ගය:ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා

එල්ලේ යනු ශ්‍රි ලංකාවට පමණක් ආවේනික පිත්තෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම් ක්‍රීඩාවක් වේ. පිත්ත සහ පන්දුවත් අතර පිල් දෙකක් වශයෙන් ක්‍රීඩකයින් දහසය (16) දෙනකුද අතිරේක ක්‍රිඩකයින් හතර (04) දෙනකු ඇතුලත් මෙම ක්‍රීඩාව ලොව වැඩිම ක්‍රිඩක සංඛ්‍යාවක් ඇතුලත් වූ ක්‍රීඩාව වශයෙන් හැඳින්විය හැක.වසර දහස් ගණනක ඇත ඉතිහාසයකට උරැමකම් කියනු ලබන මෙම ක්‍රීඩාව ඉතාමත් උද්වේගකාරවුත් තරගකාරිවුත් තරග රටාවක් ගන්නා එල්ලේ ක්‍රිඩාවේ සැම තරගයක්ම මහත් කුතුහලයකින් නැරඹිමට හැකියාවක් ලැබෙන අතරම ගම් පලාතේ මෙන්ම කණ්ඩායම් අතර එකමුතුකම වර්ධනය කරගැනිම මෙම තරගයන්හි මුලික අරමුණ ඇතිව අතිත මුතුන්මිත්තන් විසින් ආරම්භ කර ඇති ක්‍රිඩාවකි.