ගල්ගිරියාවේ බුද්ධරක්ෂිත හිමි

අතිගෞරවාර්හ ගල්ගිරියාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමි (1913-1919)

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුවේ නිකවාගම්පහ කෝරළයේ ගල්ගිරියාවේ ශ්‍රී නාරායන චන්ද්‍රසේකර හේලියබණ්ඩාරලාගේ මුතුකුඩ වලව්වේදි වර්ෂ 1843 ජූනි මස 8 වැනිදා උපත ලැබූ උන්වහන්සේගේ ගිහිනම වූයේ 'හීන්බණ්ඩා'යි. වර්ෂ 1849දී කඳුලව ඉහළ විහාරය හා කඳුලව හාවරාවල විහාර ද්වයාධිපතිව වැඩවුසූ අති ගෞරවාර්හ ගල්ගිරියාවේ ශ්‍රී ධර්ම රක්ෂිත සුමංගලාභිධාන දසවැනි මහානායක ස්වාමීන්ද්‍රයන්ව හන්සේ සහ එවක කඳුලව විහාරාධිවාසීව වැඩවුසූ අති ගෞරවාර්හ මැදගම ශ්‍රීධර්මරක්ෂිත දේවමිත්තාභිධාන දොළොස්වෙනි මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ආචාර්ය කොටගනිමින් පැවිදිවිය. වර්ෂ 1863 මැයි මස 29වැනිදා එවකලේවැල්ල ගංගාරාම රජමහ විහාරාධිපති නායක පදවිය දැරූ වැඩවුසූ මැදගම දේවමිත්ත මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ උපාධ්‍යායව මල්වතු විහාරාධිවාසී බෝපේගුණරතන, හිප්පොලසෝභිත ස්වාමීන්ද්‍රයන්වහන්සේලා කර්මාචාරීව "වාහලනාග" නාමයෙන් උන්වහන්සේගේ උපසම්පත්තිය සිදුවිය. ඉන්පසු මැදගම මහනා සමිඳුන්වෙතින් වර්ෂ 1868 අපේ මල්වතු මහාවිහාරයේ උපෝසථාගාරයේ කර්ම වාගාචාර්ය ඨානාන්තරයකටද, වර්ෂ 1875 දීගරුතරකාරක සංඝ සභාවේ තුනේවියදම්ප ඩියටද, වර්ෂ 1876 දී දළදා තේවාමුරයටද, වර්ෂ 1900 දී අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ වෙතින්ජ්‍යෙෂ්ඨකාරක සංඝ සභිකධූරයටද උන්වහන්සේ පත්වූ අතර වර්ෂ 1902 දී තේවාභාර නායක පදවියටද පත්වූහ.

                                                            ස්වකීයපැවිදිසහෝදරකඳුලව,වරාවලවිහාරයන්හිඅධිපතිකඳුලවඅත්ථදස්ස්‍යභිධානඉහළදොළොස්පත්තුවේප්‍රධානසංඝනායකස්වාමීන්ද්‍රයන්වහන්සේගේඅපවත්වීමෙන්සිස්වූඑකීවිහාරයන්හිඅධීශත්වයටපත්උන්වහන්සේවර්ෂ1907 ජූනි12 වැනිදාඑකීනායකපදවියටදපත්වූහ.

                                            ඉනික්බිතිවමුන්වහන්සේවර්ෂ1913දීමහානායකඨානාන්තරප්‍රාප්තවවර්ෂ1914දී වල්ගම්පායේ විහාරාධිපති ධුරයටද පත්විය.කඳුලවඉහළවිහාරයප්‍රතිසංස්කරණය,වල්ගම්පායේඝණ්ඨාස්ථම්භයඉදිකිරීම,දෙහෙල්ගමුවකන්දේවිහාරය,තල්ගොඩපිටිය,පෙරියකඩුවයනවිහාරයන්හිජරාවාසහරවාවිහාරසංවර්ධනයකෙරෙහිතත්පරවූඋන්වහන්සේහාකඳුලවඅත්ථදස්සිතෙරණුවන්විසින්බිහිකළශිෂ්‍යබාලාදීන්පහතපරිදිය.

                  ඇඹෝගමපියරතන,හෙනවරතනපාල,හේරත්ගමධම්මානන්ද,කඳුලවසුදස්සී,හෙනවධම්මරක්ඛිත,කිරිබමුණේසෝමානන්දහාගල්ගිරියාවේදේවමිත්තයනස්වාමීන්ද්‍රයන්වහන්සේලාවෙත්.පුරාසයවසක්මහනාපදවිදැරූඋන්වහන්සේවර්ෂ1919 දීඅපවත්වීවදාළහ.