කොන්ඩඤ්ඤ තාපසතුමා සිද්ධාර්ථ කුමරුට නම් තැබීමේ උත්සවය සඳහා පැමිණි බමුණන්ගෙන් ලාබාලතම බමුණා වේ. සිද්ධාර්ථ කුමරුගේ දේහ ලක්ෂණ පරීක්ෂා කරබලා ඌර්ණරෝම ලක්ෂණ දැක එක් ඇගිල්ලක් පමණක් ඔසවා මේ කුමරු අනිවාර්යයෙන්ම ගිහිගෙය හැර යනබවත් නිර්වාන අවබෝධය සාක්ෂාත් කරන බවත් දැන්වීය. පසු කලෙක සිද්ධාර්ථ කුමරුගේ මහාඅභිනිෂ්ක්‍රමනයෙන් පසු උන්වහන්සේට දුෂ්කරක්‍රියා කිරීමට උපස්ථාන කල පස්වග තවුසන්ගේ ප්‍රධාන බමුණා ලෙස කටයුතු කල අතර සම්බුද්ධ ශාසනයේ පළම රහතන් වහන්සේ ලෙස සිය පාරමිතා බල සම්පූර්ණ කරගත් උත්තමයන්වහෙනේද වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොන්ඩඤ්ඤ&oldid=534073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි