ගංගොඩවිල සෝම හිමි (24 අප්‍රේල් 1948 - 12 දෙසැම්බර් 2003) ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන් ග්‍රාමය වන ගංගොඩවිල නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින් බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.

ගංගොඩවිල සෝම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
ආගමබෞද්ධ
ගුරුකුලයඅමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ] (ථෙරවාද-ශ්‍රී ලංකාව)
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයසිංහල
Senior posting
පදවියන්ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ විහාරයේ විහාරාධිපති
ආගමික වෘත්තිය
ගුරුවරයාඅති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමි සහ අම්පිටියේ ශ්‍රී රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.

සෝමහිමිගේ චරිතය

සංස්කරණය

පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයට අවට ප්‍රදේශයක පිහිටි අර්ධ නගරයක් වන ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකාරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංඝයානන් වහන්සෙලාගේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිළිබඳව ලියවුණු පාඨ ග්‍රන්ථයන් අධ්‍යයනය කරන ලද අතර බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳව සොයා බැලීමට මෙන්ම නොයෙකුත් සොයා ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්විය. තරුණ පරම්පරාවේ ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය.මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු "තරුණ සවිය" නැමැති සංවිධානය සදහන් කළ හැකිය. හුදකලා ප්‍රදේශයන් තෝරා ගනිමින් භාවනාවේ නිරතවුනු සෝම තෙරුණුවෝ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය උන්වහන්සේ භාවනාව පිළිබඳව වැදගත් කරුණු එක් කර "බුද්ධාස්ථුප" නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී.

වික්ටෝරියාව සමග පැවති සම්බන්ධතා මත ආරාධනාවක් අනුව 1986 දී ධර්ම දේශනාවක් සඳහා එහි වැඩම කළ උන්වහන්සේ මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීමෙන් අනතුර 1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම සදහා පදනම දමන ලදී. අවසාන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වුයේ බෞද්ධාගමේ අගයන් පිළිබඳ මිනිස් සිත් තුළට කා වැද්දීමයි. එපමණක් නොව ගංගොඩවිල සෝම හිමියෝ දහස් ගණන් රටවල් වල සංචාරය කරමින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂාපද පහ සාමාන්‍ය සරල දිවි පෙවතකට අදාළ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මය පැතිර වීමට කටයුතු කළහ. එමෙන්ම දහස් ගණන් ක්‍රිස්තියානි ජනයා උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ අතර මෙසේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ප්‍රධාන හේතුව වුයේ උන්වහන්සේ විසින් යොදා ගත් සරල අදහස් දැක්වීමේ ක්‍රියා පටිපාටියයි.මෙය ධර්ම දේශනා සාර්ථක විමට ඉතා වැදගත් කරුණක් වූ අතර බොහෝ අවස්ථා වල උන්වහන්සේගේ ධර්ම ශාවක පිරිස වුයේ තරුණ තරුණියන්ය.

වික්ටෝරියා බෞද්ධ විහාරය

සංස්කරණය

වර්ෂ 1993 දී වික්ටෝරියා බෞද්ධ විහාරය නමින් නොබෙල් පාර්ක් හිදී නව විහාරයක් පිහිටුවන ලද අතර ධර්මය ප්‍රචලිත කිරීමේ අදිටනින් පිහිටුවන ලද මෙම විහාරය ලාංකීය ජනතාව සඳහා පමණක් නොව වෙනත් ජාතින් අතරද ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින් ඇති කරන ලදී.වර්තමානයේදී මෙම ආයතනය තුළ සියළුම ආගම්වල ජනයා ඉතා සාර්ථක ලෙස තම කටයුතු කරගෙන යනු ලබන අතර මුල්කාලයේ මෙම විහාර භූමිය විශාල එකක් නොවු බැවින් සියළු කාර්යයන් නිසියාකාරයෙන් කර ගෙන යාමට අපහසු විය.එම නිසා සෝම හිමියන් විසින් අක්කර 5(20,000 වර්ග මීටර්)ක ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක් නැවත මිලදී ගන්නා ලද අතර නව භූමියේ ගස් 800 පමණ වගා කරන ලදී.මෙම භූමිය මිලදී ගැනීම නිසා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමට හැකි විය. සෝම හිමියන් ශ්‍රි වජිරානන්ද ධර්මායතනයේ ශිෂ්‍ය නායකයකු ලෙස මෙන්ම ධර්ම දේශකයකු ලෙස ධර්මායතනය සමග ඉතා සමීපව කටයුතු කරන ලදී. පූජ්‍ය මඩිහෙ පඤ්ඥාසීහ මහනායක තෙරුන් හා පූජ්‍ය අම්පිටියේ රාහුල තෙරුන් යන භික්ෂු දෙනම උන්වහන්සෙගේ ගුරුවරුන් වූහ.මෙම ගුරුහාමුදුරුවන් දෙනම සදහා සිතේ පැවති ආදරය හා භක්තිය දෙවෙනි වුයේ බුදුන්වහන්සේ සදහා පමණි. සෝම හිමියෝ ගිහි කල ග්‍රීන්ලන්ඩ් විද්‍යාලයේද පසුව ඉසිපතන විද්‍යාලයේද අධ්‍යාපනය හදරනු ලැබූ අතර මෙකල උන්වහන්සේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වූහ. රිච්මන්ඩ් බෞද්ධ විහාරයෙන් ලැබුණු ආරාධනාවක් අනුව 1986 දී පූජ්‍ය සෝම හිමි ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවට වැඩම කරන ලද අතර උන්වහන්සේ මාස තුනක පමණ කාලයක් එහි වැඩ වාසය කරනු ලැබූහ. ඕස්ට්‍රේලියාවේ මහායාන ධර්මය ප්‍රචලිත වී තිබු බැවින් නිවරදි ථෙරවාදී බුදු දහම නිවරදි ආකාරයෙන් ප්‍රචලිත කළ යුතු යැයි සිතු උන්වහන්සේ එම කාර්යය දියත් කිරීම සදහා නැවතත් 1989 දී ඕස්ට්‍රේලියාව බලා වැඩම වූහ.මෙහිදී උන්වහන්සේ විසින් පළමු සිංහල විහාරය මෙල්බන් නගරයේ රිජෙස්ට් විදියේ, ස්ප්රිහන්ගුවෙල් වල "මෙල්බන් ශ්‍රී ලංකා විහාරය" නමින් පිහිටුවා ඇත .1993 දී උන්වහන්සේ විසින් මෙල්බන් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් ගොස් නොබෙල් පාර්ක් හි 21,රීච් මාවත හි වික්ටෝරියා බෞද්ධ විහාරය සාදන ලදී.පසු කාලීනව මෙම විහාරය ශාක්‍යමුනි විහාරය නමින් හැදින් විය. සෝම හිමියන් දුර දක්නා නුවණකින් හා නිවැරදි දැක්මකින් යුක්තව බෞද්ධ දර්ශනයට මග එළි පෙහෙළි කිරීම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටු වීම සඳහා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය නමින් ඕස්ට්‍රේලියාවේ බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය පිහිටුවීමේන් බෞද්ධ ආගම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රායෝගිකව හැදැරීමට කැමති පුද්ගලයන් සදහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීමද අරමුණක් වීය.

වසර හතකට පසු 1996 වර්ෂයේදී නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ උන් වහන්සේ ටික කලක් ලංකාවේ වැඩ වාසය කිරීමේ අරමුණින් පසු විය.පියාගේ හදිසි ආබාධය සහ අධ්‍යාත්මික දියුණුව වැඩි කර ගනු පිණිසත් ලංකාවේ ටික කලක් වැඩ වාසය කිරීමට අදහස් කර ගෙන සිටියද පියාගේ ආබාධය දරුණු අතට හැරීම නිසා උන්වහන්සේට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කිරීමට සිදු විය. එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර පිටතින් පැමිණි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශය කරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය. උන්වහන්සේ දුෂ්කර ප්‍රදේශවලට විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විපතට පත් වු ප්‍රදේශවල ජනයාට උපකාර කිරීම සදහා එම ප්‍රදේශ වලට වැඩම කිරීම උන්වහන්සේගෙන් සිදුවූ සමාජ සත්කාරයකි.

කෙටි කාලයක් සදහා නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනයා ඉන් මුදවා ගැනීම සදහා එහි ආධාර එක් රැස් කිරීම පිණිස සංවිධානයක් ආරම්භ කරනු ලැබීය.ඉන් නොනැවතුන සෝම හිමි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට එම විපතට පත් ජනයා හා දුෂ්කර ප්‍රදේශ වල ජනයා සමග ළඟින් ඇසුරු කිරීමට හා විවිධ වු උපකාර කිරීමට කටයුතු සංවිධානය කළහ.

ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කළ සෝම තෙරුන්ට දක්නට ලැබුණේ මත් උවදුර සීඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකි. මත් උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක.

එපමණක් නොව පන්සල් භූමිය තුළ කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක.

එමෙන්ම සෝම හිමි සිංහල පාසලක් ආරම්භ කිරීම සදහා මුල් වී කටයුතු කළ අතර වර්තමානයේ සිසුන් 200ක් පමණ එම පාසලේ අධ්‍යාපනය හදාරනු ලබති.

අපවත් වීම

සංස්කරණය

2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කළසේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වළදා අපවත් වූහ.

උන්වහන්සේගේ අපවත් වීම නිසා ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය.

බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කරති. එම නිසා මරණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී.මෙම කොමිසම මගින් මරණ පරීක්ෂණ දෙකක් පවත් වනු ලැබු අතර මෙම කොම්සමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එමෙන්ම එක් කොමිසන් සාමාජිකයකු පැවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි.

මේ වීඩියෝ එකේ ගංගොඩවිල සෝම හිමියන් සරස්වතී කියන්නෙ බ්‍රහ්මගේ භාර්‍යාව.බ්‍රහ්ම බෞද්ධ ද කියලා.

මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිය.හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා වුනාට  හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය ඇති වන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයකුගේ දෘෂ්ටිය නිසා.ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකේ කාන්තාවන් බුදුන්වහන්සේගේ ධර්මයට අනුව නෑ වගේම බුදුන්වහන්සේගේ කාලේ බ්‍රහ්මයාගේ බිරිඳ සරස්වතී බව පිලිගැනීම නොතිබු බවට දීඝනිකායේ තේවිජ්ජ සූත්‍රය සාක්ෂි දරනවා. සෝමහිමියන් බෞද්ධ සිද්ධාන්ත වලටත් නොගැලපෙන තර්කයක් තමයි දාන්නෙ

සරස්වතිය හින්දුය කියලා ඇයට ගරු කිරීම හින්දු ආගම ඇදහීමක් කියන්න

බ්‍රහ්මජාල සූත්‍රයෙ මහාබ්‍රහ්මයා ගැන සදහන් වෙලා තියනවා

"මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

41

“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

42

“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

43

තෙවිජ්ජ සූත්‍රයෙ එකල බමුණන් ඇදහූ බ්‍රහ්මයා ස්ත්‍රීන් සමග වාසය නොකරන බව පැහැදිලිව කියනවා වගේම බුද්ධ කාලීන බ්‍රාහ්මණ ආගමට අනුව  බ්‍රහ්මයාගෙ බිරිද සරස්වතිය බව පිලිගත්තෙත් නැහැ

550

වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? වැඩි සිටියාවූ මහලුවූ ආචාර්‍ය්‍ය ප්‍රචාර්‍ය්‍යවූ බමුණන් විසින් බ්‍රහ්මතෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේදැයි කියන ලද කථාවක් අසා ඇත්තේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේයි.

551 වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, කාම ආසා ඇති හෙයින් ස්ත්‍රීන් සමග වාසය කරන්නාවූ ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු කාම ආසා නැති හෙයින්, ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ බ්‍රහ්මයා සමග එක්වීමට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්ත නොවේ.

මහා බ්‍රහ්මයා කියන දෘෂ්ටිය තුල ඉන්න කෙනා බෞද්ධ උපාසකයෙක් ඒ බව සනාථ වෙනවා බක බ්‍රහ්ම ජාතකය සහ බ්‍රහ්ම නිම්මත්තනික සූත්‍රය අධ්‍යනය කරාම

භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නගරය අසල සුභග වනයෙහි සල් රුක මුලැ වසන සේක. එ සමයෙහි බක නම් බ්‍රහ්මයා හට “මේ බඹලෝ නිත්‍යය, ධ්‍රැවය, ශාශ්වතය, කෛවල්‍යය, නොනැසෙන සුලුය. මෙය නො සෑදේ, නො දිරයි. නො මැරේ, නූපදී, මෙයින් අන්‍ය නිඃශරණයෙක් (මෙයින් මිදී යන තැනෙක්) නැතැ යි මිථ්‍යාදෘෂ්ටියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහු ගේ අදහස දැන, උන් තැනින් අතුරුදහන් ව ක්ෂණයෙකින් බඹ ලොවැ පහළ වූ සේක. බඹා භග්‍යවතුන් වහන්සේ දැක,

නිදුකාණනි, වඩිනු මැනැව. ඔබගේ මෙහි ඊම ස්වාගත ය. ඔබ මෙහි වැඩියේ කලෙකිනි. නිදුකාණෙනි, බඹ ලොව වනාහි නිත්‍ය ය, ධ්‍රැව ය. ශාශ්වත ය, කෛවල්‍යය, නො නැසෙන සුලුය, මෙය නො සෑදේ. නො දිරයි, නො මියෙයි, නො සැවේ, නූපදී, මින් ච්‍යුත ව යෑමෙක් නැතැ” යි කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ ප්‍රකාශය වරද බව, ඔහු අවිද්‍යායෙන් අන්ධ ව මෙසේ සිතන බව වදාළ සේක. එ කල මාර තෙම එක්තරා බඹක් හු සිරුරැ ආවිෂ්ට ව “මොහුට ගර්හා නො කරව. මහණ, මේ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මය, සියල්ල මැඩැ ගෙන ඉන්නේ ය. කිසිවක් හු විසිනුත් අනභිභූත ය, සියල්ල ඒකාන්තයෙන් දන්නේ ය. වශවර්ත්තී ය. ඊශ්වර ය, කාරක ය, නිර්මාපක ය, ශ්‍රෂ්ටා (සියල්ල සාදන්නා) ජේතෘ ය, සියලු උපනුන් උපදනාවුන්ගේ පීතෘ ය. මහණ, තට පූර්වයෙහිත් පෘථිව්‍යාදියට ගැරැහුවෝ, පිළිකුල් කළ මහණ බමුණෝ වූහ. එහෙත් පෘථිවි, අප්, තේජස්, වායු, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම යන මොවුනට ගරහා මරණින් පසු අපාය භාග් වූහු. එහෙත් ඒ පෘථිව්‍යාදීන් නො ගැරැහූ මහණ බමුණෝ මරණින් පසු බඹ ලොව්හි උපන්හ. එ බැවින් මම් තට කාරණයක් කියමි. එය කරව, පින්වත, මේ බඹහු කියන්නක් කරව. මොහු ගේ වචන නහමක් ඉක්මව. ඉදින් තෝ එය ඉක්මවන්නෙහි නම්, වෙත එන ශ්‍රීය දැක මොහොලක් ගෙන පලවා හරින්නා වැන්න. මහණ ප්‍රපාතයක වැටෙන්නේ, අතින් ගන්නට හෝ පය රඳවන්නට කිසිත් නොලදොත්, එහි වැටෙන්නේ මය. එසේ ම තා බඹහු කියන්නක් ඉක්මුවහොත් තට වනසෙක් වන්නේ ය. එබැවින් මෙම බඹහු කියන්නක් කරව. මොහු බස නො ඉක්මව. මේ බඹහු පුදා යශසින් හා ශ්‍රීයෙන් බැබළෙව” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔහු දැන, “පාපීය, තා අඳුනමි, මා තා නො දනිතැ යි නො සිතව. මේ බඹාත් සෙසු බඹ පිරිසත් තා අත් අඩංගුයෙහි ය. තා වශයෙහි ය. ඒ තෝ මා තගේ අතට හසු වූයෙකැ යි නො සිතව. මම් වූ කලී, පාපීය, තා අතට නො හසු වූයෙකිමි. තා වශයට නො ගියෙකිමි” වදාළ සේක.

මෙ සේ වදාළ කළ බක බ්‍රහ්ම තෙම,

“නිදුකාණෙනි, මම් වනාහි නිත්‍යයක් ම නිත්‍ය යැ යි, ධ්‍රැවයක් ම, ධ්‍රැවයැ යි, ශාශ්වතයක් ම ශාශ්වත යැ යි, කෛවල්‍යයක් ම කෛවල්‍ය යැ යි, නො මැරෙන සුල්ලක් ම නො මැරෙන සුලු යැයි, දැනුම් දිරුම් මැරුම් සැවුම් නැත්තක් ම ඒ නැතැ යි, මින් අන්‍ය වූ මත්තෙහි නො මැති නිඃශරණයක් නො මැතැ” යි කියමි. යුෂ්මත් ද මින් අන්‍ය නිඃශරණයක් නො ම දක්නෙහි ය. එය සොයන්නට යෑමෙන් තොර වැ යුෂ්මත් පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපතී බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට ගෙන සිතින් එහි ලග්නෙහි නම්, මට ළංව අරක් ගෙන සිටින්නෙහි ය. මම් ද යුෂ්මත්හු කැමැතියක් කරන්නෙමි. සෙස්සන් හැර යුෂ්මත්හු ඇතුළත් කර ගන්නෙමි” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ “මොහු ගේ මානය බිඳිමි” යි සිතා, “බ්‍රහ්මය, පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට සිතින් ගෙන මොවුන් කෙරෙහි සිත ලග්වම් නම් මා තට ළංව ඉන්නකු බව, තට අරක් ගත්තකු වන බව, තා සිය කැමැත්තක් මට කැර ලන බව, සෙස්සන් පිටත් කොට මා ඇතුළත් කැරැ ගන්නා බව දනිමි. එහෙත්, බ්‍රහ්මය. බක බ්‍රහ්ම මේ තරම් තෙදැත්තෙකැයි නො සිතමි. මම තාගේ ගතිය ද ච්‍යුතිය ද දනිමි” යි වදාළ සේක.

“නිදුකාණෙනි, යුෂ්මත් කෙසේ මගේ ගතිය ච්‍යුතිය දන්නෙහි දැ?”යි බක බ්‍රහ්ම ඇසී.

එ බස් අසා භාග්‍යවතුන් වහන්සේ “රිවි සඳු දෙදෙනා දිශාවන් බබුළුවමින් ඇවිදිනා තාක් වැනි දහසක් ලෝක ධාතුව තාගේ වශයෙහි පවතී. තෝ මෙතෙක් තන්හි හීන ප්‍රණීත සත්ත්වයන් දනිහි. සරාග විරාග ද සතුන් දනිහි. උපදනවුන් මැරෙනවුන් දනිහි. අත් බවට ඊමත් ඉන් යෑමත් දනිහි. තා දන්නේ මෙතෙක් ය බ්‍රහ්මය, මෙසේ තගේ ගති ච්‍යුති සෘද්ධ්‍යානුභාව ප්‍රමාණයෙන් මම දනිමි. බ්‍රහ්මය, තා නොදන්නා නොදක්නා කාය තුනෙක් ඇත. එය මම් දනිමි. බ්‍රහ්මය, තා සිට ආ තැන වූ, බොහෝ කල් ගත වූ බැවින් තට සිහි නැති ආභස්සර නම් බ්‍රහ්මකායයෙක් ඇති. මම් වනාහි එය දනිම්, දකිම්, මෙ සේ ඒ දැනීමෙන් තෝ මට නො සමය. එසේ කලැ එයින් මගේ තට මිටි බවෙක් කොයින් වන්නේ ද? බ්‍රහ්මය. සුභකිණ්හ නම් බ්‍රහ්ම කායයෙක් ඇත. ඒ ද තෝ නො දනිහි. නො දකිහි. මම් වූ කලි එය දනිමි, දකිමි. වේහප්ඵල නම් බ්‍රහ්ම කායයෙක් ඇත. එය තෝ නො දනිහි, නො දකිහි. එය මම් දනිමි. දකිමි. මෙසේ බ්‍රහ්මය, තෝ මට නොසම ය. මගේ තට මිටි බවෙක් කොයින් ලැබේ ද? මේ හැම දෙයින් මම් තට වැඩි ම යැ” යි වදාළ සේක. වදාරා, පෘථිවි අප් ආදීන්ගේ තත්ත්වය තමන් වහන්සේ අවබෝධ කැර ඇති බවත්, බඹහු එය නොදත් බවත්, ඒ බඹහු තමන් වහන්සේට එයිනුත් පහත් බවත් වදාළ සේක.

බඹා කිසිත් කැරැ ගත නො හී “එසේ නම් මම තට අතුරුදන් වෙමි” යි කීය.

“හැකි නම් අතුරුදන් වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බඹ තෙම “අතුරුදන් වෙමි” යි තැත් කළේ ද, නො හැකි විය. කෙසේ සැඟවුණත් භාග්‍යවතුන් වහන්සේ ඔහු දක්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ අතුරුදන් වන බව වදාරා සිය කථාව ඔවුනට ඇසෙන්නටත් රූපය නො පෙනෙන්ටත් සැලැස්වූ සේක.

බක බ්‍රහ්මයා ආදී සියලු බඹ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ මහර්ධිකතාව ගැන පුදුමයට හා විස්මයට පැමිණියහ.

ඉක්බිති මාර තෙම එක් බඹකුට ආවිෂ්ට ව “ඉදින් නිදුකාණෙනි, තෙපි මෙසේ දන්නහු නම්, තෙපි සම්‍යක්සම්බුද්ධ නම්, ශ්‍රාවකයන් ඇති නො කරවු. පැවිද්දන් ඇති නොකරවු. ඔවුනට දම් නො දෙසවු. ඔවුන් කෙරෙහි ඇල්ම නො කරවු. යුෂ්මත්නට පෙරත් “සම්‍යක්සම්බුද්ධය” යැ ප්‍රතිඥා කළ මහණ බමුණෝ වූහු . ඔහු සව්වන් ඇති කොට ඔවුනට දහම් දෙසා ඔවුන් කෙරෙහි ඇල්ම ඇතිකොට මැරී පහත් අත් බව්හි උපන්හ. එහෙත් යුෂ්මත්නට පෙර පහළ වූ සම්‍යක්සම්බුද්ධ යැ යි ප්‍රතිඥා කළ සව්වන් ඇති නො කළ මහණ බමුණෝ වූ කලි උසස් අත්බව්හි පිහිටියහ. එ බැවින් මම්, මහණ, තොපට කියම්, මන්දෝත්සාහ වවු. දෘෂ්ට ධර්ම සුඛවිහාරී ව වසවු. අන් හට බණ නො කීම යහපති. අන්හට ඔවා නො දෙවු”යි කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, තා මම් දනිමි. නො දනිතැයි නො සිතව, තෝ පාපීය, මාරයෙහි ය. තෝ වැඩ කැමැති ව දයායෙන් මෙසේ නො කියහි ය” යන ආදීන් මාරයා ගරහා පලවා හැර. ඒ බඹ පිරිසට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දහසක් බඹුහු රහත් වූහ.

මේ කරුණු දැක්කාම පේනෙවා සම්පූර්ණයෙන් වැරදි කියලා සෝම හාමුදුරුවන් මතය.

"https://si.wikipedia.org/w/index.php?title=ගංගොඩවිල_සෝම_හිමි&oldid=678909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි