මුල දී ගිංපොලA (දිං) අතු වලින් නිර්මාණය කළ කෝලම් මුහුණු ආලෝක කීර්ති නැමති කුමාරයෙකුගේ

පැමිණීමෙන් පසු වෙල් කදුරු ලීයෙන් නිර්මාණය කළ බව සමහරකුගේ අදහසයි. මෙය ඇදහීමට නොහැකිවා පමණක් නොව හාස්‍ය ද දනවන කතාවකි. ලංකා ඉතිහාසයේ රාජාවලියේ ආලෝක කීර්ති නමින් රජ වූ කෙනෙකු හමු නොවේ. එනිසා මේ කථාව මනෝරාජිකය. අනෙක නම් මේ අදහස නිසා අපේ මූලික වෙස් මුහුණු නිර්මාපකයන්ට සිදුවන නිගාවකි. පැරණි කෝලම්කරුවන්ට ගිංපොල් (දිං) අතු වෙනුවට වෙස්මුහුණු කැපීම ස`දහා වෙල් කදුරු ලීය යෝග්‍ය බව තේරුම් ගියේ ලීයේ සැහැල්ලූ බවත්, ඒවා කල්තබා ගැනීමට හැකි බවත්, කැටයම් කිරීමට පහසු බවත් තේරුම් ගැනීමට ඔවුන් සතුව තිබූ නිර්මාණශීලී විඥානය නිසාය.

කලාගුරු ටුක්කා වඩු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතෙහි දැක්වෙන පරිදි කෝලම් නැටුමෙහි පාත්‍ර වර්ගයා අනුපිළිවෙලින් මෙසේය.

ශිව දෙවියනට හා මහා බ්‍රහ්මට නමස්කාර කිරීම, අගස්ති ඍෂිවරයන්ට, කතරගම දෙවියන්ට නමස්කාර කිරීම,  ඒ දෙවිදේවතාවුන්ගේ ආශිර්වාදය පැතීම යනා දී ලක‍ෂණ ඇතුළත් සංස්කෘත ශ්ලෝකයක් ද, තෙරුවන් නමදින කෙටි කවි කීපයක්ද ආරම්භයේ ඇත. ඊළගට කෝලම් උපත දක්වා චරිත සභාවට පිවිසේ.

01. සභාපති පැමිණීම (සභාවට නමස්කාර කීරීම, සභාව පිළිගැනීම, සහ කෝලම් නැටුම් ගුරුවරුන් ගැන විස්තර කිරීම)

02. පොලිස් භටයන් පැමිණිීම

03. විදාන ආරච්චි සහ ලියනප්පු

04. හේවායන් පැමිණීම

05. අණඛෙරකාරයන් පැමිණීම

06. නොංචි අක්කා පැමිණීම

07.  ජසයා පැමිණීම

08. ලෙන්චිනා පැමිණීම

09. මුදලි පැමිණීම (සංවාද සමග)

10. රජකට්ටුව පැමිණීම

11. ස`දකිදුරු කතාව

12. නාගරාක‍ෂ

13. ගුරු`ඵ රාක‍ෂ කෝලම

14.  පූර්ණකගේ පැමිණීම

"https://si.wikipedia.org/w/index.php?title=කොලම්&oldid=425019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි