පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා වූයේ, කොනප්පු බණ්ඩාරය. පළමුවන රාජසිංහ රජුට එරෙහිව කැරලි ගැසූ නිසා, රජු විසින් වීරසුන්දර බණ්ඩාරව උපායශීලීව මරා දමන ලදී. සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාරව උපායකින් මරා දැමීමෙන් පසු උරණ වූ ඔහු පෘතුගීසින් යටතට ගොස් "දොන් ජෝන්" ලෙස බෞතීස්ම විය, කරලියද්දේ බණ්ඩාර නිසා මීට පෙර බිද වැටුණු සෙංකඩගල රාජධානිය, කොනප්පු බණ්ඩාර හරහා යළි ලබා ගැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය. බෞතීස්ම වීමෙන් පසු කොනප්පු බණ්ඩාර, පෘතුගාලයේ සේවයට යන ලදී. යමසිංහ බණ්ඩාරද පෘතුගීසින් යටතට ගොස් "දොන් පිලිප්" ලෙස බෞතීස්ම වී සිටි කෙනක් විය. කොනප්පු බණ්ඩාර ඉන්පසු නැවත ලංකාවට පැමිණ, යමසිංහ බණ්ඩාර සමඟ උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කරන ලදී. පළමුවන රාජසිංහ රජුගේ මරණින් පසුව 1592 දී "පළමු විමලධර් ම සුරිය ලෙස මොහු රජ විය. පළමු විමලධර් ම සුරිය රජු සමඟ විවාහ වූයේ, කරලියද්ද බණ්ඩාරගේ දියණිය වූ "දෝන කතිරිනා" කුමරියයි. (පසුව ඇය කුසුමාසන දේවිය නම් විය). 1604 දී පළමු විමලධර් මසුරිය රජු මියයාමෙන් පසුව ඇය සෙනරත් රජු සමඟ විවාහ විය.

"https://si.wikipedia.org/w/index.php?title=කොනප්පු_බණ්ඩාර_රජ&oldid=543778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි