කුර්ආන් - සාහිත්‍යමය සැකැස්ම
ශුද්ධ වූ අල් -කුර්ආනයේ සුභ පණිවිඩය ලොවට විදහා දැක්වීමට නොයෙකුත් ආකාරයේ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ගෙන ඇත. කුර්ආනයේ අභ්‍යන්තර හරය පැහැදිලි කර ප්‍රේක්ෂකයන්ගේ අවධානය දින ගැනීම සඳහා එකල ජනයා භාවිතා කළ ආවේණික අරාබි භාෂාව උපයෝගී කරගෙන වාක්‍ය හා පරිච්ඡේද පෙළ ගන්වා ඇත. වචන උච්ඡාරණය කළ යුතු ආකාරය හා ලිවීමට සරල භාෂා ශෛලියක් උපයෝගී කර ගනිමින් ජනයාගේ සිත් ඇද ගන්නා ස්වරූපයෙන් මෙය නිමාන වී ඇත. අරබි විද්වතුන්ගේ සම්මත පිළිගැනීමක් වන්නේ අල් කුර්ආන‍් ග්‍රන්ථයන් අනෙකුත් සාහිත්‍ය කෘති ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. නමුත් මුස්ලිම්වරුන් ස්ථිර ලෙස පවසන්නේ ශුද්ධ වූ අල්-කුර්ආනයේ විස්තරය හා විලාසය අනුකරණය කළ නොහැකි බවයි. රිචඩ් ගොතෙයිල් සහ සිග්මන්ඩ් ෆ්රෑන්කල් යන දෙදෙනා යුදෙව් විශ්වකෝෂයේ සඳහන් කරන ආකාරයට පැරණිතම අල් කුර්ආන් කොටසක් එහි වැදගත් තොරතුරුවලින් එහි භාෂාව වැරදි ලෙස හසුරුවා කෙටියෙන්, අහඹු ලෙස හා එකකට පසු තකෙක් යන ක්‍රියාදාමයට අනුකූලව ක්ෂණිකව වෙනස් කර ඇත. ශුද්ධ අල්කුර්ආනය ඉතාමත් සූක්ෂම අයුරින් පැහැදිලිව හා නිවැරදිව සැලකිල්ලට ගනිමින් එහි එලිසම නිරවුල්ව පවත්වා ගෙන ඇත. පසුව පහළ වූ කුර්ආන් පාඨවල ද මෙම තත්වය ඉහල මට්ටමක පැවතුන ද එහි නිහඬ බව හා එය හසුරුවා ඇති විලාසය ගැන වාද විවාද පවතී. ඉස්ලාමයේ මුල්ම කාල වකවානුවේ පහල වූ මක්කියා පරිච්ඡේදවලින් හෙලි දක්වන තොරතුරු නැවත නැවතත් ප්‍රශ්ණයක් යොමු කරයි. “මිනිස් ජීවිතයක අවසානය කෙසේ ප්‍රයෝජනවත් වෙයිද?” මයිකල් සෙල්ස් නැමැත්තා නෝමන් ඕ. බ්‍රවුන් සමඟ වාද කළ අතර බ්‍රවුන්ස් හෙලි දක්වා ඇති තොරතුරු වන්නේ අල් කුර්ආනයේ කලාව ක්‍රමවත් නොවීම හේතුවෙන් එය විසිරී පැතිර පවතින කෘතියක ස්වරූපයක් ගන්නා බවයි. සෝල්ස් මහතාගේ තොරතුරුවලින් හෙලි දක්වන‍්නේ ද එය සාහිත්‍යමය කලාවන් බවත්, එය සිත් ගන්නා සුළු සංවේදී අනාවරණයක් වන අතර එකල අරාබිවරුන් භාවිතා කළ ආවේණික මව් භාෂාවෙන්ම පහල වී ඇති බවත්ය. සෙල්ස් මහතා තවදුරටත් සඳහන් කරන්නේ එය නැවත නැවත තොරතුරු හෙලි දැක්වීමත් එක්තරා සාහිත්‍යමය කලාවකට අනුව සකස් කර ඇති බවයි.