කෘෂි කාර්මික වන විද්‍යාව

බර්කිනා ‍ෆාසෝ හි වු උද්‍යාන භුමිය බැන්ෆෝරා හා බර්කිනා ෆාසෝ අසල සෝගම් වැවේ මෙ‍ම සෝගම් Faidherbia albida හා Borassus akeassii යන ශාක සෙවනේ වර්ධනයවේ.

කෘෂි කාර්මික වන විද්‍යාව යනු ගස් හා පදුරු බෝග වගාවන් හා ජීවනෝපාය මාර්ගයක් ලෙස ඇති කරන සතුන් හා එක්ව ගත් විට ලැඛෙන ආකර්ෂණීය ප්‍රයෝජන යොදා ගන්නා කෘෂිකාර්මික ක්‍රමෝපායකි. මෙය ලාභදායී, ඵලදායී, එකට එක්වු, විවිධාකාර වු, නිරෝගිමත් සහ තිරසාර ලෙස භූමිය යොදා ගැනීම ක්‍රම නිර්මාණය කිරීමට කෘෂිකාර්මික හා වන විද්‍යාත්මක තාක්ෂණයන් එකට සමිබන්ධ කරයි.

“භූමිය භාවිතා කිරිමේ ක්‍රම පද්ධති හා බහුවාර්ෂික ශාක අනෙකුත් බෝග වගාවන් හා සතුන් එකම භුමිය කළමණාකරණ ඒකකයක් තුල සුපරීක්ෂාකාරිව සිදු කිරිමේ ක්‍රියාවලියක් එකට එක්ව ගත් කල කෘෂිකාර්මික වන විද්‍යාව ලෙස භාවිතා වේ. මෙම එකතු වීම අවකාශීය මිශ්‍රණයක් හෝ තාවකාලික අනුපීළිවෙලක් තුළ සිදු විය හැක. කෘෂිකාර්මික වන විද්‍යාව තුළ ශාකමය හා ශාකමය නොවන සංඝටක අතර පාරිසරික හා ආර්ථීකමය අන්තර් සම්බන්ධතා පවතී”. ලෝක කෘෂිකාර්මික වන විද්‍යා මධ්‍යස්ථානය (ICRAF) 1993. එනම් ශාක කෘෂිකාර්මික පද්ධතීන් තුල ඉතා කල්පනාකාරීව ඕනෑකමින් යොදා ගනී. ශාක වලින් උපරිම ඵලදාව ලබා ගැනීමට හා ශාකවලට වන ධනාත්මක බලපෑම වර්ධනය කිරීමට, බෝග වගාවන්ට වන සෘණාත්මක තරගකාරී බලපෑම් අඩු කිරීමට දැනුම, කල්පනාකාරී ලෙස විශේෂ වර්ග තෝරා ගැනීම සහ ගස් හා බෝග වගාවන් මනා කළමණාකරනය අවශ්‍යය.

ඒ අතරම කෘෂිකාර්මික වන විද්‍යාව ගොවිපළවල්වල වූ ශාක ලෙස ද අර්ථකථනය කළ හැක. එමනිසා කෘෂිකාර්මික වන විද්‍යාව ගොවිපලවල් ආශ්‍රිත වන විද්‍යාව හා ගොවීන් තනිව හෝ හවුලේ බැදෙමින් තම භුමියන් වල වනාන්තර සිටුවීම හා කළමනාකරණය ලෙස ඉතා පුළුල් ලෙස තේරුම් ගත හැක. බොහෝ ඉඩම් හිමියන් මෙයට සම්බන්ධ වීම හා විවිධාකාර වූ ක්‍රියාකාරකම් වල නියැලීම මගින් සමාජය තුළ වූ විවිධාකාර වූ අත්දැකීම් හා අවශ්‍යතාවයන් නිරූපණය වේ.