ගණිතය 10 ශ්‍රේණිය සමාන්තරාස්‍ර

සමාන්ත්‍රරාස්‍ර සම්මුඛ පාද සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාස්‍රයක් යුවෙන් හදුන්වයි.

සමාන්තරාස්‍රයක ලක්ෂණ (1) සම්මුඛ පාද සමාන්තරවේ. (2) සම්මුඛ පාද සමාන වේ (3) සම්මුඛ කෝණ සමානවේ. (4) එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. (5) විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. සමාන්තරාස්‍රයක ලක්ෂණ ආශ්‍රිත ප්‍රමේයයන් සමාන්ත්‍රරාස්‍රයක (1) සම්මුඛ පාද සමානවේ. (2) සම්මුඛ කෝණ සමානවේ. (3) එක් එක් විකර්ණය මගින් සමාන්ත්‍රරාස්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. (4) විකර්ණ එකක් අනෙක සමච්ඡේදනය කරයි.

දී ඇති චතුරස්‍රයක් සමාන්තරාස්‍රයක් වීමට අවශ්‍යතාව. චතුරස්‍රයක (1) සම්මුඛ පාද සමාන්තර වීම හෝ (2) සම්මුඛ පාද සමාන වීම හෝ (3) සම්මුඛ කෝණ හෝ (4) විකර්ණ ඒකිනෙක සමච්ජේදනය වේ නම් හෝ (5) ඒක් සම්මුඛ පාද යුගලයක් සමානද සමාන්තරද වේ නම් , ඒය සමාන්තරාස්‍රයක් වේ.