කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව

ප්‍රඡාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය ව්‍යවහාරයේ පැවැතියේ 1999 තෙක් සයිරේ නමිනි. එය පිහිටියේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය තුළයි. ප්‍රමාණය අනුව එහි වු රටවල් අතර තුන්වැනියට විශාලතම රටයි. කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයෙහි ජනගහනය මිලියන 68 වන අතර,ලෝකයේ දහඅටවන ජනාකීර්ණතම රාජ්‍යයකි. එය අප්‍රිකාවේ ජනාකීර්ණ රාජ්‍යය අතර සිව්වැනි තැන ගනී. එය ප්‍රංශ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරන රාජ්‍යයන්ගෙන් ජනාකීර්ණම රාජ්‍යයයි. 1998 ආරම්භ වු දෙවන කොන්ගෝ යුද්ධයෙන් රට විනාශ විය. විදේශිය හමුදාවන් හතක් මෙයට සම්බන්ධ වු අතර මෙය අප්‍රිකානු ලෝක යුද්ධ ලෙසද නම් කෙරුණි. 2003 වර්ෂයේ සාම ගිවිසුම අත්සන් තැබුබවත්, මෙම යුද්ධය රටෙහි නැගෙනහිර ප්‍රදේශයේ දිගටම පැවතුනි. නැගෙනහිර කොන්ගෝවෙහි සිදුවෙන ලිංගික අපචාර නිසා ඒ අතින් ලෝකයේ වඩා තීව්ර වු ස්ථානයක් ලෙස සඳහන්වේ. මෙහි පැවැති යුද්ධමය අරගලය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වු භයානතම අරගලය ලෙස සඳහන් වේ. මියගිය සංඛ්‍යාව මිලියන 54 කි. කොන්ගෝ ජනරජයේ ජනතාව ලෝකයේ සිටින දිළිඳුම ජනතාව අතර සිටින අතර, පහළම ඒක පුද්ගල ආදායමත් ලබන රටකි. මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුවද සඳහන් කර ඇත.

tiny globe
             කොඩිය
             සිතියම
ගොනුව:250px-Democratic Republic of the Congo (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ක්නෂිසා
දකුණු අක්ෂාංශ 4°19′ නැගෙනහිර දේශාංශ 5°19′
රාජ්‍ය භාෂාව ප්‍රංශ
පිළිගත් ප්‍රාදේශීය භාෂා ලින්ගාලා, කිකොන්ගෝ, ස්වාමහිටි, ට්ෂිලුබා
නිදහස බෙල්ජියම සිට
දිනය 30 ජූනි 1960
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 2,344,858
වර්ග සැතපුම් 906,355 59
ජලය (%) 3.3%
            ජනගහනය
2009 ජන සංගණනය 68,692,542
1984 ජන සංඛ්‍යාකය 29,673,000
ඝනත්වය වර්ග කිලෝමීටර 29.3
වර්ග සැතපුම් 75.9
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 20.738
සාමාන්‍ය ඩොලර් 329
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් මිලියන 11,629
සාමාන්‍ය ඩොලර් 185
මානව සංවර්ධන දර්ශකය HDI (2009) 0.389 (පහළ) (176)
මුදල් කොන්ගොලීස් ෆෑන්ක් (CDf)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .cd
දුරකථන සංකේත + 243