රසායන විද්‍යාවේදී, කීටෝන (ඇල්කනෝන්) /ˈktn/ ලෙස හඳුන්වන්නේ RC(=O)R' (මෙහි R සහ R' යනු කාබන් අන්තර්ගත විවිධාකාරයේ ආදේශක කණ්ඩ විය හැක) යන අණුක ව්‍යුහයක් සහිත කාබනික සංයෝග වේ. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් (කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්) සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට (උදා: −COOH කාණ්ඩයක් අන්තර්ගත කාබොක්සිලික් අම්ල වල පවතින ආකාරයෙන්) ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි.[1] වර්තමානය වන විට කීටෝන ඉතා විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් බොහොමයක් කීටෝන වර්ග, කර්මාන්ත වලදී සහ ජීව විද්‍යාවේ යෙදීම් වලදී වැදගත් වේ. උදාහරණ ලෙස බොහොමයක් සීනි වර්ග (කීටෝස) සහ කුඩාම කීටෝනය වන ඇසිටෝන් වැනි කර්මාන්තමය වශයෙන් වැදගත් ද්‍රාවක ආදිය දැක්විය හැකිය.

කීටෝන කාණ්ඩය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කීටෝන&oldid=385504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි