කොමීඩියා ඩෙල්ආටේ (ඉතාලි බසින් “වෘත්තීය කළමණාකරුවන්ගේ නාට්‍ය”යන 16 වන ශත වර්ෂයේදී ඉතාලියේ ආරම්භ වූ ක්ෂණිකව සකස් කර ගන්නා රඟමඩලකින් සමන්විත වූ නාට්‍ය ක්‍රමයකි. එය අදටත් පැවතියත් එය ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැං‍ඟේ 18 වන ශත වර්ෂයේය. මෙම රඟ දැක්වීම තිර රචන වලින් තොර වූ අතර එළිමහනේ පැවැත්වීය. මේවායේ දෙබස් ප්‍රමාණයක් ඇතුලත් වූ අතර ඇතුළුවීම නොමිලයේ බැවින් ලැබෙන ආධාර වලින් පවත්වා ගෙන යන ලදී. මෙවැනි නාට්‍ය කණ්ඩායමක දස දෙනෙකු වූ අතර එවුන් පිරිමි 8 කින් හා ගැහැණු දෙදෙනෙකුගෙන් සමන්විත විය. මෙම ක්‍රමය ඉතාලියෙන් පිට ලෝකයේදී ‘ඉතාලියානු නාඩගම්’ ලෙස ප්‍රසිද්ධ විය.

Karel Dujardin, Commedia dell'arte show (1657) (Louvre).

කොමීඩියා ඩෙල්ආටේ නිර්මාණ ගතානුගතික කතා වස්තූන්ගේ සංගීත සමූහ ලෙස වයස්ගත වීම, ඊර්ෂ්‍යාව, වයස්ගත කාලය සහ ආදරය වැනි මාතෘකා සම්බන්ධව ලියැවිණි. මෙවැනි කතා වස්තූන්ගේ මූලිකාංග රෝම ප්ලේටස් හා ටෙරන්ස්ගේ විකට නාට්‍ය අනුසාරයෙන් නිමවිය. සමහරක් ක්‍රිස්තු පූර්ව 4 වන ශතවර්ෂයේ වූ නැතිවී ග්‍රීක විකට නාට්‍යවල පරිවර්තනය විය. නාට්‍යකරුවන් හොඳින් පුරුදු වූ විහිළු හා ලැසි හා කොන්සෙට්ටි ලෙස හැඳින්වෙන ප්‍රකට කායික මුකවාඩම් මෙන්ම එම ස්ථානයේම ක්ෂණිකව සකස්කරගත් පිළිවෙළවල් යොදා ගනී. මේවායේ නිෂ්පාදනය එවලේම සිදුවන නිසා මේවායේම දෙබස් හා ක්‍රියාදාම පහසුවෙන්ම ප්‍රාදේශීය අපචාර, කාලීන සිද්ධි උපහාසයට ලක්කිරීමට මෙන්ම එම ප්‍රදේශයේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය. ඒවි එසේ වන්නේ නාට්‍යට ඇතුලත් පරණ විහිළු හා කතාවම අනුවර්තනය කරමින්ම වේ. මේවායේ චරිත ඇඳුමින් වෙස් මුහුණින් හෝ දෙබස් වලින් පවා අඳුනාගත හැකිය. උදා. ලෙස නිලය හඟවන යෂ්ඨියක් මතින් පවා චරිත හඳුනාගත හැකිය. මේවායේ චරිත නූතන විකට චරිත වන හරිලෙකුන් (ඉංග්‍රීසි බසින් අර්ලෙච්චිගෝ) හා සන්නි වැනි චරිතවල ආදි මුතුන් මිත්තන් වේ.

සාම්ප්‍රදායික හා ගතානුගතික කතා වස්තුව වන්නේ ඉනමොරාටි (Innamorati) ආදරයෙන් වෙළී සිටින අතර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී. නමුත් එක් වැඩිහිටියෙක් (වෙචියෝ) හෝ වැඩිහිටියන් කිහිපදෙනෙකු (වෙචි) මෙය සිදුවීම නවතයි. එමඟින් ආදරවන්තයන්ට සන්නි (විකාර සේවකයින්) කෙනෙකුගෙන් හෝ කිහිපදෙනෙකු‍ෙග් ආධාර පැතීමට සිදුවේ. නියමානුකූලව කතාව අවසන් වන්නේ සුභදායකවය. එනම් ඉනමොරාටි‍ෙග් විවාහය සිදුවී වැරදිවලට සමාව ලැබීමෙනි. මෙවැනි කතාවලට ගණනය කල නොහැකි තරම් විචල්‍යතා පවතී. මේවායේ පවතින විචල්‍යතා වලට සම්පූර්ණයෙන්ම කතාවෙන් පිටපැනීම්ද ඇතුලත් වේ. උදා. ලෙස ප්‍රසිද්ධ කතාවක් වන අර්ලෙන්ච්නෝගේ කතාවක අර්ලෙන්ච්නෝ අද්භූත ලෙස ගර්භනී වීම හෝ “පහර හා ජූඩි” සිද්ධිය දැක්විය හැකිය.

කැරල් ඩජර්ඩිනිස්ගේ රෝමයේ උත්කෘෂ්ට නටඹුන් ආශ්‍රිතව සංචාරක නාට්‍ය කණ්ඩායමද පිරිමැසුම් සහගත රඟමඩල සකස් කිරීම ගැන කල සමීප නිරීක්ෂණ මත සකස් කරන ලදී.

දිනය: 1657 (ලුවර් කෞතුකාගාරය)

"https://si.wikipedia.org/w/index.php?title=කොමීඩියා_ඩෙල්_ආටේ&oldid=365901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි