සබරගමුව පළාතේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්‍‍තොට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සංචාරක පුරවරයක් වන කිතුල්ගල නගරයේ සිට මීටර් 200 ක් පමණ මල්වත්ත දෙසට වන්නට පිහිටා ඇත. 2012 දෙසැම්බර් මස 03 දින ආරම්භ කරන ලද මෙම නැණසල ප්‍ර‍දේශයටම ඇති එකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයයි. ප්‍රදේශවාසින් හා අවට පාසැල් සිසුන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීම හා තොරතුරු තාක්ෂණ සේවාවන් සැපයීම අපගේ මූලික අරමුණයි. වසරකට සිසුන් 200 කට පමණ පරිගණක දැනුම ලබාදෙන අප ආයතනයේ පාසැල් සිසුන් සහ රැතියා නියුක්තිකයන් සඳහා ද වෙන වෙනම පාඨමාලා පැවැත්වේ.

ඉන්ටෙල් ආයතනය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් මෙහෙයවනු ලබන ඉන්ටෙල් ඊසි ස්ටෙප්ස් වැඩමුළුව අප ආයතනය මගින් ක්‍රියාත්මක තවත් සුවිශේෂි වැඩසටහනකි.

"https://si.wikipedia.org/w/index.php?title=කිතුල්ගල_නැණසල&oldid=470169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි