කුමාර බණ්ඩාර දෙයියෝ

වයඹ පළාතේ රිදී විහාර කන්දට අරක් ගත්තු දෙවියන් හැටියට මේ පළාතේ ගැමියන් අතර ප්‍රචලිත වැඳුම් පිදුම් වලට පාත්‍ර වන දේවතාවකි කුමාර බණ්ඩාර දෙවියෝ.උන් වහන්සේ වෙනුවෙන් කැප කළ දේවල දෙකක් (ප්‍රධාන වශයෙන්) රිදීගම රිදීවිහාරයේ දක්නට ලැබේ. එක් දේවාලයක් උඩ විහාරයේ දක්නට ලැබෙන අතර අනෙක රිදීවිහාරය පිහිටා තිබෙන කන්ද පාමුලය.මේ අතරින් පැරණිම දේවාලය ලෙස සළකනු ලබන්නේ රිදීවිහාරයේ උඩ විහාරයේ ඇති දේවාලයයි. දේව කතා වලට අනුව කුමාර බණ්ඩාර දෙවියෝ පත්තිනි කතපුවතට සම්බන්ද දෙවි කෙනෙකු බවට "සිංහල දේව පුරාණ" නම් ග්‍රන්ථයේ සඳහන් වේ.එය මෙසේය පත්තිනි කතාවෙහි එන පඩි රජුගේ පුතුන් අතරින් බාලයා වන කුමාර බණ්ඩාර පළඟ මරාදමා ඇති බව පත්තිනි දේවියට සැළකළේය.පත්තිනි දේවිය විසින් පඬිපුර ගිනි තබා විනාශ කරන අවස්ථාවේ මෙම කුමාරයා ආරක්ෂා කරගෙන ගෙනවිත් සිහල දේශයෙහි රඳවා රිදීගම පදිංචි කරවා මතුරා පුරයෙන් රඟ පිළිමයක් ද ගෙනෙවිත් රිදීගම තැබූ ඈ එම කුමාරයාට කුමාර බණ්ඩාර ලෙස නම තබා එම රන් පිළිමය ආරක්ෂා කරනලෙස යෙදෙවුවාය.මේ නිසා පත්තිනි දේවාලයක් යම් තැනක තිබේද එතැනම කුමාර බණ්ඩාර දෙවලයක්ද තිබෙන බව ගැමි විශ්වාසයක් පවතිනවා.රීදී විහාරයේද පත්තිනි දේවාලයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කුමාර_බණ්ඩාර_දෙයියෝ&oldid=423145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි