ගයාහි කිරුළ
ගයාහි කිරුළු යනුවෙන් අදහස් වන්නේ ගයා රාජ්‍ය සන්ධානයේ ප්‍රභූ ජනයා විසින් පළඳින්නට ඇතැයි විශ්වාස කළ හැකි, කැනීම්වලින් හමුවූ ශීර්ෂාභරණ දෙකකි. මෙම කිරුළුවල ද කොරියාවේ කිරුළුවල සාමාන්‍ය සම්ප්‍රදායික ආභාසය දැකගත හැක.[1] මෙහි උෂ්ණීෂයක් භාවිත කිරීම බෙක්ජේ කිරුළුවල ආභාසයට නිදසුනක් වන අතර, උඩු අතට ශීර්ෂ පටි භාවිතා කිරීම සිල්ලාවේ කිරුළුවල දැකගත හැකි ලක්ෂණයකි.[1] කෙසේනමුත්, ගයා කිරුළු පැහැදිළිවම සිල්ලා සහ බෙක්ජේ කිරුළුවලින් වෙනස් වන අතර, එමගින් පැහැදිළි වන්නේ ගයා ජනයාට ඔවුන්ට ආවේණික ස්වාධීන සංස්කෘතියක් පැවති බවයි. [2]
ගයාහි කිරුළ | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 금관및부속금구 |
හන්ජා | 金冠및附屬金具 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Geumgwan mit Busok Geumgu |
මැකූන්–රයිෂවර් | Kŭmgwan mit Pusok Kŭmgu |
ජාතික වස්තුව අං. 138
සංස්කරණයග්යුම්ග්වන් මිත් බුසොක් ග්‍යුම්ගු යන්න භාවිතා වන්නේ රත්රන් කිරුළක් හා එහි අතිරේක ආභරණ, මුදු සහ කර්ණාභරණ ඇතුළත් කෞතුක භාණ්ඩ එකතුවකි. මෙම කිරුළ වර්තමානයේ හොආම් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම කෞතුක භාණ්ඩය සහ එහි අතිරේක උපාංග 1971 දෙසැම්බර් 21 දින කොරියාවේ ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. මෙම කිරුළ ක්‍රි.ව. පස්වන හෝ හයවන සියවසට අයත් යැයි විශ්වාස කෙරෙන අතර, එහි උස සෙන්ටිමීටර 11.5ක්, පළල සෙන්ටිමීටර 3.6කි. කිරුළේ විෂ්කම්භය සෙන්ටිමීටර 20.7කි.
කිරුළ වෙනස් කොටස් තුනකින් සෑදී ඇත. ශීර්ෂ පටිය නිර්මාණය කොට ඇත්තේ රත්රන්වලිනි. එය පටියට අල්ලන ලද කුඩා රන් කැඩපත්වලින් විසිතුරු කොට ඇත. කිරුළෙහි පටියෙහි වජ්‍ර මෝස්තරයක ස්වරූපයෙන් කැටයම් කොට ඇති ඉහළට සහ පහළ දිවෙන තිත් රාශියකි. මීට අමතරව පටියට ජේඩ් ගොගොක් පබළු ද සම්බන්ධ කොට ඇත. කෙසේනමුත්, මෙම පබළු ශීර්ෂ පටියෙහි සම්බන්ධ කොට තිබුණේ ද යන්න තවමත් මතභේදයට තුඩු දී ඇත. එයට හේතුව කැනීම් කටයුතුවල දී එය කිරුළ සමග එකට තිබී හමු නොවීමයි.
කිරුළේ අමතර උපාංග එකිනෙකට සමදුරින් වෘත්තාකාර ශීර්ෂ පටිය මත තැන්පත් කොට ඇත. මෙම අංග ප්‍රංශයේ රාජ්‍ය සංකේතයට තරමක් සමාන ස්වරූපයක් ගත්ත ද, එය බොහෝ අවස්ථාවල විස්තර කෙරෙන්නේ තෘණ හැඩැති හෝ ලතාමය හැඩැති මෝස්තරයක් ලෙසිනි. මේ සෑම අංගයක්ම සමාන අතර, ඒවායේ යටි අතට දිවෙන නෙරුම් කට්ටල තුනක් ඇත. මේවායේ මුදුනේ මැණිකක හැඩැති වස්තුවක් දැකගත හැක. මෙම විසිතුරු අංග බෙක්ජේහි කිරුළට සමානත්වයක් දක්වන අතර, එහි ද ලියවැල් ආකාරයේ මෝස්තරයක් දැකගත හැක. නමුත් සිල්ලා කිරුළුවල ඇත්තේ ශෛලිගත මෝස්තර රටාවකි.
අවසානයේ, ලතාමය හැඩැති ආභරණ සතරක් ඇති අතර, ඒවා උෂ්ණීෂයන් මෙන් භාවිතා වී ඇත. ජේඩ් ගොගොක් පබළු රන් ආභරණවලට මෙන්ම කුඩා රන් ඵලකවලට ද සම්බන්ධ කොට ඇත. මෙම ආභරණ සිල්ලා ආභාසය ලද බව විශ්වාස කෙරෙන අතර, කිරුළේ ශීර්ෂ පටියේ මෙන්ම මෙහි ද වජ්‍රයක මෝස්තරයෙන් යුත් තිත් රටා දැකගත හැක.
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ a b Golden Treasures: The Royal Tombs of Silla | Thematic Essay | Timeline of Art History | The Metropolitan Museum of Art
- ^ Barnes, Gina L. (2001). Introducing Kaya History and Archaeology. In State Formation in Korea: Historical and Archaeological Perspectives, pp. 179–200. Curzon, London.