ය ග්‍රාහකය වූයේ 951 ග්‍රැස්පා ය. ඒ 1991 දීය. පසුව 1993 දී 243 - අයිඩා හා චන්ද්‍රයා වූ ඩැක්ටිල්ගේද ඡායාරූප ගත් අතර මේ සියල්ල බ්‍රහස්පතිට වූ ගැලීලියෝ ගවේෂණ ගමන් මගෙහි (Galileo probe en route) ඡායාරූප ගත කරන ලදී.

ප්‍රථමයෙන්ම පිළිගත් ඇස්ටෝරයිඩයක් ලෙස ගවේෂණ කරණු ලැබුවේ නියර් ෂූමාකර්ය. එය ඡායාරූප ගත කරන ලද්දේ 253-මැතිල්ඩේ මගින් 1997 දී වූ අතර එය පසුව 433 - එරොස්හි කක්ෂයට ඇතුළු වී අවසානයේදී 2001 දී එය මතට ගොඩ බැස්වූයේය.

9969 බ්‍රේසිලි (1999 දී ඩීප් ස්පේස් 1 මගින්) හා 5535 ඇනීෆ්‍රෑන්ක් (2002 දී ස්ටාර්ඩස්ට් මගින්) ඇතුළුව තවත් ඇස්ටොරයිඩ, වෙනත් ගමනාන්තයක් කරා යන අභ්‍යවකාශ යානා මගින් කෙටි අධ්‍යයනයන්ට ලක් කරන ලදී.

2005 සැත්තැම්බර්හිදී ජපන් අභ්‍යවකාශ යානයක් වන හයබුසා (Hayabusa) 25143-ඉටොකාවා අධ්‍යයනය කිරීම පටන් ගත් අතර ඉදිරි කාලයේදී එහි සාම්පල පෘථිවියට එවනු ඇත. නමුත් යානයෙහි පාලන රෝද 3 න් 2 ක හටගත් දෝෂ නිසා සූර්ය ශක්තිය ලබාගැනීම පිණිස නියම දිශානනියකට පැමිණීමට අපහසු වීමද ඇතුළු හිරිහැර රාශියකට පත්වීමට හයබුසාට සිදු විය. එය 2008 දී හා 2010 දී 2867-ස්ටෙයින්ස් අධ්‍යයනය කරනු ඇත.

2007 සැත්තැම්බර්හිදී නාසා ආයතනය ඩොවින් මෙහෙවර දියත් කළ අතර එය වාමන ග්‍රහලොවක් වන සිරස් හා 4 - වෙස්ටා ග්‍රාහක කක්ෂගත වී බොහෝ දුරට 2 පෙලාස් කරාද තම මෙහෙවර දීර්ඝ කරනු ඇත.

පෘථිවියේ දුර්ලභ හෝ අවසාන වූ මූලද්‍රව්‍ය ලබාගැනීම හා අභ්‍යාවකාශ වාසස්ථාන තැනීම පිණිස අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ප්‍රභවයන් ලෙස අනාගතයේදී ග්‍රාහක භාවිතා කරණු ඇතැයි විශ්වාස කෙරේ. (ඇස්ටෝරයිඩ ජනපදකරණය බලන්න) පෘථිවියේ සිට ගෙනයාමට බර වැඩි‍ හෝ වියදම් වැඩි අමුද්‍රව්‍ය යම් දිනක ග්‍රාහක කැණීම් මගින් ලබාගනු ඇති අතර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ආදිය ගොඩ නැගීමට ඒවා යොදා ගනු ඇත.

http://en.wikipedia.org/wiki/Asteroid#Exploration

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රාහක_-_ගවේෂණය&oldid=418811" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි