කෘෂිකාර්මික ඉංජිනේරු ශිල්පය


කෘෂිකාර්මික ඉංජිනේරුවරු කෘෂිකාර්මික නිෂ්පාදන, ඒවා සැකසීම , ස්වභාවික සම්පත් කළමනාකරණය යනාදිය සඳහා ඔවුන්ගේ දැනුම හා තාක්ෂණය යොදවති. කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාව පළමුවෙන්ම විෂය නිර්දේශයක් ලෙස හඳුන්වා දුන්නේ අයෝවා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ජේ.බී. ඩේවිඩ්සන් විසින් 1905 දී අමෙරිකානු කෘෂිකාර්මික ඉංජිනේරු සංගමය 1907 දී ආරම්භ කරන ලදී.

කෘෂි කාර්මික ඉංජිනේවරු කෘෂිකාර්මික යන්ත්‍ර සහ කෘෂිකාර්මික ආකෘතීන් සැලසුම් කරති. එමෙන්ම ඔව්හු සැලසුම් කරති. එමෙන්ම ඔවුහු සැළසුම්කරණය, අධීක්ෂණය, ගව ගාල්වල අපද්‍රව්‍යය ගලා බසින ක්‍රම සහිත ගොඩනැගිලි කළමනාකරණය, වාරිමාර්ග ක්‍රම, ජලාපවහන ක්‍රම සකස් කිරීම, ජල ගැලීම් පාලනය කිරීම, පාරිසරික ගැටළු තක්සේරු කිරීම, පර්යේෂණවල ප්‍රතිඵල පහදා දීම සහ උපකරණ අදාලවන ක්‍රියාකාරකම් යනාදිය බොහෝ කරුණු සම්බන්ධයෙන් විශාල වැඩ රාශියක් ඉටු කරති.

සමහර විශේෂ  කරුණූවලට බලශක්ති උත්පාදන ක්‍රම සහ යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම, පාරිසරික විද්‍යාව , ආහාර සහ ජීව ක්‍රියාවලි ඉංජිනේරු ශිල්ප ක්‍රමද ඇතුළත් වේ. ඔව්හු ජලය සහ පස් සංරක්ෂණය කිරීමට, කෘෂිකාර්මික ආහාර සැකසීම වැඩි දියුණු කිරීමට සහ ජීව විද්‍යාත්මක, ක්‍රම යොදා කළ හැකි නව නිෂ්පාදනයන් කිරීමට හැකි ඇති මාර්ග සංවර්ධනය කරති.

කෘෂි කාර්මික ඉංජිනේරුවරුන්ගෙන් විශාල ප්‍රතිශතයක් විද්‍යාපීඨවල හා රාජ්‍ය ආයතනවල සේවය කරති. බොහෝ දෙනෙකු සේවයට යොදා ගෙන ඇත්තේ කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදකයින් විසිනි. කෘෂිකාර්මික ඉංජිනේරුවරු නිෂ්පාදන කටයුතුවල, අලෙවි , කළමනාකරණ පර්යේෂණ සහ සංවර්ධන නැතහොත් ව්‍යවහාරික විද්‍යා කටයුතුවල සේවය කරති.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Agricultural_Engineering