ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවේ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි. මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය.

එනම්:

  1. නිතැත් ගබ්සාව(Spontaneous Abortion) ස්වාභාවිකවම කලලය ගර්භාෂයෙන් පිටතට පැමිණිම.
  2. ප්‍රේරිත ගබ්සාව (Induced Abortion ) බාහිර බලපෑමක් මගින් කලලය ගර්භාෂයෙන් ඉවත් කිරීම.

නිතැත් ගබ්සාව හෙවත් ගබ්සාවීම

සංස්කරණය
ගබ්සාවීම
Miscarriage
වර්ගීකරණය සහ බාහිර සම්පත්
 
සති හයක් ගතවූ භ්‍රැණයක නිතැන් ගබ්සාවීමක්. conception, අවසන් වරට ඔසප් වීමෙන් සති 8ට පසු last menstrual period (LMP)
ICD-10O03.
ICD-9634
DiseasesDB29
MedlinePlus001488
eMedicinetopic list
MeSHD000022

ප්‍රේරිත ගබ්සාව හෙවත් ගබ්සාකිරීම

සංස්කරණය
ගබ්සාකිරීම
Induced abortion
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ICD-10O04.
ICD-9779.6
DiseasesDB4153
MedlinePlus002912
eMedicinearticle/252560

ලොව මෑතකදි අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් අතිබහුතරයක් ගබ්සා කරවා ගැනීම් වලින් අවසන් වන බව විද්වතුන්ගේ මතයයි. ඵ් සදහා බලපාන ලද හේතු බොහොමයක් හදුනාගත හැකිය.

  • ක්‍රමවත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම .
  • දරැ ගැබ පිහිටන අවස්ථාවේදි එය අපේක්ෂා කළද පසුව ඇතිවන විවිධ ආර්ථික , සමාජ හෝ ‍සෞඛ්‍ය හේතුන් මත ගබ්සා වලට යොමුවීම.
  • අනපේක්ෂිත කාලයේදි සිදුවන හදිසි ගැබ්ගැනීම් .
  • තවත් දරැවෙකු නඩත්තු කිරීම පවුලේ අනෙක් දරුවන්ගේ අගතියට බලපැ හැකියැයි නිගමනය කිරිම.

ගබ්සාව පිළිබඳ ගැටලුව සැලකීමේදි අවධානයට යොමුවු ප්‍රධානම හේතුව නම් පවුල් සැලසුම් ක්‍රමවල පවතින දුර්වලතාවයන්ය. විශේෂයෙන්ම සාම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි නොවේ. එහෙත් ලංකාව වැනි බොහෝ රටවල කාන්තාවන් අතර විශ්වාසය තැබිය හැකි නවීන පවුල් සැලසුම් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම ප්‍රචලිතව පැවතීම ගබ්සාවපිළිබඳ ප්‍රශ්නය උග්‍ර වීමට හේතු වි ඇත.

විවිධ රටවල ගබ්සාව පිළිබඳ තත්වය

සංස්කරණය

බොහෝ රටවල පවතින සමාජ , ආර්ථික විවිධතාවය පදනම් කොටගෙන වාර්ෂිකව ගබ්සාව සඳහා යොමු වන ප්‍රතිශතයේ වෙනස්කම් පවතින අතර සමහර රටවල සාඵල්‍යතාව අඩු කිරීමෙහි ලා ගබ්සාව ඉතා අඩු බලපෑමක් කරන සාධකයක් බවට පත් වි ඇත.ලෝකයේ ඇතැම් රටවල ගබ්සාව නීත්‍යානුකුල කර ඇති අතරම තවත් සමහර රටවල යම් යම් කොන්දේසි යටතේ නිතිගත කර ඇත. එහෙත් ලංකාව ඇතුලු ඇතැම් රටවල එය නෛතික වරදක් බවට පත්කර දඩුවම් නියම කර ඇත.

  • ඉන්දියාවේ ගබ්සාව නීනිගත කර ඇතත් එය සිදුකළ හැක්කේ ගැබට සති 20ක් ඉකුත් වීමට පෙරය.
  • බංග්ලාදේශයේ ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර එය කරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත.
  • තායිලන්තයේ ගබ්සාවක් කර හැක්කේ එය ව්‍යභිචාරය,දූෂණය ,හෝ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් පමණි.
  • ශ්‍රී ලංකාවේ තවමත් බලපැවැත්වෙන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක් වේනම් පමණි.

තත්වය මෙසේ වුවද ඉහත දැක්වු හේතු මත ලෝකයේ අනීතිකව සිදුවන ගබ්සා ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතී. සදාචාරමය හා ආගමික වශයෙන් යම් යම් සිමාවන් යටතේ ගබ්සාව සිදුකිරිමෙහි ප්‍රවණතාව අඩු වී ඇති අතර එයට වෛද්‍යවරයෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය වන නිසා එවැන්නකින් වැළකී සිටීමට බොහෝ අයගේ නැඹුරැවක්ද පවතියි. එහෙත් අක්‍රමවත්ව සිදුවන ගබ්සා කිරිම් හේතුවෙන් සිදුවන අනතුරැ ප්‍රමාණය ඉහළයෑමටද එම හේතුම ඉවහල් වි ඇත.

ගබ්සා ක්‍රමවේදයන්

සංස්කරණය

සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද වඩාත් ප්‍රචලිත ගබ්සා ක්‍රමය වශයෙන් භාවිතා වන්නේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමේ ක්‍රමයයි. (Menstrual Regulation) ඔසප් චක්‍ර ක්‍රමය යනු සිරින්ජරයක් මගින් ගර්භාෂයට කිසියම් රසායනික දියරයක් ඇතුලු කොට ඉතා කුඩා කලලය විනාශ කිරීමයි. ඉන්පසු එම විනාශ වු කලලයේ කොටස් දූවිලි ඇද ගන්නා වැනි උපකරණයක්(Vaccum)මාර්ගයෙන් ඉවත් කරනු ලැබේ. ගබ්සාවක් සිදුකරන තවත් ප්‍රකටක්‍රමයක් වන්නේ ශල්‍යකර්මයක් මාර්ගයෙන් කලලයඉවත් කිරීමයි.(D&E) ඊට අමතරව R.U.486 නම් වු ගිලින පෙති මගින්ද සංවර්ධිත රටවල ගබ්සාව සිදුකෙරේ.උක්ත ක්‍රමවලට අමතරව ගබ්සාව කිරීම සඳහා භාවිතා කරන අනියම් ඖෂධ වර්ග බොහොමයක්ද හදුනාගත හැකිය. ඇලපති , හෝමියෝපති, යුනානි, ආයුර්වේද, ආදි වෛද්‍ය ක්‍රමවල දක්නට ලැබෙන ‍‍ඖෂධ වර්ග කීපයකි. මේවා බොහෝ දුරට සංවර්ධනය වෙමින් පවතින රටවල ගබ්සාව සදහා යොදාගනු දක්නට ලැබෙයි. මේනිසා ගබ්සාවට ලක් වන කාන්තාවන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මතුවිය හැකි අතර එමගින් ජීවිතය පවා අවදානම් තත්වයකට පත්විය හැක.ගබ්සාව සඳහා මෙම ක්‍රමවලට අමතරව සාම්ප්‍රදායික හා නොදියුණු ක්‍රම ලෙස සැළකෙන එඬරැ නැටි භාවිතා කිරීම, අමු අන්නාසි ආහාරයට ගැනීම,විශේෂ සම්බාහන ක්‍රම වැනි ක්‍රම තවමත් ඇතැම් ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාවන් අතරද කලාතුරකින් භාවිතා වන බව වාර්තා වේ.


ආශ්‍රිත ග්‍රන්ථ

සංස්කරණය

"ජනගහන අධ්‍යයන"
ද සිල්වා ඉන්ද්‍රලාල
සීමාසහිත දීපානි මුද්‍රණ
නුගේගොඩ.

"https://si.wikipedia.org/w/index.php?title=ගබ්සාව&oldid=305833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි