කිසයා රාජ වංශය
සිමා ක්වියැං ඉතිහාසඥයාට (ක්‍රි.පු 145 – 90) හා බැම්බු ඇනැල්ස් හි වාර්තා වලට අනුව ක්සියා රාජවංශය ආරම්භ ව අත්තේ වසර 4200 කට ඉහතදීය. නමුත් මෙම දිනය තවම තහවුරු වී නැත. ක්සියාහි ආරම්භයත් සමගම ෂැන්ග් සහ ෂෝවු ජනතාව ක්සියා රාජ වංශය යටතේ පැවතී ඇත. ඔවුන් ක්සියා හි රාජකීය දාසයෝ වූහ. ක්සියා රාජවංශයේ සත්‍ය කාපරිච්ඡේදය ඉදිරිපත් කිරීමට අපහසුය., නමුත් එය වසර 431 කි නැතහොත් වසර 471 කි.
බොහෝ පුරාවිද්‍යාඥයන් දැන් ක්සියා රාජවංශය සම්බන්ධ කැණීම් ඇර්ලිටෝවු හි (මධ්‍යම හෙනාන් පළාතේ) කරති. ඊට හේතුව ක්‍රි. පු. 2000 ට පමණ අයත් ලෝහ උණු කළ මෙවලම් එම දෙපසින් ගොඩනැගීමට හැකිවී තිබීමය. මැටි කර්මාන්තය හා කැබිලිති සම්බන්ධ සලකුණු (මෙම ප්‍රදේශයෙන් සොයාගත්) අනුව ඔවුන් නවීන චීන ජනතාවගේ මුතුන් මිත්තන් බවට සැක කෙරේ. ෂැන්ග්හි පේන කීමට භාවිතා කළ ඇට කටු හෝ ෂෝවු ලෝකඩ බදුන් වල කළ ලේඛන අනුව ක්සියා යුගය ගැන සුළු තොරතුරු අණාවරණය වී ඇත.
ෂැන්ග් රාජවංශය
කහ ගංඟා මිටියාවතෙන් සොයා ගන්නා ලද ෂැන්ග් යුගයට අයත් උසස් සමාජ වල නටඹුන්
චීනයේ ඉතිහාසය ගැන ලියවුණු මුල්ම වාර්තා ෂැන්ග් රාජ කාලයේදී එනම් ක්‍රි.පු 13 වන සියවසේදී ලියවී ඇත. ඒවා ලියවී තිබුණේ සත්ව කටු වල හෝ අස්ථි වල ශිලා ලේඛන ලෙසයි. ඒවා නිමිති කියන ඇට කටු ලෙස හැදින්වේ. ක්‍රි.පු. 1600 – 1046 ශත වර්ෂයේදී ෂැන්ග් රාජවංශයේ පැවැත්ම ගැන කියවෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් කොටස් 2 කි. මුල් කොටස අයත් වන්නේ පුර්ව ෂැන්ග් යුගය (ක්‍රි.පු 1600 – 1300 ශ. ව) ට වන අතර එම ද්‍රව්‍ය සොයා ගන්නා ලද්දේ අර්ට්ලිගෑං, සෙන්ෂොවු සහ ෂැන්ග්චෙන් වලින්ය. දෙවන කොටස අයත් වන්නේ පශ්චාත් ෂැන්ග් හෙවත් යින් යුගයට වන අතර ඒවායේ නිමිති කියන ඇටකටු වල කළ ලේඛන විශාල ලෙස කර ඇත. ෂැන්ග් හි අග නගර නවය අතුරින් අන්තිම අගනගරය වුයේ අන්යන්ග් (වර්තමානයේ හෙනන්) වු අතර එම කාලය ක්‍රි.පු. 1300 – 1046 ශ. ව. දක්වාය. ෂැන්ග් රාජ වංශය යටතේ ෂැන්ග් ටැංග් ගෙන් පටන් ගෙන ෂැන්ග් ෂෝවු රජු දක්වා රජවරු 31 රජකම් කළහ; චීන ඉතිහාසයේ දිගම රාජ වංශය වුයේ මෙයය. මහා ඉතිහාසඥ වාර්තා ප්‍රකාශ කර සිටින්නේ ෂැන්ග් රාජ වංශය තම අග නගරය හයක් මාරු කරන ද බවය. ක්‍රි.පු. 1350 දී යින් වෙන සිදු වු , අවසානම සහ වඩාත්ම වැදගත් මාරුව, රාජවංශයේ ස්වර්ණමය යුගය ඇතිවීමට පෙරමුණ ගති. යින් රාජවංශයේ කාය ඉතිහාසයේ ෂැන්ග් රාජවංශය සමග තුල්‍යාථික වී ඇත. නමුත් එය විශේෂයෙන් සදහන් වුයේ ෂැන්ග් රාජ වංශයේ පසු කාලයේදීය.
පසු කාලීන චීන ඉතිහාසඥවරු කීමට පුරුදුව සිටියේ එක් රාජවංශයකට පසු තවත් රාජ වංශයක් වශයෙන් පැවත එන්නේ යැයි කියන මතය ය. නමුත් අතීත චීනය තුළ සත්‍ය දේශපාලනික තත්වය මීට වඩා බොහෝ සංකිර්ණ එකක් වු බව අසන්නට ලැබේ. මේ නිසා, සමහර චීන උගතුන් ප්‍රකාශ කරන පරිදි ක්සියා හා ෂැන්ග් රාජ වංශ සමකාලීනව පැවති දේශපාලනික වස්තූන් බීජයන් වීමට හැක. එය හරියට පුර්ව ෂෝවු රාජවංශය (ෂැන්ග් රාජ වංශයෙන් පසු පදවියට පැමිණි ආණුඩුව), ෂැන්ග් රාජවංශයේ පැවති කාලයේම පැවතියැයි කියන්නාක් වැනිය.
ඇන්යෑංග් වලින් සොයා ගන්නා ලද ලේඛන ගත වාර්තා, ෂැන්ග් රාජවංශයේ පැවැත්ම තහවුරු කරයි. උදාහරණයක් වශයෙන් සැන්ෂින්ඩුයි හි කරන ලද පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් වලින් අන්යාන්ග් වල නොපැවති තාක්ෂණයෙන් උසස් ශිෂ්ඨාචාරයක් ගැන පැහැදිලි වේ. ෂැන්ග් රාජවංශය අන්යාන්හි සිට කොපමණ දුරකට විහිදී තිබුණ ද යන්න සැපයීමට තරම් සාක්ෂි ප්‍රබල නැත. ප්‍රබලම තර්ක මාත්‍රය වන්නේ, නිල ඉතිහාසයේ ෂැන්ග් රාජ වංශය විසින්ම පාලනය කරන ලද අන්යාන්ග් නගරය, ප්‍රදේශයේ වෙනත් බොහෝ නානාප්‍රකාර සංස්කෘතික ජනාවාස සමග සමකාලීනව පැවතුණු අතර ඔවුනොවුන් අතර වෙළදාමද සිද්ධ වුණු බවය.