ක(ර්)චොෆ්ගේ ධාරා නියමය

මෙය ක'චොෆ් පළමු නියමය , ක'චොෆ්ගේ තුඩු නියමය , ක'චොෆ‍්ගේ සන්ධි නියමය (හෝ පුඩු නියමය) හා ක'චොෆ්ගේ පළමු නීතිය ලෙසද හදුන්වයි.

ඕනෑම සන්ධියකට ඇතුළු වන ධාරාව ඉන් පිටවන ධාරාවට සමාන වේ. i1 + i4 = i + i3 .

විද්‍යුත් ආරෝපණ සංස්ථිති මුලධර්මයෙන් අදහස් කරනුයේ,

කාලයත් සමඟ ධාරා ඝනත්වය වෙනස් නොවනා විද්‍යුත් පරිපථයක ඕනෑම ලක්ෂ්‍යයක් වෙත ගලනා ධාරාවන්හි ඓක්‍ය ඉන් පිටට ගලනා ධාරාවන්ගේ ඓක්‍යයට සමාන වේ.

මෙම මූලධර්මයට සමාකාරයක් ලෙස,

එකට හමුවී පසුව වෙන්වූ ගංගා කිහිපයකට බෙදෙනා ගංගා දෙකක් සලකමු. මෙම මූලධර්මයෙන් ප්‍රකාශ වනුයේ ගංගාවේ උඩින් ගලා ආ ජල ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් , පසුව බෙදුන ගංගා වලින් ගංගාවේ පහළින් ගලා යන බවයි.

කාලයත් සමග ධාරා ඝනත්වය වෙනස් වීම මඟින් අදහස් වනුයේ සමස්ත ධන හෝ ඍණ ආරෝපණය වැඩි වීමයි. ස්ථිති විද්‍යුත් බලවල ශක්තිය නිසා සැලකිය යුතු ප්‍රමාණයකට මෙය සිදුවිය නොහැක. ආරෝපණ හටගැනීම නිසා ප්‍රතිස්පන්ද බල මගින් ආරෝපණ උදාසීන කරයි.

කෙසේ වෙතත් ධාරිත්‍රකයක් තුළ ආරෝපණ හටගැනීමක් සිදුවිය හැක. සාමාන්‍යයෙන් මෙහිදී ආරෝපණය පුළුල් සමාන්තර තහඩු පුරා විසිරේ. පරිපථයේ භෞතික බිඳීමක් මගින් ධන හා ඍණ ආරෝපණ වර්ධනය නතර වන අතර තහඩු මතැති ආරෝපණ එකට එක්වී උදාසීන වේ. මෙම අවස්ථාවේදී ධාරිත්‍රකයේ එක් තහඩුවක් තුළට ගලා යන ධාරාවන්ගේ එකතුව ශුන්‍ය නොවන අතර එය ආරෝපණ වර්ධනය වීමේ සීඝ්‍රතාවයට සමාන වේ. කෙසේ හෝ විස්ථාපන ධාරාව dD/dt ඇතුළත් කරගත් විට නැවතත් ක'චොෆ් නියමය එසේම පවතී. (මෙය අවශ්‍ය වන්නේ යමෙකුට ධාරිත්‍රකය තුළ ධාරා නියමය යෙදීමට අවශ්‍ය නම් පමණි. කෙසේ හෝ පරිපථ විෂ්ලේෂණයේදී ධාරිත්‍රකය එකම ඒකකයක් ලෙස සලකනු ලබයි. ඒ මෙහිදී ශුද්ධ ආරෝපණය සෑම විටම ශුන්‍ය බැව් සාමාන්‍ය ධාරා නියමයට අනුකූල බැවිනි)

වඩාත් තාක්ෂණිකව , ක'චොෆ්ගේ ධාරා නියමය , ඇම්පියර්ගේ නියමයහි අපසාරීතාව සමගින් මැක්ස්වෙල්ගේ නිවැරදි කිරීමත් ගවුස් නියමය එකට සංයුක්ත කිරීමෙන් ලබාගත හැක, එහි ඵලය

සරළව ගතහොත් මෙය ආරෝපණය සංස්ථිතික සමීකරණයයි. (අනුකල ස්වරූපයෙන් සංවෘත පෘෂ්ඨයකින් ඉවතට ගලනා ධාරාව වැසුණු පරිමාව තුළ ආරෝපණ ක්ෂය වීමේ සීඝ්‍රතාවයට සමාන බව මින් කියැවේ.) ක'චොෆ්ගේ ධාරා නියමය ධාරාවේ අපසාරීතාව ශුන්‍යයි යන ප්‍රකාශනයට සමානුරූපීය කාල අවිචලතාව P සදහා සත්‍ය වේ, හෝ විස්ථාපන ධාරාව J සමග අඩංගු වේ නම් සෑම විටම සත්‍ය වන නියමයකි.

ක'චොෆ්ගේ ධාරා නියමයේ න්‍යාස් ස්වරූපය , SPICE වැනි පරිපථ බොහෝ සමාකරණ මෘදුකාංග සදහා පදනමයි.

ක(ර්)චොෆ්ගේ වෝල්ටීයතා නියමය (KVL) සංස්කරණය

ක(ර්)චොෆ්ගේ වෝල්ටීයතා නියමය (KVL)

පුඩුවක් වටා සියළු වෝල්ටීයතාවල ඓක්‍ය ශුන්‍යයට සමාන වේ.

මෙම නියමය ක(ර්)චොෆ්ගේ දෙවන නියමය , ක(ර්)චොෆ්ගේ පුඩු (හෝ මෙෂ්)නියමය සහ ක(ර්)චොෆ්ගේ දෙවන නීතිය ලෙස ද හදුන්වයි.

ඕනෑම සංවෘත පර්පථයක් වඩා එක් දිශාවක් ඔස්සේ විද්‍යුත් විභව අන්තරයන්හි ඓක්‍ය ශුන්‍ය විය යුතුය.

‘විද්‍යුත් පරිපථයක් හරහා විවිධ විභව බැස්මයන්හි වීජීය එකතුව පරිපථය තුළ ක්‍රියා කරන විද්‍යුත් ගාමක බලයට සමාන වේ.’ ලෙසද නියමය ප්‍රකාශ කළ හැක.


මෙම ප්‍රකාශය පරිපථයේ සෑම ලක්ෂ්‍යයකටම ඒකඵල විභවයක් නියම කළ හැකිය, යන ප්‍රකාශයට සමානුරූපය. (සංස්ථිතික දෛශික ක්ෂේත්‍රය , අදිශ විභවයේ අනුක්‍රමණය ලෙස දැක්විය හැකි ආකාරයටම)

(ශක්ති සංස්ථිති‍මූලධර්මයේ ප්‍රතඵලයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. නැති නම් , පරිපථයක් වටා වෘත්තාකාරය ගලායන ධාරාවක් සහිත නිත්‍ය චාලන යන්ත්‍රයක් නිපදවීමට හැකියාවක් ලැබෙනු ඇත.)

විද්‍යුත් විභවය , විද්‍යුත් ක්ෂේත්‍රයක් මත රේඛීය අනුකලය ලෙස අර්ථ දැක්වීම සලකමින් ක(ර්)චොෆ්ගේ වෝල්ටීයතා නියමය පහත පරිදි ප්‍රකාශ කළ හැක.


සංවෘත C පුඩුව වඩා විද්‍යුත් ක්ෂේත්‍රයෙහි රේඛීය අනුකලය ශුන්‍ය බව මින් ස්ථාපිත කරයි. හෝ ,


(පුඩුවක් වටා)

මෙය ෆැරඩේගේ ප්‍රේරණ නියමයෙහිම විශේෂ අවස්ථාවක් පැහැදිලි කිරීමකි. එනම් සංවෘත පුඩුව හා උච්චාවචන චුම්භක ක්ෂේත්‍රයක් සම්බන්ධ නොවන විටය. විචලනයවන චුම්භක ක්ෂේත්‍රයක් පවතින විටදී විද්‍යුත් ක්ෂේත්‍රය සංස්ථිතික නොවන නිසා ශුද්ධ අදිශ විභවයක් අර්ථකථනය කළ නොහැකි අතර පරිපථය වටා විද්‍යුත් ක්ෂේත්‍රයේ රේඛීය අනුකලය ශුන්‍ය නොවේ. ඒ ශක්තිය චුම්භක ක්ෂේත්‍රයෙන් ධාරාවට හුවමාරුවන බැවිනි. (හෝ අනෙක් අතට) ක(ර්)චොෆ්ගේ වෝල්ටීයතා නියමය ප්‍රේරක අඩංගු පරිපථ සදහා ප්‍රබල විභව බැස්මක් සදහා හෝ විද්‍යුත් ගාමක බලයක් සදහා ස්ථිර කිරීම පරිපථයේ සෑම ප්‍රේරණයක්ම සම්බන්ධව පවතී. එය විද්‍යුත් ක්ෂේත්‍රයේ රේඛීය අනුකලය ෆැරවේගේ ප්‍රේරණ නියමය මගින් ශුන්‍යයට සමාන නොවන ප්‍රමාණයම වේ.

Reference සංස්කරණය

http://en.wikipedia.org/wiki/Kirchhoff%27s_circuit_laws

"https://si.wikipedia.org/w/index.php?title=ක(ර්)චොෆ්ගේ_ධාරා_නියමය&oldid=464962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි