කේ. තවමනී දේවි යනු ලාංකික සම්භවයක් සහිත, 1940 යුග වලදී ඉන්දියානු දෙමළ සිනමාව තුල රංගනයේ යෙදුනු නිළියකි.[1] ශ්‍රී ලංකාවේ යාපනය හි, ධනවත් පවුලක උපන් තවමනී ගේ පියා අධිනීතීඥයෙකු විය. දෙමාපියන්ගේ මග පෙන්වීම යටතේ කුඩා කාලයේදීම තවමනී, ඉන්දියාවේ මැඩ්‍රාස් නුවරට සංක්‍රමණය වූවාය.

කේ. තවමනී දේවි
කේ. තවමනී දේවි සහ එම්. එස්. සුභලක්ෂ්මී, 1940 සකුන්තලා චිත්‍රපටයේදී
උපත1925
මියගිය දිනය2001 පෙබරවාරි 10 (වයස 76)
තමිල්නාඩුව,  ඉන්දියාව

මදුරාසියේදී ඇය භරත නාට්‍යම් සහ කර්ණාටක සංගීතය හදාරමින්, ඉන්දියානු දෙමළ සිනමාවට ගීත ගායනයෙන් හා රංගනයෙන් දායක වූවාය. සිනමාව තුල ඇගේ විශිෂ්ඨ ගායනයක් ලෙස "සිංගලාතු කුයිල්" (කෝකිල ගීතය) හැඳින්වෙයි.[1] 1947 තිරගත වූ එම්ජීආර් ගේ රාජකුමාරී චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූවේද තවමනී යී.[2] ඊට අමතරව ශකුන්තලා (1940), වන මෝහිනී, නාටිය රාණි, ක්‍රිෂ්ණ කුමාර් සහ භක්ත කාලතී යන දෙමළ චිත්‍රපටවලටද තවමනී දේවී දායක වී තිබේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Guy, Randor (28 May 2011). "Blast from the Past — Vana Mohini 1941". ද හින්දු. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2011.
  2. "Thavamani Devi". Jointscene. Joint Scene Ltd. සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2011.
"https://si.wikipedia.org/w/index.php?title=කේ._තවමනී_දේවි&oldid=412717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි