කුෂ්මාණ්ඩා

හින්දු දෙවඟන

කුෂ්මාණ්ඩා යනුවෙන් හැඳින්වෙන්නේ සිය දිව්‍යමය සිනහව මඟින් ලොව නිර්මාණය කරන්නේ යැයි පැවසෙන හින්දු දෙවඟනයි. කාලිකුල සම්ප්‍රදායයෙහි අනුගාමිකයන් විශ්වාස කරන්නේ ඇය හින්දු දෙවඟනක වන දුර්ගාගේ සිව්වන ස්වරූපය ලෙසයි. ඇගේ නාමය මඟින් ඇගේ කර්තව්‍යය හැඟවේ: කු යනු "මඳ" යන්නයි, ඌෂ්ම යනු "උණුසුම්" හෝ "ශක්තිය" යන්නයි. අණ්ඩ යන්නෙන් "විශ්වීය බිජුව" යන්න හඟවේ.[1]

කුෂ්මාණ්ඩා
විශ්වීය අණ්ඩයට අධිපති දෙවඟන
කුෂ්මාණ්ඩා දෙවඟන, දුර්ගාගේ සිව්වන ස්වරූපය
අනුබැඳියශක්තිගේ අවතාරය
ග්‍රහලොවසූර්ය
මන්ත්‍රයसुरासम्पूर्णकलशं रुधिराप्लुतमेव च। दधाना हस्तपद्माभ्यां कूष्माण्डा शुभदास्तु मे॥
ආයුධයපද්මය, චක්‍රය, කාමණ්ඩලු, දුන්න, ඊතලය, ගධා, අක්ෂමාලාව, මී පැණි කෙණ්ඩිය
වාහනයව්‍යාඝ්‍රයා

නවරාත්‍රී (නවදුර්ගාවන්ගේ රාත්‍රී නවය) උත්සවයේ සිව්වන දිනයේ දී කුෂ්මාණ්ඩා වන්දනා කිරීම සිදුවේ. ඇය සෞඛ්‍යය රකින්නේ යැයිද, ධනය සහ බලය පුදන්නේ යැයිද විශ්වාස කෙරේ.[2]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Worship Maa Kushmanda on the fourth day of Navaratri". www.ganeshaspeaks.com. සම්ප්‍රවේශය 2015-10-06.
  2. "Story Of Devi Kushmanda: The Smiling Goddess". සම්ප්‍රවේශය 2015-10-06.
"https://si.wikipedia.org/w/index.php?title=කුෂ්මාණ්ඩා&oldid=419711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි