කෘෂි භෞතික විද්‍යාව
කෘෂි භෞතික විද්‍යාව යනු භෞතික විද්‍යාව හා ශස්‍ය විද්‍යාව මත සිමා වු විද්‍යාවේ අංශයක් වන අතර එහි අරමුණ වන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් මගින් බලපෑම් එල්ල වී ඇති හා භෞතික විද්‍යාත්මක ක්‍රම යොදා ගෙන අධ්‍යයනය කිරීම් හා විස්තර කිරීම් කර ඇති පරිසර පද්ධති හා ජීව විද්‍යාත්මක වස්තූන් පිළිබද අධ්‍යයනය කිරීමයි.
කෘෂි භෞතික විද්‍යාවට සමීපව සම්බන්ධ වන නමුත් එය කෘෂිකාර්මික කටයුතු වල හා ජෛව විවිධත්වයේ ඇතුළත් ශාක හා සතුන්ගේ ජීව විද්‍යාවට පමණක් සීමා වේ. එය ජීව භෞතික විද්‍යාවෙන් වෙනස් වන්නේ පර්යේෂණ වස්තූන් වල විශේෂිත අංග ලක්ෂණ වල සැලකා බැලීමට ඇති අවශ්‍යතාවය මතයි. මේ සදහා කෘෂිකාර්මික තාක්ෂණයේ, ජීව තාක්ෂණයේ හා ජාන විද්‍යාවේ දැනුමක් අවශ්‍ය වේ.
කෘෂි භෞතික විද්‍යාව, ජීව විද්‍යාව (එමගින් සේවයෙහි යොදවන ක්‍රම හා දැනුම, විශේෂයෙන් පාරිසරික පරිසර විද්‍යාව ශාක කායික විද්‍යාව යන ක්ෂේත්‍ර) හා භෞතික විද්‍යාව (එමගින් යොදා ගන්නා පර්යේෂණ ක්‍රම, විශේෂයෙන් භෞතික පරීක්ෂණ හා ආකෘති) වැනි මූලික විද්‍යාවන්ට සමීප වෙයි. කෘෂිභෞතික විද්‍යාවේ අවධානයේ විෂය පථය ශස්‍ය විද්‍යාවේ තාක්ෂණික ගැටලු හා විද්‍යා වල ප්‍රායෝගික ක්‍රියාකරවීම මත පමණක් අවධානය යොමු නොකරන අතර එමගින් කෘෂි භෞතික විද්‍යාව මූලික විද්‍යාවක් ලෙස වර්ගීකරණයට පසුබිම සැකසෙයි. කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාවේ පර්යේෂණ වලින් එය වෙනස් කළ සංකල්ප පිළිබද ද අවධානය යොමු කරයි. විද්‍යා අංශයේ විෂය පථය පරිසර පද්ධතිය තුළ වු සබධතා අධෂ්‍යයනයට මූලිකව සීමා වී ඇති නමුත් කාලයත් සමග එය ආහාර හා අමු ප්‍ර ඵලදාව වැනි කෘෂිකාර්මික නිෂ්පාදන හා බෝග වල ගුණ වලට බලපෑම් එල්ල කරමින් හා පරිසර විද්‍යාවේ තත්ත්ව තක්සේරුව වැනි ගැටලු වලට මැදිහත් වෙමින් ව්‍යාප්ත විය.
විද්‍යාවේ දියුණුව පිළිබද අවධානය යොමු කරන හා එහි ආවේනික ගති ලක්ෂණ අර්ථ දක්වන පර්යේෂණ මධ්‍යස්තානයක් වන්නේ ලබ්ලින්හි පිහිටි පෝලන්ත විද්‍යා ඇකඩමියේ කෘෂි භෞතික විද්‍යා ආයතනයයි.
කෘෂි භෞතික විද්‍යාව, කෘෂි කර්මාන්තයේ ප්‍රධාන ගැටලු විසදීම සදහා අදාල විද්‍යා වල සොයා ගැනීම් උපයෝගි කර ගන්නා අතර පරිසරයේ තත්ත්වය හා ගොවිතැන් ද්‍රව්‍ය වල හා ආහාර නිෂ්පාදන වල තත්ත්වය පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් ද්‍රව්‍ය හා කෘෂි කාර්මික බෝග නිෂ්පාදනය හා සැකසීමේ දි සිදු වන ක්‍රියා වලි පිළිබද අධ්‍යයනය කිරීම සිදු කරයි.