කියුබානු ගිනි තැපීම

කියුබානු ගිනි තැපීම[1] (ස්පාඤ්ඤ: el "deshielo" cubano-estadounidense[2][3]) යනු, කියුබානු–එක්සත් ජනපද සබඳතා පිළිබඳ පැවති සීතන තත්ත්වයෙන් මිදීමට උණුසුම් කිරීම, 2014 දෙසැම්බරයෙහි ඇරඹුනු ඓතිහාසික අවස්ථාවයි.

2014 දෙසැම්බර් 17 දිනදී, එ.ජ. ජනාධිපති බරාක් ඔබාමා සහ කියුබානු ජනාධිපති රවුල් කස්ත්‍රෝ විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, කියුබාව සහ එක්සත් ජනපදය අතර සබඳතා සාමාන්‍යකරණයෙහි ක්‍රියාවලිය අරඹා ඇති බවය. පුරෝගාමී මාස කිහිපය තුලදී, සාමාන්‍යකරණ එකඟතාවය රහසේ ප්‍රමන්ත්‍රණය කෙරුනේ, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උපකාර සහිතවය. කැනඩාවෙහි සහ වතිකානු පුරයෙහි රැස්වීම් පැවැත්විණි.[4] මෙම එකඟතාවය තුලින්, සමහරක් එ.ජ. සංචාරක පරිසීමාවන් ඉවත් කිරීම, ප්‍රේෂණයන් පිළිබඳ අඩු පරිසීමාවන්, කියුබානු මූල්‍ය පද්ධතියට එ.ජ. බැංකුවල ප්‍රවේශය මෙන්ම,[5] එසෝසස සමග කියුබාවේ සමීප සන්ධානය ඇරඹීමත් හා සමගම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමත් සමගම 1961 වසරෙහිදී වසා දැමුණු හවානා සහ වොෂිංටන් තානාපති කාර්යාල යළි විවෘත කිරීම වැනි දේ සිදු විය හැක.[6][7]

ආශ්‍රිත සංස්කරණය

  1. පාකර්, කේ. ක්වින්සි (ජනවාරි 8, 2015). "කරිකොම් ලෝන්චස් ෆයිව් -ඉයර් ප්ලෑන්". ද නසෝ ගාඩියන්. http://www.thenassauguardian.com/bahamas-business/40-bahamas-business/52862-caricom-launches-five-year-plan. "ක්‍රිස්ටි විසින් කතා කල මෙම යළි මිත්‍රවීම 'ද කියුබන් තෝ' (කියුබානු ගිනි තැපීම) ලෙසින් හැඳින්විණි." 
  2. "Se inicia la Cumbre con la mira puesta en el 'deshielo' cubano-estadounidense" (es බසින්). Télam. අප්‍රේල් 10, 2015. http://www.telam.com.ar/notas/201504/100923-cumbre-de-las-americas-panama.html. 
  3. Reyes Uschinsky, Carla (ජනවාරි 28, 2015). "Dos mujeres diplomáticas dirigen las negociaciones en el deshielo cubano" (es බසින්). Mundario. http://www.mundiario.com/articulo/sociedad/mujeres-diplomaticas-dirigen-negociaciones-deshielo-cubano/20150128151341026511.html. 
  4. නඩූ, බාබි ලැට්සා (දෙසැම්බර් 17, 2014). "ද පෝප්ස් ඩිප්ලොමටික් මිරකල්: එන්ඩින් ද යූ.එස්.–කියුබා කෝල්ඩ් වෝ". ද ඩේලි බීස්ට්. http://www.thedailybeast.com/articles/2014/12/17/the-pope-s-diplomatic-miracle-ending-the-u-s-cuba-cold-war.html. 
  5. ටෙනන්බෝම්, ඩැනියල්; ස්ටෝක්ස්, ඇම්බර් (දෙසැම්බර් 18, 2014). "කී පොයින්ට්ස් ෆ්‍රොම් ද ප්‍රසිඩන්ට්ස් අනවුන්ස්මන්ට් ඔන් කියුබා සැන්ක්ෂන්ස්" (PDF). ෆර්ස්ට් ටේක්. PwC Financial Services Regulatory Practice. {{cite web}}: Unknown parameter |last-author-amp= ignored (help)
  6. කීන්, ඇන්ජෙලා ග්‍රයිලිං; ඩෝනිං, මයික් (දෙසැම්බර් 17, 2014). "කියුබාස් හාෆ් සෙන්චරි අයිසොලේෂන් ටු එන්ඩ්". බ්ලූම්ස්බර්ග් නිවුස්. http://www.bloomberg.com/news/2014-12-17/obama-to-announce-u-s-cuba-relations-shift-as-gross-is-released.html. 
  7. බේකර්, පීටර් (දෙසැම්බර් 18, 2014). "ඔබාමා අනවුන්සර්ස් යූ.එස්. ඇන්ඩ් කියුබා විල් රිසියුම් රිලේෂන්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2014/12/18/world/americas/us-cuba-relations.html. 
"https://si.wikipedia.org/w/index.php?title=කියුබානු_ගිනි_තැපීම&oldid=332984" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි