කුරුම්බැට්ටි මැෂිම

කුරුම්බැට්ටි මැෂිම යනු පහසුවෙන් සාදාගත හැකි ශ්‍රී ලංකාවේ ගැමි ළමුන් අතර ජනප්‍රිය පරිසර හිතකාමී සෙල්ලම් බඩුවකි.

කුරුම්බැට්ටි මැෂිම
කුරුම්බැට්ටි මැෂිම

සාදන අයුරු සංස්කරණය

ඉරටු කැබලි කිහිපයක් සහ කුරුම්බැට්ටියක් භාවිතා කරමින් මෙම කුරුම්බට්ටි මැෂිම සාදාගත හැකිය.

කුරුම්බැට්ටි මැෂිම සාදා ගැනීම පහත ඡායාරූපය උපයෝගී කරගන්න.

  • ප්‍රථමයෙන් ම සිරස් ඉරටු කැබලි දෙක සවිකර ගන්න.
  • දෙවනුව වක්‍රාකාර ඉරටු කැබැල්ල සවි කරගන්න.
  • අවසානයේ දී තිරස් ඉරටු කැබලි දෙක රඳවා ගන්න.

ක්‍රීඩා කිරීම සංස්කරණය

සාදා ගත් කුරුම්බැට්ටි මැෂිමේ තිරස් ඉරටු කැබලි දෙකේ දෙකෙලවරින් අල්ලා මැද කොටස කැරකැවීමෙන් මෙය ක්‍රියාත්මක කල හැක. එවිට එයින් මිහිරි හඬක් ජනනය වෙයි. හරස් ඉරටු 2 අතරට ශාක පත්‍රයක් තබා ක්‍රියාත්මක කිරීමෙන් , යමක් මැසුවා සේ පෙනෙන සිදුරු රාශියක් සැදේ.

"https://si.wikipedia.org/w/index.php?title=කුරුම්බැට්ටි_මැෂිම&oldid=518147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි