කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක
දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක ( - නොවැම්බර් , 1993) නිර්භීතකම වෙනුවෙන් ශ්රී ලංකා යුද්ධ හමුදාවේ ප්රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන "පරම වීර විභූෂනය" පදක්කම ලබාගත් නිලධාරීන් විසි නව දෙනාගෙන් එක් නිලධාරියෙකි. ඔහු අවසාන වරට සේවය කලේ පූනරින් කඳවුරට අනුබද්ධිත හමුදා අනුඛණ්ඩයක අණදෙන නිලධාරියා වශයෙනි. ඔහු තමා අණදුන් අනුඛණ්ඩයේ භටයන් 1993 නොවැම්බර් 11 දින ප. ව. 1.30 ට පමණ කොටි ත්රස්ත්රවාදී ප්රහාරයකට ලක්වූ අවස්ථාවේ , තුවාල ලැබූ සෙබලුන් හා සෙසු අයවලුන් හට පසුබැසීම උදෙසා තනිවම සතුරාගේ ගමන ප්රමාද කිර්රීමේ නිර්භීත ප්රයත්නයේ දී ජීවිතක්ෂයට පත්විය.
දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක | |
---|---|
මරණය | නොවැම්බර්, 1993 පූනරින්, ශ්රී ලංකාව |
පක්ෂපාතිත්වය | ශ්රී ලංකා යුද්ධ හමුදාව |
සේවය කළ වසර | 1990-1993 |
පදවිය | දෙවෙනි ලුතිනන් |
රෙජිමේන්තුව | ගජබා රෙජිමේන්තුව |
සටන්/යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
ප්රදාන | පරම වීර විභූෂණය |
මරණයෙන් පසු දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක, 1996 දී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.