ගමන් මග පාලනය කළ හැකි මිසයිල සහිත යුධ නැව්

පොළවේ සිට ගුවනේ ඉලක්කවලට ප්‍රහාර එල්ලකරන මිසයිල II වන ලෝක යුද්ධයෙන් පසුව හඳුන්වා දුන් අතර පසුව ඒවා කුඩා නැව්වල ගුවන් ආරක්ෂක පද්ධති සඳහා ද යොදා ගන්නා ලදී. මෙම මිසයිල සහිත ආරක්ෂක නැව්වලට අයත්වන යාත්‍රා එක්සත් ජනපද නාවික බලගණයේ ඇති අතර එම නැව් 1975 වන තෙක් හඳුන්වනු ලැබුවේ “ඕෂන් එස්කොට්” [සාගර ආරක්ෂක නැව්] යන නම්න් වන අතර අනෙක් නාවික හමුදාවන් භාවිතා කළේ “ආරක්ෂක නැව” [Frigate] යන යෙදුම වේ.

ගොනුව:Frigate Class Ships.jpg
නූතන ආරක්ෂක නැව්

1950 සිට 1970 දක්වා එක්සත් ජනපද නාවික හමුදාව සතු වූ මිසයිල සහිත ආරක්ෂක නැව් ගුවන් ආරක්ෂක පද්ධතිය ලෙස බොහෝවිට කටයුතු කළ අතර එම නැව් “ඩෙස්ට්‍රොයර්” නැවේ කඳට සමාන ලෙස නිමවන ලදී. මේ අතරින් “බේන් බ්‍රිජ්, ටෲක්ස්ටන්, කැලිෆෝනියා සහ වර්ජිනියා” නැව් න්‍යෂ්ටික බලයෙන්ද යුක්ත විය. මෙම නැව් පෙර භාවිත කළ ඒවාට වඩා ප්‍රමාණයෙන් විශාලවන අතර ඒවා හඳුන්වනුයේ ආරක්ෂක නැව් යන යෙදුමෙනි. ඉහත නැව් නැවත වර්ගීකරණය කොට CG/CGN යන කාණ්ඩවලට වෙන් කෙරිණ.

මෑත කාලීන නූතන ආරක්ෂක නැව්ද විවිධ මිසයිල මගින් බල ගන්වා ඇති අතර ඒවා FFG කාණ්ඩයට වර්ග කර ඇත. මෙම නැව්වල වර්ධනයන් ඉතා වේගවත් වූ අතර නූතන මිසයිලවලින් බලාත්මක මෙම නැව් ගුවන් ආරක්ෂක පද්ධති කෙරෙහි විශේෂීකරණය වී ඇත.

http://en.wikipedia.org/wiki/Frigate#Guided_missile_frigates