කුටි ගෙවත්ත සංස්කෘතික ගෳහ නිර්මාණයකි.එහි අැත්තේ අවිධිමත් ආකාරයට සැකසුනු ගෳහ නිර්මාන ශිල්පයකි.අලංකරණ සහ කෑමට සුදුසු පැලෑටි වර්ග මෙවැනි කුටි වල දක්නට අැත.


ශෝභනත්වය සහ ආකර්ෂණය මෙහි මූලික වැදගත්කමක් දරනුය. මුල්ම කුටි ගෙවතු දැන් පවතිනා එ්වාට වඩා ප්‍රායෝගික බවක් ඉසිලීය.ඒවායේ එලවලු,බෙහෙත් පැළෑටි,පලතුරු ගස්, වලට මුලික තැනක් දී තිබිනි.අතරමැද ඇති හිස් අවකාශ පිරීමට මල් වර්ග හිඳුවන ලදී.කාලයත් සමග මල් සිටුවීම වඩාත් ජනප්‍රිය විය.

රෝස මල්, ක්ලෙමටිස්, අතු සෙවිලි කල වහලය: බි‍්‍රතාන්‍යය යේ කුටි ගෙවත්තක්.

සාම්ප්‍රදායික කුටි ගෙවතු බොහෝ විට කුඩා වැටකින් ආවරනය කර තිබිනි.එ් කාලයේ කුටි ගෙවතු වල සාම්ප්‍රදායික මල් වර්ග දක්නට ලැබිනි.එ්වා අතර ප්‍රිම් රෝස්මල්,වයලට් මල් තිබිනි.එමෙන්ම සාමානයයෙන් නිවෙස් වල දක්නට ලැබෙන කැලෙන්ඩුලා, සහ තවත් බෙහෙත් පැළෑටි වර්ගද මෙම ගෙවතු වල දක්නට ලැබේ.

තවත් සමහරක් වන්නේ පාරම්පරික රෝස මල් වර්ග(අවුරුද්දකට වතාවක් පීදෙන,ඉතා සුවඳැති),ඩේසි මල් සහ ඔසු ගුණ අැති වෙනත් මල් වර්ගයි.කාලයක් ගත වන විට ඉතා විශාල ගෙවතු වලද වෙනම කුඩා කුටි ගෙවතු ඉදි කරන්නට මිනිසුන් පුරුදු වී තිබිනි.

දැන් පවතින කුටි ගෙවතු වල, එදා දක්නට නොලැබුනු ආකාරයේ විවිධ වෙනස්කම් දැක ගන්නට හැකියාව තිබේ.උදාහරණයක් ලෙස, මිනිසුන් දැන් කුටි ගෙවතු තැනීමේදී ඔවුන්ගේ පුද්ගලික කැමැත්තට අනුව ගෙවත්ත හා පැළෑටි වර්ග තෝරාගැනීමට නැඹුරු වී අැත.

එදා සිට ජනප්‍රියත්වය දිනාගත් රෝස මල් වර්ග ඒවායේ ඉමිහිරි සුවඳ සහ අනර්ඝ පෙනුම නිසා කුටි ගෙවතු වල ප්‍රධාන පැල වර්ගය බවට පත්වී අැත.සාම්ප්‍රදායික ආකාරයේ ලෙඩ රෝග නිවාරණය කරන පැළෑටි වර්ගද කුටි ගෙවතු ආශ්‍රීතව දක්නට ලැබේ.

විවිධාකාර ආකාරයේ වැල් වර්ගද කුටි ගෙවතු සමග දක්නට ලැබෙන තවත් සාමානයය දෙයකි.එවා ස්වයං ශක්තියෙන් වැඩෙන පැළෑටිය.මෙවැනි ලක්ෂණ නවතම කුටි ගෙවතු තුල එදා මෙන්ම දක්නට ලැබේ.

ඉතිහාසය සංස්කරණය

 
වනර්කියුලා අතු සෙවිලි කල කුටි (1812–1816 ) වෝබෝන් මර්ගයේ, ඇම්ප්තිල්, බෙඩ්වෝඩ්ෂයර්


එලිසබෙත් රැජිනගේ කාලයේදී කුටි ගෙවල් වල ආරම්භය සිදුවිනි.1340දී සිදුවුනු කලු මරණ වලින් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හිස් වුනු නිසා ගෙඋයන් සමග මෙවැනි නිවෙස් තැනීමට පහසුකම් සැලසිනි.

19 වන සියවසේ ආරම්භයේදී මේවා මුලින්ම ආරම්භ කෙරුනේ කම්කරුවන් විසිනි.මෙම ගෙවතු වල ඔවුන් මල් වර්ග, පැළෑටි වර්ග වගා කර ගත්හ.හෙලෙන් ලීච් මෙම ගෙවතු වල ඓතිහාසික රටා අධයනය කල පුද්ගලයෙකි.අලංකරණය සහ ඖෂධ එකල සිටම පැවතී අැත.අැයගේ අධයයන සදහා ජෝන් ක්ලෝඩියස් ලූඩන් ලියූ පොත්ද උපකාර වී අැත.

ලූඩන් ඔක්ස්වර්ඩ්ශයහි අැති "මහා ටිව්" ඉඩම්කඩම් වල ගොවියන් ගේ උයන් නිර්මාණය කිරීමට දායක විය.ඒවා වාස්තු විද්‍යාත්මක තත්ත්වය අතින් ඉහලය.

යෝමන් කුටි පදිංචි කරුවන් මීවද, වටිනා පශුසම්පත්, ළිං සහ ඌරුමඩුද පවත්වාගෙන ගියහ.පුරාතන කාලයේදී කුලී ගොවියන් ඖෂධ පැලෑටි වැවුයේ ඒවායේ අැති ලස්සනට වඩා බෙභෙත් පිළිබඳ වූ ගුණය ගැන සිතාය.එමෙන්ම ඔවුන් මස් වර්ග අනුභව කිරීමටද උනන්දු වූහ.එළිසබෙන් සමයේ සෞභාග්‍යය සපිරි නිසා මල් වැවීමට තවදුරටත් ඉඩ ලැබී තිබිනි. පලිබෝධකයන් ඉවත් වීම සදහා වයලට් මල් වැවීම මුල් කාලයේ සිදු කර තිබිනි.කැලෙන්ඩ්යුලා සහ ප්‍රිම් රෝස් මල් ආකර්ශණය සදහා මෙන්ම ඉහුම් පිහුම් සදහාද යොදා ගැනිනි.ස්වීට් විලියම් සහ හොලි හොක්ස් මල් වර්ග අලංකාරය සදහාම වගා කරන ලදී.

ප්‍රවර්ධනය සංස්කරණය

අවිධිමත් ආකාරයට කුටි ගෙවතු නිර්මාණය කිරීම බි‍්‍රතාන්‍යයයේදී ඇරඹ්නි.අැලෙක්සන්ඩර් පෝප් මෙවැනි අවිධිමත් කුටි ගෙවතු නිර්මණයන්ගේ මුල්ම යෝජකයෙක් විය.ඔහු එ කාලයේදී පුවත්පත් වල ඉතා සරල ගෙවතු සෙවීමට ලිපි පළ කලේය.

තවත් එවැනි කතෟවරුන් අතර ජෝසප් අැඩිසන් සහ ලෝඩ් ශාෆ්ටස්බරි සිටී.කුටි ගෙවතු වල පරිණාමය පිළිබදව සොයා බැලීමට "The Cottage Gardener " (1848–61) ඉවහල් වනු අැත.

කුටි ගෙවතු පිලිබද තවත් පොත්: විලියම් රොබින්සන් විලියම් රොබින්සන් විසින් රචිත "The Wild Garden"(1870)-ඔහු මෙහිදී යම් කර අැති කියුමක් වන්නේ "මේවායෙන් අපිට ගත හැකි එක පාඩමකි.කෙනෙකුට කුඩා දේ වලින් විශාල ආස්වදයක් ලබා ගත හැකි වේ." යන්නයි. ජෙකිල් විසින් රචිත "Colour in the Flower Garden "(1908)-මෙය තවමත් මුද්‍රණය වෙමින් පවතී.

 
ගට්‍රුඩ් ජෙකිල් මේන නිවස,අප්ටන් ග්‍රේ, හෑම්ප්ශයර්.

රොබින්සන් සහ ජෙකිල් චිත්‍ර සහ ශිල්ප ව්‍යාපාරය වෙත වැඩ කරන ලදී. චිත්‍ර සහ ශිල්ප ප්‍රදර්ශනය 1888 දී පරිපූර්න ස්වභාවික කුටි ගෙවතු සදහා කටයුතු කරන ලදී.රොබින්සන් සහ ජෙකිල් ගේ රටා වලට විලියම් මොරිස් ගෙන්ද විශාල ආභාශයක් ලැබී ඇත.විලියම් මොරිස් චිත්‍ර සහ ශිල්ප ගමනෙහි නායකයා විය.රොබින්සන් මොරිස් ගේ ගෙවතු පැළැටි අතුරන ආකාරයට කැමති විය.ජෙකිල් මොරිස් ගේ උයන් වලට ස්වභාධර්මය ලගා කර ගැනීම තෝරා ගත්තේය.

මොරිස් ඔහුගේ රතු නිවස "කෙන්ට්" වල තැනීය.එය අලුතින් ගෘහ නිර්මාණ ශිල්පය සහ ගෙවතු වගාව සදහා අදහස් එක් කරන සුළු විය.පරණ කාලයේ ගෙවතු මෙම කාලයේ බ්‍රිතානයය මධයම පන්තියේ විලාසිතාවක් බවට පත් වූ අතර කුටි ගෙවතු ඇමරිකාවේ ජනප්‍රිය විය.

නූතන කාලය සංස්කරණය

20 වන ශත වර්ශයේ මුල් භාගයේ කුටි ගෙවතු යන නාමය විශාල සහ නවීනතම නිවෙස් වලටද අදාල යැයි සිතිය හැකි විය.උදාහරණයක් ලෙස හිඩ්කොට් මේනර් නිවස විටා සැක්විල් විසින් ඉතාම සුපිරි ගණයේ කුටි ගෙවත්තක් ලෙස හදුන්වන ලදී.ජනප්‍රිය "රෙඩ් බෝඩර්ස්" වල මෙන් මෙම කුටි ගෙවත්තේ පැහැය ඇත.

"සැක්විල් වෙස්ට්" මේවාට සමාන අකාරයේ කුටි ගෙවතු අනුකරණය කලාය.ඇයගේ අදහසට අනුව කුටි ගෙවත්තක් යනු පැළ වර්ග එක් එක් තැන් වල වැවී ඇති, විවිධාකාර මල් වර්ග අතර රෝස මල්ද ඇති, එක් එක් තැන් වලින් වැල් වර්ග පැළ වී ඇති අවිධිමත් නිවහනකි. කුටි ගෙවතු පිළිබද උනන්දු වූ චිත්‍ර ශිල්පීන් අතර හෙලන් ඇලින්ග්නම් (1848–1926),මාජරි ෆිශ් (1892–1969) අයත් වේ. මාජරි ෆිශ් ගේ ගෙවත්ත "ලැම්බ්‍රූක් මනර්" වල පිහිටා ඇත.

ප්‍රංශයේ ඇති කුටි ගෙවතු, 20 වන ශත වර්ශයේ තිබු ඒවායේ, වැඩි දියුනු කල ඒවා ලෙස දැකිය හැක.උදාහරණයක් ලෙස මොනෙට් ගේ උයනේ ගිවර්නි කිව හැක.මෙහි වතුර පිරි කුඩා ජලාශද දැක ගත හැක.නවීන කාලයේ කුටි ගෙවතු යන නාමය අක්‍රමික උයන් රටා හැදින්වීමේදී භාවිතා විනි.(පැළ වර්ග සහ මෝස්තරය මේවායේ වෙනස් විය) උදා:කැලිෆෝනියාවේ චැපරල් කුටි ගෙවතු


සැලසුම් නිර්මාණය සංස්කරණය

පරණ තාලයේ කුටි ගෙවතු කුටිය වටා තැනී තිබුනද බොහෝ ගෙවතු නිවෙස් වටා සහ වතු වටා තැනිනි. කුටි ගෙවතු නිර්මාණ ගෙතී තිබුනේ යම්කිසි පිළිවෙලකට වඩා මූලධර්ම මතය.එහි ඇත්තේ අවිධිමත් ස්වරුපයකි.මල්, පැළැටි,එළවලු වර්ග ආදිය කුඩා ඉඩ ප්‍රමාණයක වවා ගෙන තිබිනි.

මේ සියල්ලම අභිබවා කුටි ගෙවතු වල ආකර්ෂණය ඇති කරන සුලු විධිමත් බවක්ද දැනේ.මේවා බොහෝ විට පිළිවෙළක් නැති ආකාරයෙන් තැනේ.අක්‍රමික ලෙස විවිධ දේ විවිධ තැන්වල ඇත.ගෙවත්තේ දාර කුටිය කරාම ගොස් ඇති අවස්ථාද ඇත. මුළුමනින්ම බලන විට එලවලු වගා කල යායක මල් වවා ඇති ස්වරූපයක් මේවායේ ඇත.

පැළ වර්ග එක ලග එක වැවීම ඒවාට අවශය වතුර ප්‍රමාණය නොලැබීමට හේතුවක් විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=කුටි_ගෙවත්ත&oldid=305531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි