ක‍්‍රමෝපායයන් වෙනස් වීම

ක‍්‍රමෝපායයන් ශීඝ‍්‍රයෙන් වෙනස් වීමේ ප‍්‍රවනතාවය පිළිබඳව ඇල්වින් ටොෆ්ලර් 1970 දී සිය ෆියුචර් ෂොක් ග‍්‍රන්ථයේ කරුණු ඉදිරිපත් කරන ලදී. සමාජයීය සහ තාක්ෂණික ප‍්‍රතිමානයන්ගේ ආයු කාලය පරම්පරාවෙන් පරම්පරාවට අඩුවන අන්දම පැහැදිලි කරමින් ඒ අනුව ඇතිවන අර්බුද සහ අවුල් සහගත තත්වයට මූණදීමට ඇති හැකියාව පිළිබඳව ප‍්‍රශ්ණ කරයි. අතීතයේදී වෙනස් වීම් සිදුවූයේ ස්ථිර කාල පරාසයකදීය. එබැවින් වෙනස් වීම් ඇතිවීමට පෙර එ සඳහා සූදානම් වීමට එකල සමාජයට හැකි විය.

ක‍්‍රමක‍්‍රයෙන් ස්ථාවර කාලය කෙටිවී 20වන ශතවර්ෂයේ අග භාගය වනවිට නැත්තටම නැතිවිය.

ටොෆ්ලර් 1980 දී සිය ‘ද තර්ඞ් වේව්‘ ග‍්‍රන්ථයෙන් මේ නිර්දය වෙනස්වීම ශිෂ්ඨාචාරයේ තුන්වන අවධිය ලෙස විදහා පෙන්වයි (පළමු අවධි දෙක වනුයේ කෘෂිකාර්මික හා කාර්මික අවධීන්ය. පළමු අවධි දෙකේ හැදී වැඩුණු අය තුල මේ වෙනස විශාල කුකුසක් ඇතිකරවන බවත් ව්‍යාපාරික ලෝකයේ ගැටුම් මෙන්ම ව්‍යාපාරික අවස්ථා ද රැසක් ඇතිවන බවත් ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් 1990 මුල සිට ග‍්‍රන්ථ කතෘවරු සිය ගණනක් ව්‍යාපාරික ක‍්‍රමෝපායයන් කෙරෙහි මෙය බලපාන අයුරු විස්තර කිරීමට උත්සුක වූහ. 1997 දී වොට්ස් වේකර් සහ ජිම් ටේලර් මෙවැනි බලවත් වෙනස් වීම් සෑම ශතවර්ෂ 5 කටම වතාවක් සිදුවෙන බව පෙන්වා දෙන ලදී. දැනට අප තර්කය රජයන කාලයේ සිට අර්බුදකාරී ලාබය රජයන කාලයකට සංක‍්‍රාන්ති වෙමින් පවතින බව ද පවසන ලදී. 2000 වසරේදී ජෙරමි රිෆ්කින් මෙම මතය ප‍්‍රචලිත කරන ලදී.

පීටර් ඩ‍්‍රකර් 1968 දී අපගේ ජීවින රටාව පවත්වාගෙන යාමට බලපාන කඩාකප්පල්කාරී බලවේග පිලිබඳව අලුත් හැඳින්වීමක් විච්ýන්නතාව රජයන අවධිය ලෙස හඳුන්වා දෙන ලදී. අවිච්න්නතාව රජයන අවධියකදී අතීත සිදුවීම් හරහා අනාගතය පිලිබඳව යම් ප‍්‍රමාණයකට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබුණි. ඩ‍්‍රකර්ගේ මතය වනුයේ දැන් අප සිටිනුයේ විච්න්නතාව රජයන අවධියක බැවින් අතීතය සොයා බැලීමෙන් ප‍්‍රයෝජනයක් නැත. වර්තමාන ප‍්‍රවනතාවයන් ඉදිරියටත් එසේම පවතී යයි උපකල්පනය කළ නොහැකිය. තාක්ෂණය, ගෝලීයකරණය, බහුවිධ සංස්කෘතියන් සහ දැනුම විච්ýන්නතාවට භාජනය වන ප‍්‍රභවයන් 4ක් ලෙස ඔහු හඳුන්වා දෙයි. කොපමණ වටිනාකමක් ඇති ක‍්‍රමෝපායයන් වුවද ඒ සියල්ල ක‍්‍රමයෙන් ක්ෂය වන බව 2000 දී ගැරී හැමල් පවසන ලදී. 1978 දී ඩෙරෙක් ඒබල් සියලු ක‍්‍රමෝපායයන් සඳහා කාල නියමයන්ගේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

අප සැම පවත්නා දෙයම පහසුව තකා එසේම කරගෙන යාමට කැමැත්තක් දක්වන බව 1983 නොයෙල් ටිචිපවසන ලදී. මෙය අප නව නිර්මාන කෙරෙහිත්, නව අදහස් සොයා යාමත් වළකා ලන උගුලක් බව ඔහු පෙන්වා දෙයි. ඔහු තාක්ෂණය සහ නිෂ්පාදනය, දේශපාලන සහ සම්පත් විභජනය, සහ ඒකාබද්ධ සංස්කෘතියක් යනුවෙන් තුන්පැත්තකින් බැලිය යුතු ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදී.

ආශ්‍රිත සංස්කරණය