කෘත්‍රීම බුද්ධිය-කෘත්‍රීම බුද්ධි පර්යේෂණය පිළිබඳ ඉතිහාසය

විසිවැනි ශතවර්ෂයේ මැද භාගයේ, අතළොස්සක් විද්‍යාඥයෝ බුද්ධිමත් උපකරණ නිපදවීමට නව පිවිසුම්‍ මාර්ගයක් ආරම්‍භ කළහ. එය, ස්නායු විද්‍යා‍ෙව් නූතන සොයාගැනීම්‍, තොරතුරුවල නව ගණිතමය සිද්ධාන්ත, යන්ත්‍රවල හා ජීවීන්ගේ සන්නි‍ෙව්‍දනය හා ස්වයංක්‍රීය පාලන ක්‍රම පිළිබඳ විද්‍යා‍වේ පාලනය හා ස්ථායීතාවය පිළිබඳ අවබෝධය, සහ ඒ සියල්ලටම වඩා ගණිතානුකූල තර්කනයෙන් උපුටා ගත් හරය මත රඳා පවතින උපකරණය, සංඛ්‍යාංක පරිගණකය සොය‍ා ගැනීම මත රඳා පැවතුණි.

1956 ගිම්‍හාන සෘතු‍ෙව්‍ , ඩාට්‍මවුත් විද්‍යාලයේ සරසවියේ පැවති සම්‍මන්ත්‍රණයකදී නව කෘත්‍රීම බුද්ධි පර්යේෂණ ක්ෂේත්‍රය සොයා ගැණුනි. එයට සහභාගී වූඅය දශක කිහිපයක් ගත වන තුරු කෘත්‍රීම බුද්ධි පර්යේෂණවල මූලිකයන් බවට පත් විය. මැසචු -සෙට්‍ස් තාක්ෂණික ආයතනය, දේවස්ථාන මිෂනාරි සමිතිය හා ස්ටැන්ෆර්ඩ්‍ හි කෘත්‍රීම බුද්ධි විද්‍යාගාර පිහිට වූ ජෝන් මැකාති, මර්වින් මින්ස්කි , ඇලන් නිවෙල් සහ හර්බට්‍ සයිමන් ඒ අතරින් විශේෂ ‍ෙව්‍. ඔවුන් හා ඔවුන්ගේ සිසුන් ලියූ වැඩසටහන්, බොහෝ මිනිසුන් සැකයක් නැතිව හුදෙක් මවිතයට පත් කරන සුළු විය. පරිගණක , වීජ ගණිතයේ වචන හරඹ විසඳමින් , තර්කානුකූල න්‍යායයන් සාධනය කරමින්, හා ඉංග්‍රීසියෙන් කතා කරමින් සිටියහ. 60 දශකයේ මැද භාගය වන විට ආරක්ෂාව පිළිබඳ ඇමෙරිකානු දෙපාර්ත‍ම්‍නේතුව විසින් ඔවුන්ගේ පර්යේෂණවලට විශාල ලෙස මුදල් සපයන ලදී. ඔවුහු නව ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සර්ව ශුභවාදී වූහ.

  *•	H.A. සයිමන් , 1965 

“අවුරුදු 20 ක් ඇතුළත, මිනිසාට කළහැකි ඕනෑම වැඩක් කිරීමට උපකරණවලට හැකි වනු ඇත.”

  *•	මර්වින් මින්ස්කි , 1967

“පරම්‍පරාවක් තුළ , කෘත්‍රීම බුද්ධිය නිර්මාණය කිරී‍‍ෙම්‍ ප්‍රශ්නය බොහෝ දුරට සාර්ථක ලෙස විස‍‍ඳෙනු ඇත.”

මෙම අනාවැකි හා එවැනි අනාවැකි බොහොමයක් සැබෑ වූයේ නැත. ඔවුන් මුහුණ පෑ සමහර ප්‍රශ්නවල අසීරුතාවය හඳුනා ගැනීමට ඔවුහු අසමත් වූහ. 1947 දී වඩා සාරවත් ව්‍යාපෘතිවලට මූල්‍යාධාර ලබා දීමට කොංග්‍රසයෙන් දිගටම පවතින පීඩනයට සහ එංගලන්ත ජාතික සර් ජේම්‍ස් ලයිට්‍හිල්ගේ කෘත්‍රීම වි‍ව්‍චෙනයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය රජයන් කෘත්‍රීම බුද්ධිය සම්‍බන්ධ, සියළුම අවධානය යොමු නොකළ අතර පරියේෂණ සම්‍පූර්ණයෙන් නවත්වන ලදී. මෙය කෘත්‍රීම බුද්ධියේ ප්‍රථම අඳුරු සමය විය.

විශේෂඥ පද්ධතිවල ( මිනිස් විශේෂඥයන් එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ දැනුම හා වි‍ශ්ලේෂණ හැකියාවන් අනුකරණය කළ හැකි එක් ආකාරයක කෘත්‍රීම බුද්ධි වඩසටහනකි) වාණිජ සාර්ථකත්වය නිසා 80 දශකයේ මුල් කාලයේ කෘත්‍රීම බුද්ධි පර්යේෂණ නැවත ප්‍රාණවත් විය. 1985 වන විට, කෘත්‍රීම බුද්ධිය සඳහා වූ වෙළඳපොළ ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් උපයාගෙන තිබුණි. කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඇති උද්‍යෝගය ක්‍රමයෙන් අඩු වීම හා වැඩිවීම පාලනය කරගත නොහැකි වුවහොත්, එම බලාපොරොත්තු කඩවීම අනිවාර්යෙන් අත්විඳීමට සිදුවන බවට, මින්ස්කි සහ අන් අය ප්‍රජාවට අනතුරු අඟවා සිටියහ. 1987 දී, ලැයිස්තු සැකසීමට ගන්නා පරිගණක භාෂාවක් සහිත උපකරණය වෙළඳ පොළේ බිඳ වැටීම ආරම්‍භ වීමත් සමගම නැවත වරක් කෘත්‍රීම බුද්ධිය අවමානයට පාත්‍ර විය. ඉන්පසු වඩාත් දිගු. දෙවැනි අඳුරු සමයක් කෘත්‍රීම බුද්ධියට උදා විය.

90 දශකයේ හා 21 වැනි ශතවර්ෂයේ මුල් කාලයේදී එක්තරා ප්‍රමාණයකට අප්‍රසිද්ධියේ වුවත්, කෘත්‍රීම බුද්ධිය එහි විශාලතම සාර්ථකත්වය අත් කර ගන්නා ලදී. සවිස්තරාත්මකව සැලසුම්‍ සංවිධානය හා ක්‍රියාත්මක කිරීම , තොරතුරු කැනීම වෛද්‍ය විද්‍යාත්මක රෝග විනිශ්චය සහ තවත් බොහෝ ‍ ක්ෂේත්‍රවල විශාල ඔසවා තැබීමක් සිදු කළ කෘත්‍රීම බුද්ධිය, තාක්ෂණික කර්මාන්ත පුරා පිළිගැනීමට ලක් විය. එම දියුණුව ලඟා කරගත හැකි වූයේ විවිධ කරුණු කිහිපයක් හේතුවෙනි. වර්තමාන පරිගණක සතු ඇදහිය නොහැකි බලය ( මූර් ගේ නියමය බලන්න.) නිශ්චිත විශේෂ අතුරු ප්‍රශ්න විසඳීම දැඩි ලෙස අවධාරණය කිරීම, සමාන ගැටළු පිළිබඳ ක්‍රියා කරන ක්ෂේත්‍ර හා කෘත්‍රීම බුද්ධිය අතර නව සම්‍බන්ධතා නිර්මාණය සහ ‍ මෙම සියල්ලටම ඉහළින් ස්ථිර ගණිතමය ක්‍රම‍ෙව්‍ද හා ඉතාමත් නිරවද්‍ය විද්‍යාත්මක ප්‍රමිතීන් කෙරෙහි පර්යේෂකයන්ගේ පවතින නව බැඳීම හා කැපවීම එම කරුණු අතර ‍ෙව්‍.


http://en.wikipedia.org/wiki/Artificial_intelligence#History_of_AI_research