කොස් ගස ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය හා සැබැදි ශාකයකි. පනා,හෙරලි වැනි අපූර්වතම නම් වලින් හැදින්වෙන කොස් ගස පැරැන්නෝ බත් ගස ලෙසද හැදින්වීය. ආටොකොපස් හෙටරො‍ ෆිලස් (Artocarpus Beterophyllus)යන උද්භිද විද්ය්‍යාත්මක නමින් හදුන්වන කොස් ගස මොයේෂියේ කූලයට අයත් ද්වී බීජ පත්‍රී ශාකයකි කොස්වල ප්‍රධාන සංඝඨකය වන්නේ කාබෝහයිඩ්‍රේට්ය මීට අමතරව ‍‍ප්‍රෝටීන,ඛනිජ ලවණ හා විටමින් වර්ගද එහි අඩංගු වේ.

කොස් ඵලයෙහි විශේෂත්වය වන්නේ ළපටි අවස්ථාටවි සිට ‍ෙමිරැ අවස්ථාව දක්වා ඔනෑම අවස්ථාවකදී ආහාරයට ගත හැකි වීමයි.කොස් ඵළය ඉදීමෙන් පසු මිහිරි පළතුරකි.කොස් ආහාරයට ගැනීමේදී එළවලුවක් හා පළතුරක් පමනක් නොව එය බත් වෙනුවට ආදේශ කළ හැකි ප්‍රධානතම ආහාරයයි.

ශ්‍රී ලංකාවෙ කොස් කල්තබා ගැනීම සංස්කරණය

අතිතයේදි ශ්‍රී ලංකාවෙ ග්‍රාමීය ප්‍රදේශ වල ගෘහනියන් විසින් අවාරයේදි පරිභෝජනයට ගැනිම සදහා

  • වැලි කොස්
  • අටු කොස්
  • අටු කොස් ඇට

වශයෙන් කොස් කල්තබා ගත් අතර වැල වරකා පලතුරක් ලෙස කල් තබා‍ගෙන පරිභොජනය කලහ. රසය ගුණය පෝෂනයට හානි නෙවෙන සේ කොස් කල් තබා ගැනිම සදහා භාවිත කළ ක්‍රමවේද වර්තමානයේ රසායනික ද්‍රව්‍ය යෙදා සෞඛ්‍යයට අහිතකර ක්‍රමවේද වලට වඩා බෙහෙවින් අගය කළ යුතුය

කොස් මදුළු සංස්කරණය

කොස් මදුළු කල් තබා ගැනීමේ දී අටු කොස් මදුළු ලෙස කල් තබා ගැනීම සිදු කල හැකි ය.

  • අටු කොස් මදුළු ක්‍රම දෙකකට සකසා ගත හැකි ය.
  • අටු කොස් මදුළු සැකසීමේ දී පැසුණ කොස් මදුළු ගෙන එහි ඇට ඉවත් කර ගත යුතු ය.
  • සිහින් ව ඉරා ගත් මදුළු උණු කරන ලද ජලයට දමා බාගෙට තම්බා ගැනීමෙන් පසු අව්වේ දමා දින කිහිපයක් තද හිරු රශ්මියෙන් වේලා ගත යුතු ය.
  • ඉන් පසු භාජනයකට දමා වාතය ඇතුළු නොවන සේ අසුරා මාස කිහිපයක ට පසු ඇට කොස් මැල්ලුම් ලෙස සකස් කර ගත හැකි ය.

කොස් සිවිඩි සංස්කරණය

මෙම ක්‍රම වලට අමතරව අපතේ හරින කොස් සිවිඩි පවා කදිම ආහාරයක් ලෙස කල් තබා ගැනීමට පැරැන්නෝ සමත් වූහ. අපතේ හරින කොස් සිවිඩි ගෙන නටන වතුරේ දමා තම්බා ගත යුතු ය.ඉන් පසු හොදින් අවුවේ තබා හොදින් තෙතමනය ඉවත් වෙන පරිදි වේලා ගනී. කල් තබා ගැනීම සදහා හොදින් භාජනයක අසුරා වාතය ඇතුළු නොවන සේ වසා තබයි.කොස් අවාරයේ දී එම වේලා ගත් සිවිඩි තෙම්පරාදුවක් ලෙස සකසා ගනී.

මූලාශ්‍ර සංස්කරණය

ගොවිබිමට අරුණලු (ජාතික රූපවාහිනී සේවය මගින් විකාශිත රූපවාහිනී වැඩසටහන)

"https://si.wikipedia.org/w/index.php?title=කොස්_කල්තබා_ගැනීම&oldid=536601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි