ගණකාධිකරණ ආචාර ධර්ම

ගණකාධිකරණ ආචාර ධර්ම යනු මූලික වශයෙන් ව්‍යවහාරික ආචාර ධර්ම වලට අයත් විෂය කොටසක්, ගණකාධිකරණයට අදාළ වන සදාචාරාත්මක අගය පිළිබඳ අධ්‍යයනය සහ විනිශ්චය.එය වෘත්තිමය ආචාර ධර්ම සදහා නිදසුනකි. ගණකාධිකරණ ආචාර ධර්ම Luca Pacioli විසින් පළමුව හඳුන්වා දෙන ලද අතර පසුව රජයේ කන්ඩායම්, වෘත්තිමය සංවිධාන සහ ස්වාදීන සමාගම් විසින් එය වැඩිදියුණු කළහ.උසස් අධ්‍යාපන ආයතනයන්හි ගණකාධිකරණ පාඨමාලා වලදී මෙන්ම ගණකාධිකාරිවරු සහ විගණකවරු පුහුණු කරනු ලබන සමාගම් ද ආචාර ධර්ම උගන්වනු ලැබේ

ගණකාධිකරණ සේවා සහ මෑතකදී සිදුවූ සංස්ථාපිත බිදවැටීම් රැස නිසා ගණකාධිකරණ වෘත්තිය තුල පිළිගත් ආචාර ධර්ම සදහා අවධානය යොමුවී ඇත.මෙම බිදවැටීම් නිසා ගණකාධිකරණ වෘත්තියෙහි කීර්තියට පුළුල් ලෙස විසිරුණු නොසැලකිල්ලක් ඇතිවී ඇත.විවේචනයන් මැඩපවත්වීමට සහ වංචාකාරී ගණකාධිකරණය නැවත්වීමට විවිධ ගණකාධිකරණ සංවිධාන සහ රජයන් විසින් ගණකාධිකරණ වෘත්තිය තුල වර්දනය වූ ආචාර ධර්ම නියාමනයන් සහ පිළියම් ගොඩනගා ඇත.

ආචාර ධර්ම වල වැදගත්කම. සංස්කරණය

ගණකාධිකාරිවරු සහ විගණකවරු සිදුකරන්නා වූ කාර්යයේ ස්වභාවය ගත් කල ඔවුන්ට ඉහල මට්ටමේ ආචාර ධර්ම අවශ්‍ය වේ.කොටස්කරුවන්, කොටස්කරුවන් වීමට බලාපොරොත්තුවන්නන් සහ අනෙකුත් මුල්‍යමය ප්‍රකාශන භාවිතයට ගන්නන් ඔව්න්ට එම දත්ත ආයෝජන සිදුකිරීමට පෙර තීරණ ගැනීමේදී භාවිතා කල හැකි නිසා විශාල ලෙස සමාගමක වාර්ෂික මුල්‍යමය ප්‍රකාශන මත යැපේ.ඔව්න් ප්‍රකාශන පිළියෙළ කරනා ගණකාධිකාරිවරුන්ගේ, ඒවා අනුමත කරනා විගණකවරුන්ගේ මතයන් මත සමගම පිළිබද නිවැරදි සහ අපක්ෂපාති අදහසක් ලබාගනී. ආචාර ධර්ම පිළිබද දැනුම ගණකාධිකාරිවරු සහ විගණකවරුනට ආචාරධර්මීය සැකයන් පැරදවීමට උපකාරී විය හැක.නිවැරදි තීරණය ගැනීමෙන් සමාගමට ලාබ නොලැබෙන නමුත් එය ගණකාධිකාරිවරු සහ විගණකවරුන්ගේ වාර්තා මත යැපෙනා ජනතාවට ලාබ ගෙන දෙනු ඇත. බොහෝ රටවල් හට ගණකාධිකරණ නීති ඇතිකිරීමේදී වෙනස් වූ ආකල්ප පවතී.ජර්මනියේ ගණකාධිකරණ නීති පැනවීම පාලනය කරනු ලබන්නේ බදු නීතිය මගිනි; ස්වීඩනයේ ගණකාධිකරණ නීතිය මගිනි; සහ එක්සත් රාජධානියේ සමාගම් නීතිය මගිනි. මීට අමතරව ගණකාධිකරණය සදහා නියෝග පනවන ඔව්න්ගේම සංවිධාන රටවල් සතුව පවතී.නිදසුනක් ලෙස, ස්වීඩනය සතුව Bokföringsnämden (BFN - ගණකාධිකරණ ප්‍රමිති මණ්ඩලය ) පවතී, ස්පාන්ය සතුව the Instituto de Comtabilidad y Auditoria de Cuentas (ICAC) පවතින අතර ඇමරිකා එක්සත් ජනපදය සතුව Financial Accounting Standards Board (FASB) පවතී.

ඉතිහාසය සංස්කරණය

 
Luca Pacioli,1494 දී ගිණුම්කරණ ආචාරධර්ම ග්‍රන්ථය රචනා කරන ලදී. 1495 නොදන්නා චිත්‍ර ශිල්පියකු විසින් අඳින් ලදී.

Luca Pacioli, ගණකාධිකරණයේ පියා, ගණකාධිකරණ ආචාර ධර්ම පිලිබදව ඔහු විසින් ලියු පළමු පොත වූ 1494 ප්‍රකාශයට පත කල Summa de arithmetica, geometria, proportioni, et proportionalita හි සදහන් කරනා ලදී. ආචාර ධර්ම සදහා වන ප්‍රමිතින් එතැන් සිට රජයේ කණ්ඩායම්, වෘත්තියමය සංවිදාන සහ ස්වාදීන සමාගම් විසින් ගොඩ නගන ලදී.මෙම විවිද කණ්ඩායම් විසින් ගණකාධිකාරීවරුන් ආචාර ධර්ම පද්දතියක් අනුගමනය කරමින් තම කාර්යන් වෘත්තියමය වටපිටාවක් තුල සිදු කිරීමට පොලබවන ලදී. ගණකාධිකාරීවරු අනිවාර්යෙන්ම ඔව්න් සාමාජිකත්වය ලබාගත් වෘත්තිය සංවිධානය විසින් පනවන ලද ආචාර ධර්ම පද්දතිය අනුගමනය කල යුතුය.එක්සත් ජනපදයේ රාජ්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය, අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනය සහ ගණකාධිකාරිවරුන්ගේ ජාතික සංගමය වැනි ගණකාධිකරණ සංගමයන් සියල්ලෙහිම ආචාර ධර්ම පද්දතියක් පවතින අතර බොහෝ ගණකාධිකාරිවරු එවැනි එක සංගමයක හෝ කිහිපයක සාමාජිකයන් වේ. මහජන ගණකාධිකාරිවරුන් සදහා වූ අමෙරිකානු සංගමය(AAPA) 1887 දී පිහිටුවන ලදී.එය එක්සත් ජනපදයේ ගණකාධිකරණ ශේස්ත්රයේ වෘත්තියමය බව ගොඩනගීමෙහි පළමු පියවර විය.1905 වන විට AAPA හි පළමු ආචාර ධර්ම පද්දතිය එහි සාමාජිකයන්ගේ අද්‍යනය සදහා ගොඩනංවන ලදී.1907 දී පැවති එහි 12 වන සංවත්සරය සමරන සැසියේදී ආචාර ධර්ම එහි සාමාජිකයන් අතර ප්‍රධාන මාතෘකාවක් විය.එම සාකච්චා වල ප්‍රතිපලයක් ලෙස වෘත්තියමය ආචාර ධර්ම ලය්ස්තුවක් සංවිදානයේ නීති තුලට ඇතුලත් කරනා ලදී. කෙසේ උවත් සංවිදානයේ සාමාජිකත්වය ස්වේච්චාවෙන් ලබාගන්න නිසා සංගමය එක් එක් සමාජිකයා එම අනුගමනය්න් සහතික කිරීම බලාපොරත්තු නොවේ. Illinois Institute of Accountants වැනි අනෙක් ගණකාධිකාධිකරණ සංගම්ද විෂය සදහා ආචාර ධර්ම වල ඇති වැදගත්කම පිළිබද සාකච්චා අරඹ කරනා ලදී. දැනට පවතින ” සහතික කරනා ලද මහජන ගණකාධිකාධිකාරිවරුන්ගේ අමෙරිකානු ආයතනය” යන නම ලැබීමට පෙර එහි ඉතිහාසය තුල කිහිප වරක්ම AAPA හි නම වෙනස් කරනා ලදී.එහි සාමාජිකයන් විසින් පිළිපැදිය යුතු අංශ පහකින් යුත් මුලික ආචාර ධර්ම පද්දතියක් AICPA විසින් ගොඩනගන ලදී .”නිදහස් බව, සම්පූර්ණත්වය සහ විෂයමූලකත්වය”,” නිපුණත්වය, තාක්ෂණික මට්ටම ”,”සේවාදායකයාට ඇති වගකීම්”,” හවුල්කාරයාට ඇති වගකීම්”,මෙන්ම “ අනෙකුත් වගකීම් සහ පිළිවෙත්”.මෙම එක් එක් අංශය මගින් සහතික කරනා ලද ගණකාධිකාරිවරුන්ට වෘත්තියමය ආකාරයෙන් කටයුතු කරනා ආකාරය පිළිබද මග පෙන්වීමක් සිදුකරන ලදී. සපයා ඇති මාර්ගසූචක අනුව කටයුතු කිරීමට නොහැකි වීම නිසා ගණකාධිකාරිවරයෙකු සේවය තහනම් කිරීමක් ද සිදුවිය හැක.මුලික ආචාර ධර්ම ගොඩ නැගීමේදී AICPA විසින් වෘත්තිය දෙස ගණකාධිකරණ ශේස්ත්රයෙන් පිට සිටින අය දකිනා ආකාරයද සැලකිල්ලට ගන්න ලදී.

ඉගැන්වීමේ ආචාර ධර්ම සංස්කරණය

විශ්ව විද්‍යාල විසින් ඉගැන්වීමේ ආචාර ධර්ම 1980 දශකයේදී ආරම්භ කරන ලදී.මෙම විෂය සදහා වන පාඨමාලා පසුගිය දශක දෙක තුල විශාල වශයෙන් වැඩි වී ඇත. ගණකාධිකාරිවරුන්ට ආචාර ධර්ම ඉගැන්වීමේදී භූමිකා නිරූපණය,දේශන, විෂය අධ්‍යයනය, ආරාධිත දේශන මෙන්ම අනෙකුත් මාධ්‍යද සම්බන්ද කරගත හැක.මෑත කාලීන අද්යනයන් මගින් සදහන් පෙනෙනුයේ සෑම ගණකාධිකාධිකරන ග්‍රන්ථයකම කුමන ආකාරයකින් හෝ ආචාර ධර්ම පිළිබද අඩංගු වේ. එක්සත් ජනපදයේ ගණකාධිකාධිකරන ශේස්ත්රයේ ආචාර ධර්ම පිළිබද අධ්‍යනය කෙරෙහි අවදානය යොමු කල පළමු මධ්‍යස්ථානය 1993 වසරේ බින්ග්හම්ප්ටෝන් හි State University of New York හි දී ආරම්භ කෙරුණි. 1999 සිට එක්සත් ජනපදයේ ජනපදය කිහිපයකම ආචාර ධර්ම පන්ති CPA විභාගයට පෙර අනිවාර්ය කිරීම ආරම්භ කරනා ලදී. 1988 දී Stephen E. Loeb විසින් ගණකාධිකරන ආචාර ධර්ම පිළිබද අධ්‍යාපානය සදහා අරමුණු 7 ක් ඇතුලත් විය යුතු බව යෝජනා කරනා ලදී. මෙම අරමුණු ක්‍රියාත්මක කිරීමට ගණකාධිකාධිකරන විෂය මාලාව තුලදී හෝ එම විෂය සදහාම වූ වෙනම පංතියකදී මෙම ගණකාධිකරන ආචාර ධර්ම ඉගැන්වීම සිදු කල හැකි බව ඔහු පෙන්වා දෙන ලදී.එය ගණකාධිකරන පාඨමාලාව පුරා ඉගැන්වීමට අවශ්යවීමෙන් සෑම ගණකාධිකරන ගුරුවරයෙක් සතුවම එම විෂයෙහි දැනුම තිබීම අත්‍යවශ්‍යය.තනි පාඨමාලාවක් නම් එය ශිෂ්‍යාගේ අධ්‍යාපනයේ කුමන ස්ථානයට ඇතුලත් කර යුතුද යන්න සැලකිය යුතුය. වර්ෂාර්ධයක් තුල නිමකිරීමට තරම් විෂය කරුණු පවතීද යන්න සහ බොහෝ විශ්වවිද්‍යාල සතුව වසර 4 ක විෂය ධාරාවක් තුල මෙම විෂයෙහි තනි පන්තියක් සදහා ඉඩ පවතීද යන්න පැනනගින ගැටළු වේ. මේ අතර විශ්වවිද්‍යාලය තුල ආචාර ධර්ම ඉගැන්විය යුතුද යන්න පිලිබදව මත වදයක් ගොඩ නැගී තිබිණ.පක්ෂපතීන් පෙන්වා දුන්නේ ආචාර ධර්ම වෘත්තිය වැදගත් බව සහ මෙම විෂයට පැමිනෙන නවකයන්ට එය ඉගැන්විය යුතු බවය.මීට අමතරව මෙම අද්‍යාපනය සිසුන්ට ආචාර ධර්ම වල අගය පිළිබද අවබෝදය ලබාදෙන අතර අන් අය සිදුකරන ආචාර ධර්ම වලට පටහැනි තීරණ ගැනීම් වලක්වීමටද දිරිගන්වනු ඇත. විචාරකයන් පවසන්නේ පුද්ගලයෙක් ආචාර ධර්මීය වුවත් නැතත් ආචාර ධර්ම ඉගැන්වීම ඵල රහිත බැවය.විරුද්දතා පැවතියද ගණකාධිකරන ආචාර ධර්ම පිළිබද විශ්වවිද්‍යාල සහ සම්මේලන විසින් ඉදිරිපත් කරන උපදෙස් වෘත්තිය ආයතන සහ ගණකාධිකරන සමාගම් විසින් පිළිගෙන ඇත. ගණකාධිකරන අද්යාපන සංශෝදන කොමිසම(AECC ) ශිෂ්‍යයන් හට පවසන්නේ “වෘත්තිය පිළිබද ආචාර ධර්ම දැනගන්න එමෙන්ම අවබෝද කරගන්න සහ වටිනාකම අනුව තීරණ ගැනීමට හැකිවන්න ” Phillip G. Cottel පවසන්නේ ප්‍රබල ලෙස ආචාර ධර්ම පවත්වා ගැනීමට නම් ගණකාධිකාරීවරයෙකු සතුව වටිනාකම පිළිබද ඉහල හැගීමක් පැවතීම, යම් අවස්ථාවක දී ආචාර ධර්මයන්හි ඇති සම්බන්දතාව වටහා ගැනීමට ඇති හැකියාව සහ අන් අයගේ සුභ සිද්දිය සදහා වූ කැපවීම. Iris Stuart නිර්දේශ කරන්නේ පියවර හතරකින් සමන්විත වූ ආචාර ධර්ම ආකෘතියකි. ගණකාධිකාරීවරයෙකු විසින් ආචාර ධර්මීය ගැටළුවක් පන නගින විට එය හදුනාගත යුතුය; එම ගැටලුව මගින් ඇතිවෙන්නා වූ ප්‍රතිපලය පිළිබද අවදානය යොමු කල යුතු පාර්ශවයන් හදුනාගත යුතුය; විකල්පයන් සෙවීම සහ සෑම විකල්පය මගින්ම අවදානය යොමු කරනා පාර්ශවයන් කෙරෙහි ඇතිවෙන බලපෑම ඇගයීම; සහ හොදම විකල්පය තේරීම.

ගණකාධිකරන අර්බුද සංස්කරණය

ගණකාධිකාරිවරුන් සහ විගනකවරු ඔව්න් විගණනයේ යෙදෙන සමාගමේ සේවයේ සිටිමින් මහජනතාවගේ යහපත පිළිබද සැලකිලිමත් විය යුතු නිසා ගණකාධිකරන ආචාර ධර්ම පාලනය ඉතා අපහසු වී පවතී. සමාගමක් අලාභයක් සිදුවන හෝ වසාදැමීමට සිදුවන ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථාවක වුවත් ගණකාධිකරණ ප්‍රමිති මට්ටම් පවත්වාගන්නේ කෙසේද යන්න පිළිබද සලකා බැලිය යුතුය. වෘත්තිය තුල පවතින ගණකාධිකරන අර්බුද කිහිපයක් නිසා ගණකාධිකාරිවරුන් පිළිබද විවේචකයන් විසින් සදහන් කර ඇත්තේ සේවාදායකයෙක් “ දෙක එකතු කිරීම දෙක සමාන වන්නේ කීයටද?” විමසු විට ගණකාධිකාරිවරයා බොහෝ දුරට ලබා දිය හැකි පිලිතුරනම් “ ඔබ කැමති කෙසේ වෙනවටද ?” යන්නය.මෙම මතයන් සහ වෘත්තිය පිළිබද අනෙකුත් මත ගැටුම් නිසා වර්ධනය වූ වෘත්තිය මට්ටමකට ලග වී ඇත. ගණකාධිකාරිවරයෙක්ගේ කාර්යභාරය සමාජයට ඉතා වැදගත් වේ. ගණකාධිකාරිවරු ප්‍රාග්ධන වෙළදපොලෙහි මුල්‍යමය වාර්තාකරුවන් සහ අතරමැදියන් ලෙස කටයුතු කරන අතර මහජන සුබසිද්දිය සදහා මුලිකව බැදී සිටි.ඔවුන් සපයන තොරතුරු කළමනාකරුවන්ට, ආයෝජකයන්ට සහ අනෙකුත් අයට ඉතා වැදගත් ආර්ථිකමය තීරණ ගැනීමේදී වැදගත් වේ. ගණකාධිකාරිවරුන් ආචාර ධර්මයන් නිසි ලෙස පිලි නොපැදීම සමාජයට හානිකර විය හැකි අතර එමගින් ජනතාවගේ විස්වාසය බිද වැටීම සහ ප්‍රාග්ධන වෙළදපොල කාර්යන් වලට බාධා ඇති වීම සිදුවිය හැක. 1980 දශකයේ සිට අද දක්වා නොයෙකුත් ගණකාධිකරන අර්බුද ජනමාද්‍ය මගින් වාර්තා වීම නිසා වංචා චෝදනා, බංකොලොත්වීමෙන් ආරක්ෂා වීමේ ඉල්ලීම් මෙන්ම සමාගම් සහ ආයතන වැසීයාම සිදු විය.මෙම අර්බුද නිමනශීලී ගණකාධිකරනය, නොමග යවනා ආර්ථික විශ්ලේෂණ සහ අල්ලස් වල ප්‍රතිපල වශයෙන් ඇති විය. Nugan Hand Bank, Phar-Mor, WorldCom, සහ AIG ඇතුළු නොයෙකුත් සමාගම් හට වංචනික ගිණුම්කරණය නිසා ප්‍රශ්න ඇති විය.ඉතා පුළුල් ලෙස වාර්තා වූ ගනකදිකර ආචාර ධර්ම වලට පටහැනි වීම තම මූල්‍ය ප්‍රකාශන පිළිබද සාදාරන හා පැහැදිලිව ඉදිරිපත් නොකළ Enron බහුජාතික සමාගම හා සම්බන්ද විය. ඉහලම පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ගිණුම්කරණ ආයතන විසින් හදුන්වනු ලැබුණු Arthur Andersen ඔව්න්ගේ විගණන නිලධාරියා විය.ඔව්න්ගේ මුල්‍ය ප්‍රක්ෂණ වල අඩුපාඩු පැවතියද ඔව්න්ගේ ගිණුම් නිවැරදි බව ප්‍රකශ කල හ.ආචාර ධර්ම බිද වැටීම් වාර්තා වීමෙන් පසුව Enron ආයතනය බිද ඇතුන පමණක් නොව Arthur Andersen ද තම වියාපාර කටයුතු වලින් ඉවත් විය. සමාගමෙහි ඇති වූ නය නිසා Enron හි කොටස් කරුවන්ට අමෙරිකානු ඩොලර් බිලියන 25 ක් පමණ අහිමි විය. Arthur Anderson ගේ සේවකයන් කිහිප දෙනෙක් පමණක් මෙම අර්බුදයට සම්බන්ද වුවත් සමගම වැසීයාමෙන් 85000 පමණ සිය රැකියා අහිමි විය.

බලපෑම් සංස්කරණය

වංචාකාරී ගිණුම්කරණය විවිද හේතූන් නිසා ඇති විය හැක.මෙම ගැටළු එකවර ඉදිරියට පැමිණීමෙන් හානි සිදුවන්නේ සමාගමට පමණක් නොව ඒවා හදුනාගෙන ඉදිරිපත් නොකළ විගනකවරුනටද එය අලපනු ඇත.සිදු කරනා ලද අද්යනයන් කිහිපයකින් පවසන්නේ ආයතනයේ එක්සත් සංස්කෘතිය රිනාත්මක ලෙස ගණකාධිකරුගේ ක්‍රියා කලාපය වෙනස් කරනවා. මෙම වටපිටාව විශ්ව විද්‍යාලය තුලින් ලබාගත් ආචාර ධර්ම ක්‍රමයෙන් පහ කර දම්මේමට උපකාරී වේ. 1977 වන තෙක්ම ආචාර ධර්ම නීති මගින් ගණකාධිකරණ සහ විගණන සමාගම් වලට තම සේවදකයන් වෙත වෙළද දැන්වීම් ප්‍රචාරය කෙරීම වැලක් වුහ.නීති ලිහිල් කිරීමෙන් පසුව විශාල සමාගම් වෙළද ආචරණය සදහා වැය කල ප්‍රමාණය 1980 දශකයේ පවතී අමෙරිචානු ඩොලර් මිල්ලියන 4 සිට 2000 දශකය වන විට අමෙරිචානු ඩොලර් මිල්ලියන100 දක්වා වැඩි විය.විචාරකයන් පවසන්නේ වෙළද ප්‍රචාරණයට ඉඩ දීමෙන් වෙළද කටයුතු වුර්තීයමය ස්වභාවයට වඩා ඉහලගිය බවත් එමගින් යම්කිසි මතගැටුමක් ඇතිවූ බවත්ය.මෙමගින් වංචා ඉහල ගිය අතර ආයතන වලට බලපෑම් ඇති කළහ. Arthur Bowman “ සේවාවන් ලබා දීමේදී ඔව්න් විගනකවරෙයෙක්ට වැඩ උපදේශකයන් බවට පත් කලහ ”.ඉහල අදායමක් පැමිණෙන සේවාවන් වන උපදේශන සේවාවන නිසා ගිණුම්කරණ සමාගම් අව ගෙව්ම් විගණනයන් කෙරෙහි අඩු කැමැත්තක් දක්වනට විය.මෙම නිසා විගණනය කෙරෙහි අඩු කාලයක් වය කිරීම නිසා නිරමනශීලී සහ වංචාකාරී ගිණුම්කරණය සොයා බැලීම සිදු නොවීය.කළමනාකරණ විගණනය පිළිබද 2007 දී ප්‍රකාශ වූ සගරාවක වූ ලිපියක ගිනුම්කරවන්ගේ ආචාර ධර්ම බිද වැටීමට හේතු වූ ප්‍රදාන කරුණු 9ක් පෙන්වා දී තිබිණ.එය ලෝක ගිණුම්කරුවන්ගේ පෙඩරලහි සාමාජිකයන් 66 දනෙකු විසින් සිදු කරනා ලද අද්යනයකින් උපුටා ගට්ටකි.එම හේතූන් නම් “ ස්වයන් කැමැත්ත ,විශයමුලිකය හදුනාගැනීමට ඇති නොකියාව ,නිදහස ,නුසුදුසු වුර්තීය තීරණ, ආචාර ධර්ම පිළිබද අවබෝදය නැති වීම, නුසුදුසු නායකත්වය ,විවිද බලපෑම් වලට එරෙහිව නැගීසිටීමට ඇති නොහැකියාව,නිපුණත්වය අඩු බව, අන්විදනය මගින් ලබා දෙන සහයෝගය අඩු වීම සහ වුර්තීය ආයතනයේ සහයෝගය අඩු වීම” ප්‍රදාන කරුණ වන ස්වයන් කැමැත්ත යනු යම් ගැටලුවකදී ගිනුම්කරුවෙකු තම උපරිමයෙන් කටයුතු කිරීමට ඇති උනන්දුවය්. නිදසුනක් ලෙස විගනකවරයෙක්ට ඔහු විගණනය කරනා ගිනුමක යම් ගැටළුවක් පවතීනම් සහ ඔහුට එය මග හරින ලෙස මුදල් දීමන ලබා දී පවසන්නේ නම් ඔහු ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කිරීමට ඉඩ ඇත.

මූලධර්ම සහ නීති සංස්කරණය

ජාත්‍යන්තර මුල්‍ය වාර්තාකරන ප්‍රමිතින් (IFRS ) යනු ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිති මණ්ඩලය විසින් ගොඩ නගන ලද ප්‍රමිතීන් සහ අර්ථ විවරණ වේ,ඒවා මුලධර්ම මත පදනම් වේ. ජාත්‍යන්තර මුල්‍ය වාර්තාකරන ප්‍රමිතින් (IFRS ) යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සහ හොං කොංග් ඇතුළු රටවල් 115කට අධික සංක්‍යාවක් විසින් බාවිතා කරනු ලැබේ.එක්සත් ජනපද පොදු ලෙස පිළිගන්නා ලද ගිණුම්කරණ මුලධර්ම (GAAP), මුල්‍ය ගිණුම්කරණය සදහා වූ මාර්ගසුචක වලින් සමන්විත සම්මත රාමුව විශාල වශයෙන් රීති මත පදනම් වේ.විචාරකයන් සදහන් කරන්නේ රීති මත පදනම් වූ ලෙස පිළිගන්නා ලද ගිණුම්කරණ මුලධර්ම (GAAP) එක්සත් ජනපදය මුහුණ දුන් බොහොමයක් අර්බුද සදහා කිසියම් හෝ අයුරකින් වගකිව යුතු බවය්.නිරීක්ෂණය කිරීම සදහා වූ මුලදර්ම මත පදනම් වූ ප්‍රවේශය සදහා රීති මත පදනම් වූ ප්‍රවේශයට වඩා වුර්තීයමය විචාරබුද්ධියක් අවශ්‍ය වේ.

රීති මත පදනම් වූ ගිනුම්කරණයෙහි පවතින ගැටළු පිළිබද වාර්තා කරනා පරදු දරන්නන් එක්සත් ජනපදය වැනි බොහෝ රටවල සිටිති.මෑත කාලීන අද්යනයන්ට අනුව බොහෝ දෙනෙක් විස්වාස කරන්නේ මුල්‍ය වාර්තාකරණය සදහා වූ මුලධර්ම මත පදනම් වූ ප්‍රවේශය විගනනවරයෙකු වර්ධනය කරනවා පමණක් නොව ඔහුට සේවදයකයගෙන් අත්වල පීඩනය දරාගැනීමටද උපකාරී වන බවය්.එහි ප්‍රතිපලයක් ලෙස මුල්‍ය වාර්තා අපක්ෂපාතී සහ විනිවිද ලෙස දැකිය හැකිය.එක්සත් ජනපදය අන්තර්ජාතික ගිණුම්කරණ සම්මතයන්ට මාරු වූ විට ඔව්න් එමගින් වෙනසක් ගෙන එය් යැය් සිතුහ.කෙසේ වුවද SEC හි නව සබාපති වැඩ බාරගනීමේදී එම මාරුවීම රීති මත පදනම් වූ ගිණුම්කරණහි හොද සහ නරක පිළිබද ප්‍රබල විමර්ශනයක් ගෙන එන ලදී. අන්තර්ජාතික ගිණුම්කරණ සම්මතයන්ට මාරුවීම සිදුවන අතරතුර මුලධර්ම මත පදනම් වූ සම්මතයන් විගනකවරයාගේ තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙල කෙරෙහි බලපෑම පිළිබද ගවේෂණ ඉතා අඩු ප්‍රමාණයකි සිදු විය.වගණන විශේෂඥයන් 114 දෙනෙකුට අනුව ඔව්න් බොහෝදෙනෙකු සේවාදායකයන් රීති මත පදනම් වූ සම්මතයන්ට අනුව තම ශුද්ධ ආදායම පාලනය කිරීමට ඉඩහැරීමට කැමැත්තක් දක්වය්. මෙම ප්‍රතිපල මගින් මුලධර්ම සහ රීති මත පදනම් වන ගිණුම්කරණය පිළිබද පවතින විවාදයෙහි මතුවන තර්ක තුලනය සදහා යම් පෙර දර්ශනයක් SEC, IASB සහ FASB වෙත ලබා දෙය්. අවබෝදය, අදාළතාව, භෞතිකතාව, විශ්වසනීයත්වය සහ සංසන්ද්‍යතාව මත IFRS පදනම් වේ. සියලුම රටම IFRS භාවිතයට ගෙන නොමැති නිසා මෙම පිළිවෙත් මගින් ජාත්‍යන්තර සම්මතයන් ලෝකය තුල ජීව්‍ය කිරීම සිදු නොවේ.විශේෂයෙන්ම එක්සත් ජනපදය තවමත් පිළිපදින්නේ නැති අතර ඔව්න් තවමත් GAAP භාවිථා කරය්.එය රීති සහ මුලධර්ම සංසන්දනය අපහසු කරයි. එක්සත් ජනපදය 2014 වර්ෂයේ සිට GAAP වලින් IFRS වලට මාරුවිය යුතු බව 2008 අගෝස්තු මාසයේදී ආරක්ෂක සහ විනිමය කොමිසම(SEC ) විසින් යෝජනා කළහ.

"https://si.wikipedia.org/w/index.php?title=ගණකාධිකරණ_ආචාර_ධර්ම&oldid=469952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි