කෘෂි කාර්මික කටයුතු වලදි - ආරක්ෂාව සහ සෞඛ්‍ය

කෘෂි කාර්මික කටයුතු වලදි - ආරක්ෂාව සහ සෞඛ්‍ය

2001 ජුනි කැන්සාස් හි හැස්කල් පෙදෙසේ කේන්ද්‍රීය වාරි ක්‍රමයක් තිබෙන වෘත්තාකාර වගා බිමක චන්ද්‍රිකා ඡායාරූපයක් - හොඳින් වැඩුනු වගාවන් කොළ පාටින් පෙනේ. සෝගම් වැඩෙන්නේ ඉරිගු වලට වඩා සෙමිනි. එබැවින් ඒවා කුඩා මෙන්ම සුදු මැලි පාටින් පෙනේ. තිරිඟු දීප්තිමත් රන් පැහැයෙනි. ඒ ජුනි මාසයේ අස්වැන්න නෙලීමට නියමිත හෙයිනි. ගුරු පාටින් පෙනෙන බිම් කොටස මෑතදි සීසාන ලද පෙදෙසයි.

එක්සත් ජනපදය

කෘෂිකර්මාන්තය ඇතුලත් වන්නේ බොහෝ උපද්‍රව සහිත කර්මාන්තයක් ලෙසිනි. ගොවීහු නිතර මරණීය හෝ මරණීය නොවන උපද්‍රව වලටද පෙනහලු ආබාධ, ශබ්දය නිසා හටගන්නා කර්ණ ආබාධ, සමේ රෝග සහ භාවිතා කරන කෘෂි රසායන හේතුවෙන් ඇති වන පිළිකා තත්වයන්ටද ගොදුරු වෙති. එසේම කෘෂි කර්මාන්තය යනු ගොවීන් මෙන්ම පවුලේ අයද තුවාල අසනීප සහ මරණ වලට ලක්වීමේ නැඹුරුවක් ඇති කර්මාන්තයකි. · සාමාන්‍යයෙන් වර්ෂයකදි ඇමරිකාවේ ගොවිබිම් වල වැඩෙහි යෙදෙන්නන්ගෙන් 516 ක් මිය යති. (1992 – 2005) මෙම මරණ වලින් 101 කට හේතු වී ඇත්තේ ට්‍රැක්ටර් පෙරලීමයි. · සැම දිනකම ගොවිබිම් වල වැඩෙහි යෙදෙන්නන්ගෙන් 243 දෙනෙකුට තුවාල ඇති වීම නිසා වැඩ කිරීමට නොහැකි තත්වයට පත් වෙති. මෙයින් 5% ක් ජීවිත කාලයටම බලපාන අනතුරු වේ.

තරුණ කම්කරුවන්

කෘෂි කර්මාන්තය යනු තරුණයින්ට ඉතා අනතුරු ගෙන දෙන කර්මාන්තයකි. 1992 සහ 2000 අතර කාලය තුල වැඩ කිරිමේදි අනතුරට පත් තරුණයින්ගේ සංඛ්‍යාව 42% කි. අනිකුත් කර්මාන්ත මෙන් නොව කෘෂි කර්මාන්තයේදි මෙසේ අනතුරට පත් වන තරුණයින්ගෙන් භාගයක් දෙනා අවුරුදු 15 ට අඩු අය වෙති.

වයස 15 – 17 කාණ්ඩ වල තරුණයින්ගෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන තරුණයින්ට ඇති වන මරණීය තුවාල වෙනත් ක්ෂේත්‍රයන්ට වඩා සිව් ගුණයකින් වැඩිය. කෘෂි කර්මාන්තයේදි තරුණයින්ට යන්ත්‍ර සූත්‍ර වැනි අනතුරු විය හැකි උපකරණ සමගද, සීමිත ප්‍රදේශ වලද, උස් ස්ථාන වලද, සතුන් සමගද, වැඩ කිරීමට සිදු වේ. · 2004 වර්ෂයේදි අවුරුදු 20 ට අඩු ළමයින් සහ තරුණයින් මිලියන 1.26 ක් ගොවිබිම් වල ජීවත් වූ අතර එයින් 699,000 ක් ඒවායේ වැඩ කළහ. ගොවිපල වල ජීවත් වන තරුණයින්ට අමතරව තවත් අතිරේක 337,000 ක් ළමයි සහ තරුණයින් 2004 වර්ෂයේදි එක්සත් ජනපදය විසින් කුලියට ගෙන තිබුනි. · 1990 – 1996 කාලය තුල ගොවිපලවල් වල සිදු වූ ළමා මරණ සංඛ්‍යාවේ සාමාන්‍යය 103 කි. මෙයින් 40% ක ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ ගොවිපලේ වැඩ කරමින් සිටියදීය. · 2004 දී ළමයින් සහ තරුණයින් 27,600 ක් ගොවි බිම් වලදි තුවාල ලබා ඇත. මෙයින් 8,100 ක් දෙනා තුවාල ලබා ඇත්තේ වැඩ කරමින් සිටියදීය.




References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Agriculture#Agriculture_safety_and_health